බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015
බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය 3 අභ්‍යාසය ආදර්ශ ප්‍රශ්නෝත්තර
කුලියාපිටියේ සාරානාත් විද්‍යාලයේ ආචාර්ය
ශාස්ත්‍රපති උප්පලවත්තේ
විමලානන්ද හිමි
කෙටි පිළිතුරු සපයන්න
1. පුරාණ තෙරුන්ට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවී ඇත්තේ කවර හේතුවක්
නිසාද?
2. ධර්ම විනය පවත්වාගෙන යාම පිළිබඳ මේ හිමියන් පළ කළ මතය කුමක්ද?
3. ඒකබ්බෝහාරික නමැති නව නිකාය පැන නැගුණේ කවර ප්‍රධාන නිකායක්
ඇසුරෙන්ද?
4. අභිධර්මය පිළිබඳ විශේෂඥයන් අයත් වූයේ කවර නිකායකටද?
5. ධර්මාශෝක මහරජතුමා වඩාත් පක්ෂපාතීත්වයක් දක්වා ඇත්තේ කවර නිකායකටද?
6. උපගුප්ත හිමියන් අයත් වූ නිකාය කුමක්ද?
7. ලෝකෝත්තරවාදීන් වෙන්වී ගියේ කවර නිකායකින් ද?
8. මෙසේ බිඳී ගිය නිකායේ අදහස් ඇතුළත් ග්‍රන්ථ මොනවාද?
9. ‘මාඝාතය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
10. මෙය ප්‍රකාශයට පත් කළ භාරතීය හා ශ්‍රී ලාංකික රජවරු කවරහුද?
11. ශූන්‍යතා සිද්ධාන්තය කවර නිකාය සම්ප්‍රදායකට අයත් වූවක්ද?
12. මේ සිද්ධාන්තයෙන් හෙළිවන මූලික අදහස කුමක්ද?
13. බුරුම ජාතික ජප්පට හිමියන්ට ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයෙහි වැදගත්
තැනක් හිමි වන්නේ කවර හේතුවක් නිසාද?
14. මේ හිමියන් බුරුමයේ පිහිට වූ නව නිකාය කුමක්ද?
15. ‘නිව්රෙන්’ නිකාය දක්නට ලැබෙන්නේ කවර රටේද?
16. මේ නිකායිකයන් නියම බුදු සමය ලෙස සලකන්නේ කවර ධර්ම සූත්‍රයක්ද?
17. ධර්මසංගණියට ලියැවුණු පාලි අටුවා ග්‍රන්ථයේ නම කුමක්ද?
18. සුමංගල විලාසිනියට පාදක වූ ත්‍රිපිටක ග්‍රන්ථය කුමක්ද?
19. ත්‍රිභංග හෙවත් තිවංක බුද්ධ ප්‍රතිමාවවල විශේෂ ලක්ෂණ කවරේද?
20. මෙබඳු පිළිමයක නෂ්ටාවශේෂ දක්නට ලැබෙන්නේ කොතනකද?
පිළිතුර
1. දක්ෂිණගිරි විහාරයේ වාසය කළ ප්‍රබල භික්ෂුවකි. එකසිය විසි වයස් වූ
උන්වහන්සේ බුදුරදුන් සියැසින්ම දුටු භික්ෂුවකි.
2. “නුඹ වහන්සේලා ධර්මයත්, විනයත් මැනවින් සංගායනා කරන්න ඇති ඉන් මට
වැඩක් නැත. මම බුදුරදුන්ගෙන් ධර්මය හා විනය අසා ඇත්තෙමි. ඒ අයුරින්ම මම
පිළිපදිමි”
3. මහා සාංඝික නිකාය ඇසුරිනි.
4. ප්‍රඥප්ති වාදීන්.
5. ස්ථවිර වාදයට.
6. සර්වාස්තිවාදයට.
7. ඒකව්‍යායහාරික නිකායයෙන්.
