මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව උඳුවප් පෝදා
මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම සෑම පුර පසළොස්වක පෝදාකම සිදුකෙරෙන අතර
උඳුවප් පෝදාද මෙම කප්රුක් පූජාව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණ
වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් පැවැත්වේ. පෝදා
සවස 2.30 ට මිහින්තලේ සාංචිවිහාරය අසලින් කප්රුක් පූජා පෙරහර ආරම්භවේ.බද්දේගම වවුලාගල ශ්‍රී ශෛලකූඨාරාම පුරාණ ගල්ලෙන් විහාරාධිපති ගෝනාපීනුවල මේධානන්ද
හිමියන්ගේ මෙහෙයවීමෙන් සංඝමිත්තා තෙරණියට කළගුණ සළකමු වනමල් පුදමු පදනම
මූලිකත්වයෙන් චන්ද්‍ර පොන්සේකා (ගුරුමහතා) විජේසිරි පෙරේරා, භද්‍රවානගුරු, (මෑණියෝ)
ගෝනාපීනුවල ශි‍්‍රයාලතා පෙරේරා, කුමුදුනී විජේනායක, පි‍්‍රන්සි රණසිංහ, දිනුෂි
කුරේ, දයා කල්පගේ, සෝමා හෙට්ටිආරච්චි, ශි‍්‍රයානි කොඩිතුවක්කු මහත්ම මහත්මීන්ගේ සහ
කංචුක පූජාව කිරිවැල්දොල පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පියනන්ද සමාජ සේවා
පදනම වැල්ලවත්ත, අනුග්‍රහයෙන් සිදු කෙරේ. සඟමිත් පූජෝපහාර පැවැත්වීම 13 වන දා පෙ.ව.
8 ට අනුරාධපුර සංඝමිත්තාරාමයේ දී හා ථූපාරාමය අසලදී පැවැත්වේ.
ඉතිරිය»
ගංගොඩවිල සෝම හිමි සමරා අනුරාධපුරයේ දී පින්කම්
අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් ගේ දහතුන් (13) වන ගුණානුස්මරණය නිමිත්තෙන්
මහරගම සමාධි වන්දනා පදනම සංවිධානය කරන පුණ්‍යෙීත්සවය දෙසැම්බර් 10 – 11 යන දිනයන්හි
ඓතිහාසික අනුරාධපුර මහ මෙවුනා උයනේ දී පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම
සිරිනිවාස නාහිමි. අභයගිරි විහාරාධිකාරී කල්ලංචියේ රතනසිරි නාහිමිවරුන් ප්‍රධාන
අටමස්ථානයට අයත් විහාරාධිකාරී හිමිවරුන්ගේ ආශීර්වාදය තුළින් එම පින්කම පැවැත්වේ.
දෙසැම්බර් 10 දින පස්වරු 4.00 සිට 10.00 දක්වා අලුත්ඔය සද්ධාතිස්ස හිමියන් මෙහෙයවන
බුද්ධ වන්දනා වැඩසටහන ද දෙසැම්බර් 11 දින මහ බෝ සමිඳුන්ට අලුයම කිරිපිඬු පූජා කිරීම
හා එදින හීල් දානය හා දවල් දානය පිරිනැමීම සිදු කෙරේ. කිරිපිඬු රැගත් පෙරහර
සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ සිට මහ බෝ සෙවන වෙතට ගමන් කරවන අතර දවල් සහ
හීල්දානය සාරානන්ද පිරිවෙන් ස්ථානයේ දී භික්ෂු භික්ෂුණීන් පන්සියය (500) ක්
වෙනුවෙන් පිරිනමනු ඇතැයි සමාධි වන්දනා පදනමේ ලේකම් එච්.ඒ. ප්‍රසන්න පෙරේරා මහතා
කීය.
