UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ආදර්ශ ප්‍රශ්නෝත්තර

2 අභ්‍යාසය

01 කොටස

1. බුරුමයේ ශාසන ඉතිහාසය හා බැඳී පවතින කාලපරිච්ඡේද තුන නම් කරන්න.

1. ආරම්භයේ සිට ක්‍රි.ව. දහවන සියවස දක්වා වූ පුරාතන යුගය.
2. එකොළොස්වන සියවසේ සිට පහ- ළොස්වන සියවස දක්වා වූ මධ්‍යතන යුගය.
3. දහසය වන සියවස සිට මේ දක්වා වූ නූතන යුගය නමිනි.

2. අනවරත රජු, ධම්මචේතිය රජු, මෙත්දුන් රජු යන බුරුම රජවරුන්ගෙන් එරට බුදු දහමේ ව්‍යාප්තියට සිදුවූ සේවාවන් ගෙන හැර දක්වන්න.

ඉතිහාසගත කරුණු අනුව බුරුම රටේ බුදු දහම ස්ථිරව පිහිටියේ ක්‍රි.ව.එකොළො- ස්වන සියවසේ දී පමණය. පගාන් නුවර කේන්ද්‍රස්ථානය කරගෙන අනවරත රජු හෙවත් අනුරුද්ධ රජතුමා පාලනය ගෙන ගියහ. ඔහුගේ කාලයේ බුදු සමය පිරිහීමට පත්ව තිබුණි. මේ වන විට ප්‍රාදේශීය පාලකයෙකු වූ මනෝහරී නම් රජ වෙත සර්වඥ ධාතු හා ත්‍රිපිටක ග්‍රන්ථ රැසක්ම පැවති අතර එම පොත්පත් ආදිය ඔහුගෙන් ලබා ගන්නා ලෙස ෂින් අරහන්ත භික්ෂුව රජුගෙන් ඉල්ලා සිටියහ. රටපුරා අලංකාර දාගැබ් (පැගෝඩා) ඉදි කළහ. උත්තරජ් හා චප්පට යන භික්ෂූන් ලංකාවට එවා ත්‍රිපිටක ධර්මය පුළුල් ලෙසින් අධ්‍යයනය කරනු ලැබීය. මෙම භික්ෂූන්ගේ මැදිහත්වීමෙන් සීහල සංඝ නමින් භික්ෂු පරපුරක්ද ආරම්භ කළහ.

අනවරත රජු මෙන්ම බුරුමයේ ක්‍රි.ව. පහළොස්වන සියවසේ මැද භාගයේ දී පමණ රාජ්‍යත්වයට පත් ධම්මචේතිය රජු බුදු සමයේ උන්නතියට ක්‍රියා කළ අයෙකි. බුරුම රටෙහි උපසම්පදා භික්ෂූන් නොවූයෙන් එවකට ලක්දිව පාලකයා වූ කෝට්ටේ හතරවන බුවනෙකබාහු රජුගේ අනුග්‍රහයෙන් බුරුමයෙන් පැමිණි භික්ෂු පිරිසක් උපසම්පදාව ලබා එරටට ගොස් කල්‍යාණි සීමා යනුවෙන් පොහොය ගෙයක් කරවා බුරුම භික්ෂූන් එහිදී උපසම්පදා කරනු ලැබීය.

මෙත්දුන් රජුගේ රාජ්‍ය සමයද වැදගත් කාල පරිච්ඡේදයකි. බුරුම බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙසද මෙම කාලය හඳුන්වනු ලැබේ. හතරවන සංගායනාව ඔහුගේ කාලයේ දී පවත්වන ලදී. සංශෝධිත ත්‍රිපිටකය, කිරිගරුඬ පුවරු හත්සිය විසිතුනක කොටවා ලෝක මාරජි ස්ථුපය වටා තැම්පත් කරවීය. මෙම රජවරුන්ගෙන් බුරුම බෞද්ධ ඉතිහාසයට මෙවැනි සේවාවක් ඉටුවී ඇත.

02 කොටස

1. පුරාණ, තෙරුන්, තම ආදි පුරුෂයා වශයෙන් සලකනු ලබන්නේ කිනම් පිරිස විසින්ද?

2. මේ ආදි පුරුෂයා ප්‍රථම සංගීති කාරකයන්ට ඉදිරිපත් කරන ලද ප්‍රකාශය කුමක්ද?

3. ‘මහාදේව‘ නමැති මහායාන ආචාර්යවරයාට බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් තැනක් හිමිවන්නේ කුමන හේතුවක් නිසාද?

4. හීන අධිගමයක් ලෙස අර්හත්වය හඳුන්වා ලමින් පළමු මතය ඛණ්ඩනය කෙරෙන ථේරවාදීන්ගේ අගනා ග්‍රන්ථය කුමක්ද?

5. අද්විතීය ධර්ම සංගිතියට මුල් වූ දස වස්තුව ඉදිරිපත් වූයේ ථේරවාදීන්ගේ කවර සම්මතයකට විරෝධය පළකිරීමක් වශයෙන්ද?

6. මෙම දසවස්තුව පිළිගත්තේ කවුරුන් විසින්ද?

