ප්‍රශ්නය
ජිගච්ඡා පරමා රොගා - සංඛාරා පරමා දුඛා
එතං ඤත්වා යථාභූතං -නිබ්බානං පරමං සුඛං
පරමාර්ථ වශයෙන් ගත්කළ සියල්ල දුක් වුවද සම්මුති සුවයක් නැතැයි බුදුන්
වහන්සේ නොවදාළහ. එබඳු සුඛ” වර්ග රාශියක් ඇති බව බුදුහු වදාළහ. උත්සාහ
විය යුත්තේ හීන සැප හැකි තරමින් දුරුකරමින් උතුම් සැප ළඟා කර ගැනීමයි.
පැහැදිලි කරන්න.
පිළිතුර
බුද්ධ දේශනාවට අනුව නුවණැත්තා මහත් සැපය දෙස බලමින් අල්පමාත්‍ර වූ සැපය
අත් හරින්නේය. ධම්මපද ග්‍රන්ථයෙහි සඳහන් පරිදි වෛර සහිතව ජීවත්වන්නවුන්
අතර අවෛරීව ජීවත්වීම සැපයකි.
ආතුරයන් අතර අනාතුරව ජීවත් වීම සුවයෙකි. පස්කම් සැපතෙහි ලොල්වු
මිනිසුන් අතරෙන් එසේ නොමැතිව ජීවත්වීම සැපයකි. ජයගැනීම ගැන සිතන ලොවක
ජයපරාජය දෙකම අත්හැර ජීවත්වීම සැපයකි. සත් පුරුෂයන් එකට වාසයද සුවයකි.
පාපකාරි අනුවණයා යන නොදැකීම වඩාත් සැපයකි. බුදුන් වහන්සේ කෝලියයන්ගේ
නියම්ගම වසන සමයෙහි දීඝජානු කොලිය නම් තැනැත්තා විසින් අයද සිටියේ
“පුත්ත සම්බාය සයන”යෙහි නිදන ගිහිව කම් සැප විඳිමින් දරබරින් මිරිකී
වත්සුණු සඳුන් සුණු ඇඟ තවරා සිටින අපට මෙලොව පරලොව සැප පිණිස හේතුවන
ධර්මයක් දේශනා කරන්නට අයැද සිටි අවස්ථාවෙහිදී බුදුන් වහන්සේ ගිහිව කම්
සැප විඳිතැයි දීඝජානුකෝලිය සිටු පුත්‍රයාට චෝදනා කළේ නැත. ඔහුට තවත්
සැපවත්ව ජීවත්වීමට මග කියා දුන්නේය.
ප්‍රශ්නය
බුද්ධ චරිතයෙහි මුල්ම යුගය පිළිබඳව සූත්‍රාගත තොරතුරු පැහැදිලි කරන්න.
පිළිතුර
අභිනිෂ්ක්‍රමණයෙන් පසු බෝසත්තුමා වරෙක රජගහනුවරට පැමිණියේය. එහිදී
මගධාධිපති බිම්බිසාර රජුන් බෝසත්තුමාත් අතර සාකච්ඡාවක් ඇතිවිය. බෝ
සතුන් හදුනා ගැනීමේ ආශාවෙන් සාකච්ඡාවෙහි යෙදුනු බිම්බිසාර රජුට
බෝසත්තුමා මෙසේ පැවසීය. කෙළින්ම ඇති මේ හිමාලය පාර්ශ්වයෙහි ධනයෙන් හා
වීර්යයෙන් සම්පන්න කෝසල ජනපදයෙහි පරම්පරානුයාත ජනපදයක් වෙයි. ඔවුහු
ගොත්‍රයෙන් ආදිත්‍ය නම් වෙති. ජාතියෙන් ශාක්‍ය නම් වෙති. මෙම කාමයෙන්
නොපතමින් ඒ කුලයෙන් පැවිදි වීමි. මෙයින් බෝසත්තුමා කෝසල පරම්පරාවෙන්
පැවතෙන ශාක්‍ය ජනපදිකයෙකු බව පැහැදිලි වෙයි.