8. මහාවස්තුව හා ප්‍රාතිමෝක්ෂ සූත්‍රය.
9. මහාසාංඝික නිකාය සම්ප්‍රදාය.
10. ධර්මාශෝක, ආමණ්ඩ ගාමණී අභය
11. මහාසාංඝික නිකාය සම්ප්‍රදාය.
12. විෂය ලෝකය හුදු මායාවක් බවත් සසර හා නිවන එකම ගමන් මගේ දෙකෙලවරක්
බවත් පැවසීම.
13. ශ්‍රී ලංකාවේ භික්ෂූන්ගෙන් ථේරවාදී විනය පිටකය උගෙනීම.
14. සීහල සංඝ නිකාය.
15. ජපානයේ
16. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය.
17. අත්තසාලිනී.
18. දීඝනිකාය.
19. දණහිස, ඉඟටිය හා ගෙල යන තුන් තැනක් සිරුර නැමෙන අයුරින් නිරූපණය
කිරීම.
20. පොළොන්නරුවේ.
1. බුද්ධ ප්‍රතිමාවෙහි ආරම්භය දක්වා ගණ්ධාර හා මථුරා බුද්ධ
ප්‍රතිමාවන්හි වෙනස්කම් ගෙන හැර දක්වන්න.
බුදුපිළිමය උද්දේසික වශයෙන් බුදුරදුන් පිදීම සඳහා යොදාගනු ලැබේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහක් ගතවෙන තුරු බුදුපිළිම නිර්මාණය කර
නොතිබුණි. මුලදි ප්‍රතිමා වෙනුවට යෙදුයේ බෝධිය, වජ්‍රාසනය, ත්‍රීරත්නය,
සිරිපතුල වැනි සංකේතයන්ය. මුල්ම බුද්ධරූප වශයෙන් සැලකෙන්නේ කණිෂ්ක
රජුගේ කාසිවල හා ඔහු විසින්ම නිර්මාණය කරන ලද ධාතු කරඬුවක ඇති බුද්ධ
රූපයයි. ගී‍්‍රක රෝම කලාවේ ආභාෂය ලබා මේවා නිර්මාණය කර ඇත. මීට
සමකාලීනව මථුරාවලද බුදුපිළිම නිර්මාණය ආරම්භ වී තිබුණි. කෝසල බිම්භ
වර්ණනාවේ සඳහන් වන ආකාරයට පළමුව කොසොල් රජු විසින් සඳුන් අරටුවකින්
බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන ලද බවද සඳහන් වේ.
ගන්ධාර බුදුරුවෙහි ලක්ෂණ
1. මහාකාරුණික ලීලාව දක්වයි.
2. ආභංග හෙවත් මදක් නැමුණු කෝමල සිරුර.
3. අත්සංවරව සිරුරට ළංව ඇත.
4. නෙත් අඩවන්ය. තොල් සිහින්ය. පරිමාණානුකූල කම්මුල්ය.
5. හිසකෙස් ස්වාභාවිකය.
6. චීවරය ගී‍්‍රක ටෝගාවකට
7. පද්මාසනය කුඩා නෙළුම් මලක් මත දුෂ්කරව වැඩ සිටින විලාසයකි.
මථුරා බුදුරුවෙහි ලක්ෂණ
1. ශාක්‍ය සිංහ ලීලාව දක්වයි.
2. සමභංග හෙවත් සෘජු, මදක් අසංවර ලෙස දෙපා පැත්තට තබා ගත් ලීලාව.
3. දෑත් සිරුරට ඈත්ය.
4. නෙත් විවෘතය, තොල් මහත්ය, කම්මුල් පිම්බී ඇත.
5. හිස කෙස් ශෛලි ඝනකමට කැරලි ගැසී ඇත.
6. විනිවිද පෙනෙන තරම් දුහුල් සිවුරක් දරා ඇත.
7. පද්මාසනය නෙළුම් මලක් මත වැඩ සිටීම.
|