7. වාත්සිපුත්‍ර භික්ෂුව ඉදිරිපත් කළේ යැයි සැලකෙන ‘අලුත් මතය’ වූයේ කුමක්ද?

8. මෙම මතයට ප්‍රතිවිරුද්ධව ථේරවාදීන් පළ කළ අදහස කුමක්ද?

9. ගෝකූලික නමැති නිකාය ප්‍රභවය වූයේ කවර නම් ප්‍රධාන නිකායක් ආශ්‍රයෙන්ද?

10. මෙම නිකායන්ගේ මූලික මතය වූයේ කුමක්ද?

11. ‘දින්නාග‘ නමැති භික්ෂුව සැලකෙන්නේ කවරෙකුගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ලෙසින්ද?

12. මහායාන බුදු දහමේ උන්නතියට උන්වහන්සේගෙන් සැලසුන සේවය කුමක්දැයි ලියන්න.

13. බුරුම රාජ්‍යයෙහි කල්‍යාණ නමැති ශිලා ලිපිය පිහිටවූ රජතුමාගේ නම ලියන්න.

14. කල්‍යාණ ශිලා ලිපියෙන් අනාවරණය කරනු ලබන්නේ කුමක්දැයි ලියන්න.

15. භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ චීන ජාතික භික්ෂුවගේ නම ලියන්න.

16. මෙම චීන ජාතික භික්ෂුව බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා කළ සේවය කුමක්ද?

17. සුත්ත නිපාතයට ලියා තිබෙන පාලි අටුවා ග්‍රන්ථයේ නම ලියන්න.

18. හෙළ අටුවා නමින් හැඳින්වෙන ලක්දිව ප්‍රධාන අටුවා ග්‍රන්ථවල නම් ලියන්න.

19. හිඳි බුද්ධ ප්‍රතිමාවල යොදාතිබෙන ධ්‍යාන මුද්‍රාවෙන් පිළිබිඹු කරන්නේ කිනම් ලක්ෂණයක්ද?

20. ධ්‍යාන මුද්‍රාවෙන් යුතු බුද්ධ ප්‍රතිමා දක්නට ඇති ස්ථාන මොනවාද?

0 2 කොටස - පිළිතුරු

1. ධර්ම ගුත්තික හා මහිංසාසකයන විසින් ය.

2. බුදුහාමුදුරුවන් හමුවේ දී අසන ලද ධර්මය විනය ඒ ආකාරයෙන්ම පිළිගන්නා බව.

3 . පංච වස්තුවක් ඉදිරිපත් කිරීම නිසාය.

4. කථාවත්තු ප්‍රකරණයයි.

5. අලුතින් ශික්ෂාපද නොපැන වීමට හා පැන වූ ශික්ෂාපද තබා ගැනීමට ගත් තීරණය පාදක කොට ගත් සංරක්ෂණවාදී සම්මුතියයි.

6. වජ්ජිපුත්තක භික්ෂූන්ය.

7. පුද්ගල සංකල්පයයි.

8. පරමාර්ථික වශයෙන් පුද්ගලයෙකු නොමැති බවයි.

9. මහා සාංඝික නිකායෙන්ය.

10. පංචස්කන්ධය ගිනි අඟුරු ගොඩක් මිස වෙන දෙයක් නොවන බවත් මේ අනුව සැප යැයි කිව නොහැකි කිසිවක් ලෝකයේ නොමැති බවත් එය දුක් රැසක් බවත් අවධාරණය කිරීමය.

11. වසු බන්දු පාදයන්ගේ ය.

12. බෞද්ධ තර්ක ශාස්ත්‍රය දියුණු කිරීම, අභිධර්ම කෝෂ ව්‍යාඛ්‍යානය හා ප්‍රමාණ සමුච්චය රචනා කිරීම.

13. ධම්මචේතිය රජතුමාය.

14. ලංකාවේ උපසම්පදාව, ලැබූ බුරුම භික්ෂූන් සිය රටට වැඩමවා උපෝසථකර්ම කිරීම සඳහා කල්‍යාණි සීමාමාලකය නමින්, සීමා මාලකයක් ඉදිකරන ලද බවත් බුරුම භික්ෂූන් එහි උපසම්පදාව ලැබූ බවත් ය.

15. ශියුං සියැං භික්ෂුවය.

16. බෞද්ධ ග්‍රන්ථ 1335 ක් චීන බසට පරිවර්තනය කිරීම හා දේශාටන වාර්තාවක් පිළියෙල කිරීමයි.

17. පරමත්ථ ජෝතිකාවයි.

18. මහා අට්ඨකතා, මහා පච්චරි අට්ඨකතා, කුරුන්දි අට්ඨ කතා යනුයි.

19. බද්ධ පරියංකයෙන් සිටීම, උඩුකය කෙලින් තබා ගැනීම, කමටහනකට සිත යොමු කිරීම.

20. තොලුවිල හා අනුරාධපුරයේ අභයගිරි ප්‍රදේශයේ ඇති සමාධි ප්‍රතිමා වහන්සේ

 

 ඇසළ පුර අව අටවක පෝය

ඇසළ පුර අව අටවක පෝය ජූලි 23 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 08.30 ට ලබයි. 24 වැනිදා සිකුරාදා අපරභාග 10.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 24 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
ජූලි 31 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]