ප්‍රශ්නය
මානව සංහිතයේ අපූර්වතම සිද්ධි මාලාවක් අඹු සැමි සංභෝගය හෙවත් ස්ත්‍රී +
පුරුෂ එකතුව පිළිබඳව සඳහන්ව ඇත. බුදුදහමෙහිදී ස්ත්‍රි පුරුෂ එකමුතුව
පිළිබඳව විවිධ තොරතුරු සටහන්ව ඇත. මේවායින් සමහරක් පෙළදහමෙහි දේශනා පාඨ
වශයෙන්ද වර්තමානය දක්වාම එක්ව පවතී. කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ සහ
සබඳතාවය ගොඩනැගෙන අයුරු දේශනා පාලියෙහි එන එක් අවස්ථාවක් පැහැදිලි
කරන්න.
පිළිතුරු
(අංනි. අට්ඨක නිපාත) සූත්‍ර
සැවැත්නුවර ජේතවනාරාම දම්සභාවෙහි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂුන්
අමතා මෙසේ වදාළහ.
“අට්ඨහි භික්ඛවෙ ආකාරයෙහි ඉත්ථ පුරිසා බන්ධති. “මහණෙනි ආකාර අටකින්
ස්ත්‍රී පුරුෂ සහ සම්බන්ධතාවය ඇතිවෙයි. එම අට ආකාරය මෙසේය.
1.රූපයෙන් – රූපෙන 2.සිනහවෙන් – හසිතෙන3.කථා කිරීමෙන් – භණතෙන
4.ගීතයෙන් – ගීතෙන 5.හැඬීමෙන් – රොණ්ණෙන 6. ආකල්පයෙන් – වනභංගෙන
7.මල්,ගෙඩි, පලතුරු පරිත්‍යාගයෙන් –වනභංගෙන 8.ස්පර්ශයෙන් – ඵස්සේන
ප්‍රශ්නය – සත්වයා “උප්පත්තියා – සහෙ වෙදං මරණං ආගතං සදා” උපතේ සිට
මරණය කරා ගමන් කරයි. මේ සසර ගමනෙහිදී එකොළොස් ගින්නකි. ඔහු දැවෙමින්
ගමන් කරන බව ධර්මයෙහි සඳහන් වෙයි. මේ එකොළොස් ගින්න නාමික වශයෙන් සඳහන්
කරන්න.
පිළිතුර – සත්වයා නිරතුරුව දැවෙන ගිනි එකොළොස මෙසේය.
රාග – ද්වේෂ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සොක ,පරිදෙව, කායික දුක , චෛතසික
දුක, උපායාස
ප්‍රශ්නය
පුද්ගල පුනර්ජන්මය ඇතිවන්නේ මරණ මොහොතෙහි බලවත්ව සිටින කුසල හෝ අකුසල
කර්මය අනුව බව පෙළ දහමෙහි ඉගැන්වෙයි. මෙබඳු කර්ම කුමන නමකින් හැඳින්
වෙන්නේද ? පැහැදිලි කරන්න
පිළිතුර
පුද්ගලයෙකුගේ මරණය නම් හුදෙක් “තාවකාලික සංසිද්ධියක් තාවකාලික
නැවැත්මක් පමණි. භෞතික ශරීරය විසිරයාමත් සමඟ මෙතෙක් ක්‍රියාත්මක වූ
කර්ම ශක්තිය මුළුමනින්ම විනාශයට නොයන හෙයින් වර්තමාන රූපය විනාශ වුවද
ඊට මුළුමනින්ම වෙනස් හෝ මුළුමනින්ම සම නොවන තවත් රූපයක් මරණ මොහොතේ
බලවත්ව පැවැති සිතට ගැලපෙන පරිදි ඇතිවන්නේය. පුද්ගලයෙකු ගේ අනතුරුභවය
විනිශ්චය කරන මෙම අවසන් “චිත්ත වීථිය” ජනක කම්ම නමින් හැඳින්වේ.
තවද ජනක කර්මය සක්‍රීය වීමට බාධාකාරි ලෙස හෝ උපකාරක ලෙස සක්‍රීය වීමට
(ක්‍රියාත්මකවීමට) තවත් අතීත කර්ම ඉදිරිපත් විය හැක. එබඳු කර්ම ලෙස
“උපත්ථම්භක” (සහයෝගීවන) කම්ම හා උපපීඩක (බාධාකරණ) කම්ම යන දෙවර්ගය
හඳුන්වා ඇත. |