UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඳුවප් පොහොයයි මෙහෙණි සස්නයි

උඳුවප් පොහොයයි මෙහෙණි සස්නයි

දෙසැම්බර් මාසය තමයි උඳුවප් කියලා කියන්නේ ඒ මාසේ පසළොස්වක පෝය අපට ශාසනික වශයෙන් බොහෝ වැදගත් වෙනවා. එයට හේතුව ලංකාවේ වේගවත් සංවර්ධනයකට අඩිතාලම වැටුනේ ඒ පොහෝ දිනයේ වීමයි.

දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දියණිය සංඝමිත්තා රහත් තෙරණිය (මිහිඳු මහ රහතන් වහන්සේගේ නැගණිය) ලංකාවට වැඩම වීමත්, එතුමිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමත් දහ අට කුලයකට අයත් පිරිසක් ලංකාවට පැමිණීමත් සිදුවූයේ උඳුවප් පුර පෝදාය.

වැව් බැඳි රාජ්‍ය, රජරට අනුරාධපුරය ගැන මතක් කරන විටත් බෞද්ධ වූ අපට ඇතිවන්නේ පුදුම සතුටකි. ඒ ඉහත සඳහන් කරුණු නිරායාසයෙන්ම මතකයට නැඟෙන නිසාය. එසේම ලංකා මෙහෙණි සස්න ගැන කතා කරනවිට ලාංකික කාන්තාවනට ඇතිවන්නේ ද කිව නොහැකි සතුටකි. ඒ කාන්තාවන්ට පැවිදිබව ලැබුණු නිසාය. සිද්ධාර්ථ කුමාරයා මෙලොව උපත ලබන විට භාරතීය සමාජයේ විවිධ බෙදීම් දක්නට ලැබුණි. ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය ,වෛශ්‍ය, ක්ෂුද්‍ර ලෙස මුළුමහත් සමාජයම කොටස් සතරකට බෙදා තිබුණි. ඒ ක්‍රමය තුළ කාන්තාවන්ට ඉතා අසරණ තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. කුස්සියට හිරකර තිබූ ඇයගේ නිදහස සීමා වී තිබුණි. ආගමික කටයුතුවල යෙදීමට

අවස්ථා නැතිවිය. රැකියාවකට එළියට යාමක් තිබුණේම නැත. ඒ නිසා ස්ත්‍රියක්ව ඉපදීම ලොකුම අවාසනාවක් ලෙස ඔවුහු කල්පනා කළහ.

“ධීතු’ සුත්‍රයේ දී මේ පිළිබඳ තොරතුරු දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට මෙලෙස දේශනා කර ඇත. “රජතුමනි ඇතැම් ස්ත්‍රියක් ශ්‍රේෂ්ඨයි.” එනිසා ඇය පෝෂණය කරන්න. නුවණැති, සිල්වත්, නැන්දා මාමා දෙවිකොට වෙසෙන, පතිවත රකින යම් ස්ත්‍රියක් වේද, රජතුමනි ඇයට පුතෙක් උපදීද, හෙතෙම දක්ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුතා රාජ්‍ය අනුශාසක කෙරෙයි.

කාන්තාව අතිශයින් දුකට පත්වූ අවස්ථාවකදීයි. බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට නිදහස ලබාදුන්නේ. වෙනත් කිසිදු ආගමකින් මෙතරම් නිදහසක් කාන්තාවන්ට ලබාදුන්නේ නැත.

සඟමිත් තෙරණිය වැඩමවනවිට සෝමා, අර්ගමිත්තා, පබ්බතා, ධම්මදාමී ආදි භික්ෂුණින් වහන්සේලා එකොළොස් නමක් ලංකාවට වැඩම වීමට සූදානම් වූ අවස්ථාවේ ධර්මාශෝක රජතුමා ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම වන්නට සියලු කටයුතු සූදානම් කළහ. උඳුවප් පුර පසළොස්වක පොහෝදා ලක්දිව දඹකොළ පටුනට ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සමඟ පැමිණියහ.

දෙවන පෑතිස් රජතුමා දඹකොළපටුනේ සිට ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිඅරගෙන දහඅට ශ්‍රේණියට අයිති රාජකීය දූත පිරිසද කැටුව රාජ්‍ය ගෞරව සහිතව පෙරහරින් අනුරාධපුර මහමෙව්නා උයනට කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකාවේ පමණයි උඳුවප් පොහෝ දින වැඩම කළ පැරණිම ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින්නේ. ඒ අනුව භික්ෂුණී ශාසනය පිහිටුවීමත්, ප්‍රථම ආරාම ඇතිවීමත්, දහඅට කුලයකට අයිති පිරිස පැමිණීමත් යන මේ සුවිශේෂි කරුණු නිසා උඳුවප් පොහෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධ අපට සතුටකි. ගෞරවයකි.

 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා පූර්ව භාග 9.16 ට ලබයි.
14 වන දා බදාදා පූර්වභාග 5.35 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වන දා අඟහරුවාදා

 

මීළඟ පෝය දෙසැම්බර් 21 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]