බුද්ධගයාව බෞද්ධ ආධ්‍යාත්මික නගරයක් කරනවා - ඉන්දීය අගමැති
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධි මහතා බුද්ධගයාව බෞද්ධාගමික ආධ්‍යාත්මික
නගරයක් බවට පත් කරන බව පවසයි.
ඒ මහතා ඒ බව පැවසුවේ පසුගියදා (6) බුද්ධගයාවේ පැවති ශ්‍රී ක්‍රිෂ්ණ
දෙවියන්ගේ ජයන්ති උත්සවය සමරමිනි.
ඉතිරිය»
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම සංවත්සරය සැප්තැම්බර්
17 වනදාට යෙදීම නිමිත්තෙනි
බුද්ධගයාව හා
අනගාරික
ධර්මපාලතුමා
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මෑත භාගයේදී අපගේ සහ එතුමාගේ ජන්ම භූමියේ
පමණක් නොව ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයේද පුරෝගාමි මෙහෙවරක යෙදුණු මහා
පුරුෂයෙකි. බුද්ධගයාව බේරාගැනීම සඳහා එතුමා කළ මෙහෙය අමරණීය වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අකුසල් දුරු කොට
කුසලය
මතු කර ගනිමු
අංගුත්තර නිකායෙහි පංචක නිපාතයට ඇතුළත් අකුසල සමාපත්ති සූත්‍රාගත දහම්
කරුණු කීපයකුයි අද මම පැහැදිලි කර දෙන්නේ. මෙම සූත්‍රයෙහි සමාපත්ති යනු
එක අරමුණක සිත රඳවා ගැනීම ලෙස අර්ථකථනය කළ හැක. මෙයම භාවනා යන්නෙන්ද
නම් කළ හැක. පුද්ගලයාගේ සිත, කය, වදන මුල් කරගෙන ඇති වන පුද්ගලයා දුකට
වේදනාවට පත් කරවන ක්‍රියාවලිය අකුසල නම් වෙයි. දස අකුසල කර්මාදිය මේ
ගණයට වැටෙයි.
ඉතිරිය»
ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යය
මානව ඉතිහාසයේ මුල සිටම වාගේ අග්නි පූජාව විශේෂ වැදගත්කමකින් යුතුව
සලකා ඇත. අග්නි පූජාව තුළින් උපන් ප්‍රදීප පූජාව, දඹදිව උපත ලැබූ බුදු
සමයෙහි ද ආමිෂ පූජාවක් වශයෙන් ප්‍රධාන තැනක් ගන්නා පූජාවකි. අසු හාර
දහසක් ධර්මස්කන්ධය සංකේතවත්කොට අසූ හාර දහසක් පහන් පූජා පින්කම්
පැවැත්වීම බෞද්ධයන් අතර බහුලව සිදුවන්නකි.
ඉතිරිය»
|