ඉතිරිය»
චතුරාර්ය සත්‍ය ධර්මය
අවබෝධය කරා යාමට
බලපාන ආවරණ
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීම සඳහා බලපානු ලබන දුෂ්කරතා කුමක්ද? යන්න පිළිබඳව
අවබෝධකර ගත යුතුයි. දුෂ්කරතා හඳුනාගැනීම තුළ එම අවබෝධය කරා ප්‍රමාදයෙන් තොරව ගමන්
කිරීමේ හැකියාව ලැබෙයි. සංයුක්ත නිකායෙහි අන්තර්ගතව ඇති ආවරණ නම් සූත්‍රය තුළ අපට
අවබෝධය කරා යාමට තිබෙන ගමන ආවරණය කරන කරුණු හයක් පවතින බවට බුදුරජාණන් වහන්සේ වදාරා
ඇත.
සමහර කර්ම අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අහිමිකර දමයි. උදාහරණයක් ලෙස සංසාරය තුළ
ගමන් කරන ගමනේදී කවදා හෝ දවසක ආනන්තරීය පාපකර්මයක් සිදුකොට තිබෙනවා නම්, හෝ සිදුකළ
හොත් එම ආනන්තරීය පාපකර්මවල ස්වභාවයට අනුව කිසිඳු ඉඩහසරක් නොමැතිව අඛණ්ඩව විපාක
දෙනු ලබයි. අතොරක් නොමැතිව එහි ආදීනවයන් වරින් වර අපට ලැබෙයි.අතොරක් නොමැතිව
කර්මයක් ප්‍රතිවිපාක දෙන විට අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අප තුළින් ගිලිහී යාමට
තිබෙන අවකාශය වැඩි වෙයි.
ඉතිරිය»
දුමින්දාගමනයේ
සංස්කෘතික විප්ලවය
ශ්‍රී ලංකාද්වීපයේ ඉතිහාසය වෙනස් කරමින් නව මඟකට යොමු කළ ඓතිහාසික සිදුවීම් තුනක්
පැහැදිලිව හඳුනාගත හැකිය. එයින් පළමුවැන්න ක්‍රි.පූ. හයවැනි සියවසේ දී සිදු වූ
‘විජයාගමනයයි’ එහිදී උතුරු දඹදිව ‘ලාට’ නම් රටෙහි සිට විජය කුමාරයා ප්‍රධාන සත්
සියයක් පිරිස ශ්‍රී ලංකාද්වීපයට පැමිණියහ. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ විශාලතම
ජන සංක්‍රමණය එය විය. වංශකතාවලට අනුව මෙරට සිංහල ජාතියේ ආරම්භය විජයාගමනයයි.
දෙවැනි ඓතිහාසික සිදුවීම ක්‍රි.පූ. 236 දී සිදුවූ ‘මහින්දාගමනය’යි අනුබුදු මිහිඳු
මහ රහතන් වහන්සේ දඹදිව සිට වැඩම කර, නිර්මල බුදුදහම, මෙරටට නිල වශයෙන් හඳුන්වාදීම
එහිදී සිදුවිය. එතෙක් මෙරට බිහි වී වැඩෙමින් තිබුණු සිංහල සංස්කෘතිය ‘සිංහල බෞද්ධ
සංස්කෘතිය’ බවට පත් වූයේ එමඟිනි. විද්වතුන්ට අනුව පසුකාලයක ලෝකයේ ශ්‍රේෂ්ඨ
සංස්කෘතියක් බවට පත්වූයේ එම සිංහල බෞද්ධ සංස්කෘතියයි.
ඉතිරිය»
කාන්තා පැවිද්දේ
අතීතය සහ වර්තමානය
ථෙරවාද බෞද්ධ දර්ශනය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ මිහිඳු මහ රහතන්
වහන්සේ විසිනි. මේ සම්බන්ධ විස්තර දීපවංශය, මහාවංශය, චූලවංශය යන වංශ කථා වලින් සහ
චීන මූලාශ්‍ර වලින් දැක්වේ. චීන මූලාශ්‍රයන් වැදගත් වන්නේ ක්‍රි.ව. පස්වන සියවස
කාලයේදි චීනයේ භික්ෂුණී ශාසනය ස්ථාපිත කිරීමට අදාළ ඉතිහාසය අතින් පමණක් නොව,
ඉතිරිය»
|