UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්ද? යන්න ලොව හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ පා සටහනෙහි මංගල ලක්ෂණ දුටු ‘ද්‍රෝණ’ නම් එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේය. “ඔබ දෙවි කෙනෙක්ද? නැත බ්‍රාහ්මණය, මම දෙවි කෙනෙක් නොවෙමි.

එසේ නම් ඔබ ගාන්ධර්වයෙක්ද?
නැත බ්‍රාහ්මණය, මම ගාන්ධර්වයෙක්ද නොවෙමි.
එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක්ද?
නැත බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක්ද නොවෙමි.
දෙවියෙකුද, ගාන්ධර්වයෙකු, යක්ෂයෙකු හෝ මනුෂ්‍යයෙකු වශයෙන් සසරේ උපදින්නට හේතුවන කරුණු සියල්ල තමා සිඳ දැමූ බව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ,

නෙත් ඈත මනහර පියුමක් දියෙහි පිපුනත් දියෙහි නො ගැටී දිය මත පියකරුව බබළන මෙන් දිනු මුත් ලෝ තුළ වසනෙමි ඉන් නො කෙලෙසී බුදු කෙනෙකි. එහෙයින් බමුණ, මා මේ මනුලොව“ යනුවෙන් වදාළහ.

ප්‍රශ්නය– හිමාලය වාසී තවුස් පිරිසක් වෙතින් බුදුරදුන් ලොව පහළව සිටිතියි ඇසූ සිටුවරු තිදෙනෙක් සැපතට පැමිණ බුදුන් වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ. මේ සිටුවරු තිදෙනා කවුද? ඔවුන් විසින් කරවා පුජා කරන ලද ආරාම මොනවාද?

පිළිතුර :– 1.ඝෝෂිත සිටුවරයා – ඝෝෂිතාරාමය
2.කුක්කුට සිටුවරයා – කුක්කුටාරාමය
3.පාවාරික සිටුවරයා – පාවාරික අම්බ වනය

ප්‍රශ්නය :– බොදුනුවෙකු තුළ තිබිය යුතු ඇති කර ගත යුතු ගති ලක්ෂණ බුදුහු මෙසේ වදාළහ.

“අක්කොසං වධ බන්ධංච
අදුට්ඨො යො තිතික්කති
ඛන්ති බලං බලානිකං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණ”

මෙහි සරල අදහස පැහැදිලි කොට මෙම බුද්ධ දේශනාව පැවැත්වීමට හේතුපාදක වූ කරුණ පැහැදිලි කරන්න.

පිළිතුර :–

යම් පුද්ගලයෙක් ගැරහීම, අවමානය, වද වේදනා දීම, හිංසනයට පත් කිරීම ආදි සියල්ල අභියෝගාත්මකව ඉවසීමෙන් ජයග්‍රහණය කරන්නේ ඔහු මහණ බමුණකු වශයෙන් මම සලකමි යනු එම ගාථා පාඨයේ අදහසයි.

හේතු පාදකය – (නිදාන කතාව)

“අක්කෝසක භාරද්වාජ බමුණාගේ සහෝදර භාරද්වාජ බුදුන් වහන්සේ හමුව වාදයකින්” අනතුරුව පැවිදි විය. මෙයට උරණ වූ අක්කෝසක බුදුරදුන් වෙත ගොස් පරුෂ වදනින් පරිභව කළේය. බුදුරජාණන් වහන්සේ අක්කෝසක බමුණාගේ පරිභවය නොසලකා ආහාරපාන දීමෙන් ආගන්තුක සත්කාර කොට තමා වෙත ප්‍රසන්න සිත් ඇත්තකු බවට පත් කර ගත්හ. මේ හේතුවෙන් සුන්දරික භාරද්වාජ, විලිංගික භාරද්වාජ යන බාල සහෝදර දෙපළඳ පැවිදිව රහත් බවට පත් වූහ.

මේ අතර දිනෙක දම්සභා මණ්ඩපයෙහි භික්ෂූන් අතර “ඇවැත්නි බුදුගුණ මහත් අසිරිය, සහෝදරයින් සිව් දෙනෙක් ඉදිරියට අවුත් ඇනුම් බැනුම් අපහාස නින්දා පරිභව කරද්දී ඔවුනට පිළිතුරු වශයෙන් පෙරළා නො බැන,ආහාර පානද ලබා දී සසර විමුක්තිය උදෙසා පිහිටවීමෙන් අනුග්‍රහ දැක්වී යැ”යි කථා බහක් ඇතිවිය.බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු වශයෙන් ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.

ප්‍රශ්නය :– යුරෝපීයයන් තමන් උරුම කරගත් ආගම තම වැඩිහිටි වියෙහිදී අත හැර දමා බුදුසමය වෙත ඇදී ඒමට ඔවුන් අතිශය ආකර්ශනීය වු තාර්කික වූ හේතු තිබෙන්නට පුළුවන. එසේ බුදු සමය වෙත ආකර්ශනීය වූ සමහරු ඉහළ අතිශය ප්‍රසිද්ධියට පත් වූ අයයි. ශ්‍රී ලාංකිකයන් මෙන් පුද පූජා පිළිබඳ විශ්වාසයකින් තොරව ඔවුන් බුදුසමය වෙත ආකර්ශනීය වීමට හේතු පැහැදිලි කරන්න.

