ගංගාරාමයේ සිංහල අලුත් අවුරුදු
සති පිරිත් පින්කම
කොළඹ 02 ශ්‍රී ජිනරතන පාර ගංගාරාම විහාරස්ථානය මඟින් වාර්ෂිකව
පවත්වාගෙන එනු ලබන “සිංහල අලුත් අවුරුදු සති පිරිත් පින්කම” 83 වන
වරටත් 2015 අප්‍රේල් මස 02 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 ට ආරම්භ
කෙරේ. නොකඩවා දින 07 ක් (දිවා - රාත්‍රී) මෙම සති පිරිත් දේශනාව
පැවැත්වේ. උදේ 6.00, සවස 3.00 ට සහ රාත්‍රී 8.00 මහ පිරිත් දේශනාව
පැවැත්වේ. දේවදූත පෙරහර අප්‍රේල් මස 9 වැනි දින සවස 4.00 ට ආරම්භ වේ.
“දොරකඩ අස්න” සහ “අනුශාසනාව“ අපේ‍්‍ර්ල් මස 09 වැනි දින රාත්‍රී
පැවැත්වේ.
ඉතිරිය»
සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය
බක් මහේ උදාවන බක් පොහොය ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා
වැදගත් තැනක් ගනියි. චූලෝදර, මහෝදර නාරජුන් අත මැණික් පළඟක් අරභයා
ලක්දිව ඇති වී තිබූ මහා සංග්‍රාමය දුරුලීම සඳහා බුදුරජාණන් වහන්සේ
ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහෝ දිනෙකය. එය බුදුරදුන්ගේ දෙවැනි
ලංකාගමනයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්දිව ඇතිවන්නට ගිය එම මහා සංග්‍රාමය
නතරකොට දෙපිරිස සමගි කරවීම සිදු වුණි. එබැවින් විශාල මිනිස් සංහාරයක්
වළක්වා සාමය සලසාලීම බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනයේ ප්‍රතිඵලය විය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
තිදොර සංවරයෙන් දහමේ හැසිරීම
ද බක් පුරපසළොස්වක පොහෝ දිනයයි. ශාසන
ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වී ඇති අද දින
ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝදිනයකි. මේ උතුම් වූ දවසේ මේ
ප්‍රඥාවන්ත පින්වතුන් සැදී පැහැදී සිටින්නේ ධර්මශ්‍රවණය
කිරීම සඳහායි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවකයන් වන අපට ධර්මය ශ්‍රවණය කිරීම ඉතා වැදගත් බව
අමුතුවෙන් කිව යුතු නොවේ. බුදුන් වහන්සේ ම තම ශ්‍රාවකයා
හඳුන්වා ඇත්තේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ලෙසය. ධර්මාවබෝධය
සඳහා උත්සුක වන අපට බුදුන් වහන්සේ ක්‍රමවේද දෙකක් දේශනා
කළහ. එයින් පළමුවැන්න නම් යෝනිසෝ මනසිකාරයයි. දෙවැන්න නම්
පරතෝඝෝසයයි. පරතෝඝෝසය නම් ධර්මය මනාව අවබෝධ කළ කෙනෙකු හරහා
ධර්මය ඇසීමයි. එසේ නිවැරදිව දේශනා කළ ධර්මය මනා සතියෙන්
ශ්‍රවණය කිරීම තුළින් ධර්මාවබෝධය ලද හැකිය. එබැවින්
පින්වතුන් ද ප්‍රඥානුයාතව ධර්මය ඇසිය යුතුය.
ඉතිරිය»
බක් මහ උළෙලෙහි බොදු පදනම
මේ බක් මාසයයි. සිංහල බෞද්ධයන් විසිනුත් දෙමළ හින්දූන් විසිනුත් අලුත්
අවුරුදු උත්සවය පවත්වනු ලබන මාසයයි. බක් මාසයෙහි පැවැත්වෙන බැවින් බක්
මහ උළෙල කියාත් සූර්යයාගේ සංක්‍රාන්තිය හා බැඳුණු උත්සවයක් බැවින්
සූර්ය මංගල්‍යය කියාත් හැඳින්වෙන මෙම උත්සවය සූර්ය වන්දනාව පදනම් කරගෙන
ආරම්භ වන්නට ඇතැයි සැලකේ. ආරම්භය කෙසේ වුවද අද එය සිංහල බෞද්ධයින්ගේද
සුවිශේෂී උත්සවයක් බවට පත්ව තිබේ.
ඉතිරිය»
|