සෞන්දර්ය කලාව හා රසාස්වාදයේ බෞද්ධ ආකල්පය
මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි
ඒ රැය එයට සවන් දුන් බුදුහිමියෝ උදෑසන සෝණ හිමියන් ඇමතූහ. ඔබ ඉතා
මැනැවින් පෙර රාති‍්‍රයේ ගායනා කළ සැටි ඇසුණු බවද, අට්ඨක වග්ගයේ ගාථා
ඒවායේ අර්ථය යටපත් නොවන සේ රසවත්ව ගායනා කළ බවද කියමින් සෝණ හිමියන්ට
ප්‍රශංසා කළහ.
ථෙර ථෙරි ගාථා අපට හමුවන්නේ සූත්‍ර පිටකයේ එන ඛුද්ධක නිකාය තුළයි.
පැවිදි දිවියේ ඵල නෙලාගත්, එහි සැබෑ නිදහසත් සැපතත් අත්දුටු ගිහි
දිවියේ කටුකත්වයෙන් මිදී විමුක්තිය ලද තෙරවරුන් හා තෙරණියන් සිය ගණනකගේ
පැබැදුම්ද ගායනයන්ද ථෙර ථෙරි ගථාවන්හි හමුවෙයි. රස හර පිරි භාව ගීත ලෙස
විද්වත් ලෝකයේ සම්භාවනා ලද එබඳු ගීතිකාවක් මෙසේය. එය ථෙර ගාථාවකි.
සුදු පියාපත් ඇත කෙකිණි
දැක කලු වේ කුළක්
තැතිගත්ති බියෙන්
සොයන්නී සැඟවෙන තැන්
නොරැඳෙයි පලායයි
මෙවන් අසිරිය ඇති
නදිය අප්කරණී ගලායයි අතිරමණී
මේ සප්පක හිමියන්ගේ ගායනයයි. එතුමන් වැඩ සිටියේ මහවනය තුළය. අජකරණී
නදිය අසබඩය. විටෙක ඒ ගංතෙර සිට දුටු අසිරිමත් දර්ශනයක් නිරූපණය කරන මේ
ගීතය පැවිදි දිවියේ නිරාමිස සතුට මැදින් නිකෙලෙස් ඇසින් සොබා සිරි දුටු
සැටි අපට හෙළිකරයි. ඒ කෙකිණිය සුදු පියාපත් ඇත්තිය. එහෙත් වැහිවළාව නම්
කාලවර්ණය බිය පත්වූ කෙකිණි සැඟවෙන තැන් සෙවුවාය. සසර දුක දැක බිය පත්ව
හවුහරණ සොයන පැවිද්දෙකු ලෙස සප්පත හිමියෝ සිය ජීවිතය මේ අසිරිය තුළින්ම
දකිති.
රන්වන් ලපල්ලෙන් පිරුණු මලින්
ගැවසුනිය ගස්වැල්
පහන් සිළුමෙන් බබලමින්
පළ දරනවද වූයෙකිය නිසි
මහා වීරයන් වහන්ස
ශාක්‍යයන්ට උපහාර පිණිස
වඩනට මේ කාලයයි
මේ කාළුදායි හිමියන්ගේ ගීතයයි. කිඹුල්වතට වැඩමවන්නට බුදුරදුනට කළ
ඇරයුමයි.
මෙබඳුම ගීතිකා රැසක් ථෙරි ගාථාවෙහිද හමුවෙයි. ගිහි ජීවිතයේ විඳී අපමණ
දුක් කම්කටුළු වලින් මිදී අභ්‍යවකාශය සේ නිදහස් වු අපේ කමින්
බන්ධනයන්ගෙන් තොරව දුරස්ථව පැවිදි බව ලැබූ තෙරණියෝ ඒ ගීතිකා ගැයුවෝය.
මේ එක් ගායනයෙකි.
මිදුණා මිදුණා මම මැනැවින් මිදුණා
කුදුතුනකින් මම හොඳහැටි මිදුණා
මෝල්ගහෙන්, වංගෙඩියෙන්, කුදු සැමියාගෙන් මිදුණා
උපතින් සසරින් භව තණ්හාවෙන් සසර දුකින් මා සැබවින් මිදුණා
මුත්තා නම් වූ ගැහැනිය ගිහිවැ විඳි පීඩා වන්ද, ඉන් මිදී ලැබූ සුවයද මේ
නිමැවුමින් කියැවෙයි. මෙබඳු තෙරණියන් තෙ සැත්තෑවකගේ විමුක්ති ගී
ථෙරිගාථාවෙහි එයි.
විනය මූලාශ්‍රය අනුව විටෙක භික්ෂුහු සිය අසපු වල බිත්ති පහත් ගණයේ
චිත්‍රවලින් සැරසූහ. ඒ නග්න ස්ත්‍රී පුරුෂයන්ගේ චිත්‍රවලිනි. මෙය සැළවූ
විගස එහි වැඩම කළ බුදුරදුන් ඒවා විනාශ කරන්නට උපදෙස් දුන් බවද මල්කම්
ලියකම් මකර දන්තාදියෙන් බිත්ති සරසා ගන්නට අනුදැන වදාළ බවද සඳහන් වෙයි.
උසස් කලා නිමැවුමක් ඉන් ලබන හරවත් හා රසවත් වින්දනයත් බුදුරජාණන්
වහන්සේ අගය කළ බව මින් පෙනේ. බුද්ධිමය හා භාවමය පෝෂණය ඇති සමබර
පෞරුෂයකට තුඩුදෙන කලා නිමැවුම බුදු දහමෙහි ඇගයුමට ලක් විය.
සියල්ල නැසෙයි. මල් පරවෙයි. එය යථාර්ථයයි. බුදුදහම දකින්නේ එම
යථාර්ථයයි. ඒ සමගම මල සුන්දරය. වර්ණවත්ය. සුගන්ධවත්ය. එයද බුදුදහමින්
බැහැර කොට නැත. බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි ලෝකයෙහි සුන්දරත්වය ඇත.
එය කාමය නොවේ. කාමය මිනිස් සිතෙහි කිලිටෙකි. ලොව සොඳුරු බව දැක එය තමා
සතු කර ගැන්මට පොළඹවන කාමය නුවණැත්තන් තුළ නැත. මෙම මගපෙන්වීම ආදර්ශය
හා අවවාදයද මුල්කොට ගෙන ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම රසවත් කිරීමද
උදෙසා ඉතිහාසය පුරා බුදු දහම පැතිර ගිය රටවල සෞන්දර්ය කලාවන් වැඩී නැගී
පැතිරි ගිය බව ප්‍රසිද්ධ කරුණෙකි. චිත්‍ර, මූර්ති කැටයම් ගෘහ
නිර්මාණාදි කලාවන් මෙන්ම ගායන වාදනාදියද ගද්‍ය පද්‍ය සාහිත්‍ය නිර්මාණද
එසේ වැඩිදියුණු වූයේය. හොඳම නිදසුන ශ්‍රී ලංකාවයි. ප්‍රජාවද එම
සෞන්දර්ය කලාවන් තුළින් දැහැමි වින්දනයක් හා අපූර්ව ජීවිතාවබෝධයක්ද
ලැබූ බව ඉතා පැහැදිලි කරුණකි. |