මිහින්තලා රජමහා විහාරයේ
සති පිරිත් දේශනාව
මිහින්තලා රජමහා විහාරයේ වාර්ෂික සතිපිරිත් දේශනාව මෙම මස 24 වැනිදා
ඇරැඹුණු අතර මෙම 29 වනදා දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වීමට මිහින්තලා
රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි
කටයුතු යොදා ඇත.
ඉතිරිය»
යාපනයේදී ප්‍රථම ජගත් බොදු සමුළුව
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දීය සහ ශ්‍රී ලාංකික බෞද්ධ
සංවිධානයන් රැසකගේ එකමුතුවෙන් ජාත්‍යන්තර තලයේ බොදු සමුළුවක් යාපනයේදී
පැවැත්වීමට දෙරටේම බෞද්ධ හා සමාජ සංවිධාන කීපයක් මුල්ව ඇත.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන්
අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ වෙනුවෙන් සියලු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නැණැතියන් විසින් පසසන ලද කරුණු
පුද්ගලයාගේ මෙලොව පරලොව උභයාර්ථ යහපත පිණිස අපගේ අමාමෑණියන් වහන්සේ
අනුකම්පා සහගතව දේශනා කළ වදාළ ගාථාරත්නයක් ඉහතින් මාතෘකා කළෙමි.
උන්වහන්සේ සකළවිධ කරුණුූ සහිතව පැහැදිළි කර මෙම ගාථාවේ අදහස නම්,
(ආයුෂයද, නිරෝගී බවද, ශරීර වර්ණයද, ස්වර්ගයද, උසස් කුල ඇති බවද උදාර වූ
අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි
නොපමාවීම නුවණැත්තෝ පසසත්) යන්නයි.
ඉතිරිය»
මහගොඩකන්ද ඉසිපතනාරාමය
වඳුරඹ සුනන්දාරාම විහාරස්ථානයේ වැඩ වසන ලද ඌරල රතනජෝති හිමියන්ගේ
ජ්‍යෙෂ්ඨ පැවිදි ශිෂ්‍යවරයාණන් වූ යටලමත්තේ ඉන්දසර හිමි බද්දේගම
ප්‍රදේශය සමඟ පැවැති සහසම්බන්ධතාවය මත 1923 ජුනි මසදී මෙම ස්ථානයට
වැඩමකර සූරිගෙවත්ත වික්‍රමසිංහ මහ රාළහාමි මහතා පිරිනමා තනාදුන්
කටුමැටි ගැසූ කුටියෙහි වස් විසීමෙන් මහගොඩකන්ද ඉසිපතනාරාමය ආරම්භ කර
2015 වසර වන විට 91 වසරක් සපුරා ඇත.
ඉතිරිය»
|