පිළිතුර – ලන්ඩන් විහාරාධිපති මැදගම ශ්‍රී වජිරඥාන නා හිමි අභිනන්ද ග්‍රන්ථයේ මහාචාර්ය කේ.එන්. ඕ. ධර්මදාස මහතා මෙම ප්‍රශ්නයට ලියූ පිළිතුරකි මේ. බටහිර විද්වතුන් තුළ බුදුසමය ජන විශ්වාසයන් අධිවාසනයේ සැලකීම හෙවත් සහන සීලිත්වය බටහිර ලෝකයේ ඊශ්වරවාදී හෙවත් සර්වබලධාරි දෙවිකෙනෙකුගේ සර්වාධිපත්‍ය පූර්ණ විශ්වාසය තැබු ආගම් ගැන පමණක් දැන සිටි ඔවුනට බුදු සමයේ එන සහනසීලි දර්ශනය අමුතුම අත්දැකීමක් වූ බව පෙනේ.

තවද යුරෝපීය ජනයා දාහත්වන, දහඅටවන සියවස්හී අති දරුණුම මනුෂ්‍ය ඝාතන යුද්ධ කිහිපයක තම තමන් අතර යෙදුනාහ. එසේම පසළොස්වන සිය වසින් පසුව ස්පාඤ්ඤය, පෘතුගාලය , නෙදර්ලන්තය, ප්‍රංශය , එංගලන්තය වැනි රටවල යටත් විජිතයන් පිහිටුවාගෙන ඒ ඒ රටවල පැවැති ආගම් වෙනුවට තමන් අදහන ක්‍රිස්තියානි ධර්ම ස්වරූපය එම පෙදෙස්හි පතුරුවා හැරීමට මහත් ප්‍රයත්නයක යෙදී සිටියහ. එම උත්සාහයන් හී දී වධ හිංසා හා මනුෂ්‍ය ඝාතන නිරන්තරව සිදු වූ ආකාරය ඉතිහාසයෙන් පෙනේ.

මින් කනස්සල්ලට පත් වූ යුරෝපීයෝ බුදු සමයෙහි එන මානව හිතවාදී සහනසීලි ආකල්පය මහත්සේ ආකර්ශනීය විය. සුප්‍රකට දාර්ශනිකයෙකු වූ බර්ටර්න්ඩි රසල් (1872-1970) විසින් මෙසේ කියා තිබේ.

ඉතිහාසයෙහි දක්නා ලැබෙන ශ්‍රේෂ්ඨ ආගම් අතුරෙන් මගේ කැමැත්ත බුදුසමය වෙතටය. කුමක් හෙයින් එහි මුල් ස්වරූපයෙහි දී අන්‍ය පීඩනය අඩුවෙන් දැක්ක හැකි බැවිනි.

යුරෝපීයයන් දැන සිටි කිතු සමය හා ඉස්ලාම් දහම අනුගමනය කළේ දළ්හද්ටිඨික” පරමත නො ඉවසන දැඩි පිළිවෙතක. මේ ගැන ඉංගී‍්‍රසි ජාතිකයෙකු වූ ෆ්රැන්සිස් ස්ටොරි මහතා (1910-1971) පසුව අනගාරික සුගතානන්ද ලෙස බුරුමයේ විසීය) දක්වා ඇති පරිදි “නිර්වාන සාධනය සඳහා ඇත්තේ ඒකායන මාර්ගය බව පවසන බව සැබෑය. එහෙත් ඒ නිසාම අන්‍ය ආගම් අදහන සියලු දෙනාම දෙව්ලොව දෙවි සැප ආදියෙන් වෙන් කොට අපායගාමී වන බවත්. බෞද්ධ රාමුවට සම්පූර්ණ නො ගැළපෙන්නකි. මනුෂ්‍යයාට ඇත්තේ එකම එක භවයක් කියා බුදුසමය උගන්වන්නේ නැති හෙයින් .තමන් උපන්නා වු හා තමන් ජීවත් වන්නාවූ දේශීය සමාජය, පවුල හා යුගය ආදි කරණු නිසා එක් භවයකදී බුදුවදන් ගැන අසන්නට නොලැබුණූ කෙනෙකු සදාකාලික නිරයට යනවා යැයි යන අසාධාරණ විශ්වාසය බුදු සමය තුළින් පැන නො නගින්නකි.

ආගම කෙරෙහි සහනසීලිවීම යනු අවිචාරශිලි කටයුත්තක් ලෙස බුදුසමය උගන්වන්නේ නැති බව ෆ්රැන්සින් ස්ටෝරි තවදුරටත් ප්‍රකාශ කරනයේ ඔහු නිදසුනක්ද ගෙන හැරපාමිනි.

බුදුරදුන් සහ සේනාධිපතිවරයාට නිගන්ඨාගම වෙත දැක්වූ ආමිසමය අනුග්‍රහය නොකඩවා පවත්වාගෙන යන ලෙස උපදෙස් දුන්නේ නිගන්ඨාගමන් සමාජයට හා පුද්ගලයාට විපත්තිදායක වූ ඉගැන්වීම් නැති බව වටහාගත් හෙයින් විය යුතුය.

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]