කැලණියේ දුරුතු පූජෝත්සවයට පිරිත් දේශනාව ඇරඹේ
ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය පසුගිය
ඔක්තෝබර් 29 වනදා ඇරැඹුණු අතර ජනවාරි 13 වනදා දක්වා එය පැවැත්වේ.
ඔක්තෝබර් 29 වනදා සිට ජනවාරි 4 වනදා දක්වා දිනපතා රාත්‍රී 7-8 දක්වා ධර්මදේශනා
මාලාවක් පැවැත්විණි.
ජනවාරි 5 වනදා සිට ජනවාරි 8 වනදා දක්වා පරිත්‍රාණධර්ම දේශනා පැවැත්වේ.
ජනවාරි 9 වනදා රාත්‍රී 8.30 ට උඩමළුවේ පෙරහර සහ ජනවාරි 10 වනදා රාත්‍රී 8.30 දෙවැනි
වීථි පෙරහර සහ ජනවාරි 11 වනදා රාත්‍රී 8.30 ට මහ පෙරහර ආරම්භ කෙරේ.
ඉතිරිය»
කප්රුක් පූජාවක් සහිත ගිරි භණ්ඩ පූජාවක්
ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම මිහින්තලා මහා සෑයට
සිදුකෙරෙන කප්රුක් පූජාව මිහින්තලා රාජමහා විහාරාධිපති, වළවාහැංගුණවැවේ ධම්මරතන
නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි දුරුතු පෝදා ද පැවැත්වේ. 2017 ජනවාරි 12
දුරුතු පුරපසළොස්වක පොහෝ දින එම පින්කම ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ හිරියාල
හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු
කිරීමට කටයුතු යොදා ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නොවැඩුණ සිත
දමනයට
ක්‍රම පහක්
‘අපරිපක්කාය මේඝිය චේතෝ විමුක්තියා පඤ්චධම්මා පරිපක්කාය සංවත්තන්ති”.......
ධර්ම දේශනාව සඳහා තෝරා ගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මේඝිය සූත්‍රයයි.
තථාගතයන් වහන්සේ චාලිකා නගර සමීපයෙහි වූ චාරිකා පර්වතයෙහි වැඩවසන සමයක උපස්ථායක
වූයේ ආයුෂ්මත් මේඝිය ස්වාමීන් වහන්සේය.
දිනක් මේඝිය තෙරුන් බුදුන් වහන්සේ වැඳ ජන්තුග්‍රාමයට පිණ්ඩපාතය සඳහා වැඩමකරවීමට
අවසර ඉල්ලීය. බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. ඡන්තු ග්‍රාමයට පිඬුසිඟා වැඩිය
මේඝිය තෙරුන් දවල් දානයෙන් පසු කිමිකාලා නම් නදිය අසල සක්මන් කරමින් සිටියේය. මේ
අවස්ථාවේ රමණීය වූ අඹවනයක් උන්වහන්සේට දක්නට ලැබුණි. මෙම රමණීය අඹ වනය දුටු මේඝිය
හිමියන්ට මෙසේ අදහසක් ඇති වුණි.
මේ අඹවනය ප්‍රසාද වෙයි. රමණීයයි. මෙය පධන්වීය¸ වඩනු කැමති කුලපුත්‍රයෙකුට ඉතා
සුදුසුයි. බුදුරදුන් අවසර දෙන්නේ නම් පධන් වීය¸ සඳහා මම මේ අඹවනයට එන්නෙමි”යි සිතා
බුදුරදුන් හමුවීමට ගියේය.
බුදුසිරිපා වැඳ තමන්වහන්සේගේ සිතට ආ කාරණය කියා සිටියේය. මේ අවස්ථාවේ බුදුරදුන්
ලබාදෙන පිළිතුර අනුවයි. මේඝිය හිමියන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වන්නේ.
ඉතිරිය» මිනිස් සිත කියවූ ජාතක කතා
පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත. එමෙන්ම සෑම මිනිසෙකුටම අදාළ නොවෙන ඒ
ඒ මිනිසාට පමණක් අදාළ වන බොහෝ දෑ ඇත. එකී දෑ පිළිබඳව අඳුරු අහුමුළු කරා සියුම් ආලෝක
ධාරාවක් යවමින් ආශ්වාදනීය මනෝවිශ්ලේෂණයක යෙදීමට සමත්වීම අතිශයින්ම ප්‍රශස්ත වේ.
කුරුණෑගල සාහිත්‍ය යුගයට අයත් ජාතක පොත් වහන්සේ බහු කර්තෘ කෘතියකි. ඒ බව ජාතක පොතේ
රචනා රීතියත්, භාෂා ව්‍යවහාරයත්, අන්තර්ගතයත් අධ්‍යයනය කිරීමේදී මනාව පැහැදිලි වේ.
එහි, මිනිස් ජීවිතවල සංකීර්ණ මනෝභාවයන් සියුම් ලෙස විශ්ලේෂණය කිරීමට ගෙන ඇති
උත්සාහය ලෝක ප්‍රකට පඬිවරුන්ගේ පවා අවධානයට යොමු වී ඇත.
මිනිසාගේ ප්‍රකෘති ස්වභාවය හෙවත් අමු (ගෝත්‍රික) මිනිසාගේ මනෝමය හැසිරීම් ජාතක
කතාකරුවන් ග්‍රහණය කොට ඇත්තේ අපගේ තර්කඥානයට හසු නොවන ආකාරයටය. ස්ත්‍රිය පිළිබඳ
දෘෂ්ටිවාදය මත පිහිටා ඇතැම් කතා ගොඩනගා තිබුණ ද සමහර කතා මගින් ස්ත්‍රිය පිළිබඳ
දෘෂ්ටිවාදය නිර්දය ලෙස බිඳ දමා ඇත. පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත.
ඉතිරිය» |