ජනපති මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගනියි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 14 වනදා විහාරස්ථාන කිහිපයකට ගොස්
මහා සංඝරත්නය හමුවී ආශිර්වාද ලබා ගත්තේ ය. නුගේගොඩ පාගොඩ ශ්‍රී
විද්‍යාවිජයාරාමය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තහිතර මහානායක අග්ගමහා
පණ්ඩිත රාජකීය පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර මහා නායක හිමිපාණන් වහන්සේ
බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
ඉතිරිය»
උසස් පුද්ගලයෙකු බවට පත් වීමට නම්
අපගේ මනැස වැරැදි අයුරින් හසුරවයි නම් දිවි පැවැත්ම අස්වාභාවික බවට පත්
වෙයි. එයින් සිය ජීවිතයටම විශාල බලපෑමක් ඇතිවිය හැකිය. වැරැදි දෙය ගැන
මනැස යෙදවූ විට එයින් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවෙයි. පාලනය නොකළ
සිත ඇතැම් විට ඉතාමත් දරුණු බවට පත්වෙයි. එබැවින් අප සිතන සිතිවිලි
යහපත් සිතිවිලිම විය යුතු ය. කෙනෙකු ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ මිල මුදල්
ඉඩකඩම් වලින් නොවේ. කෙනෙකු ශ්‍රේෂ්ඨයකු බවට පත් වන්නේ ඔහුගේ මනැසෙහි
ස්වභාවය අනුවමය. පෘතග්ජන පුද්ගලයාගේ මනැස නිතරම පවතින්නේ සැලෙන
තත්ත්වයේ ය. මනැස නිතරම වෙනස්වන ස්වභාවයේ පවතියි. ඇතැම්විට ශාන්තව
පවතින අතර, ඇතැම් විට අවුල් සහගත තත්ත්වයට පත් වෙයි. අපේ මනැස කිලිටි
නොවෙන බව සිතුවද අපට හොරෙන් මනැස කිලිටු වන අවස්ථාවන් දැකිය හැකිය.
මනැසෙහි ඇති චපල බව හෙවත් වෙනස් වන සුළු බව නිසාම සත්වයාට තව තවත්
සසරෙහි ගමන් කිරීමට සිදු වෙයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පව් කරන අනුවණයා තමාට සතුරෙකි
කර්ම විපාකය නිසා කුෂ්ඨ රෝගයෙන් පෙළුණ සුප්‍රබුද්ධ නම් අයෙක් රජගහනුවර
වාසය කළා. මොහු ඉතාම දිළිඳුයි. අනුන් දුන් යමකින් ජීවත්වුනා. කුෂ්ඨ
රෝගය නිසා මොහු සමාජයෙන් කොන් කළා.
ඉතිරිය» මැදිරිගිරිය වටදාගෙය
මැදිරිගිරිය වටදාගෙය ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසේදී සාදා ඇත්තේ ඊට
කලින් තිබුණු ගඩොලින් කළ වටදාගෙයක් වැසෙන ලෙසටය. පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මඟින් මෙම වටදාගෙයි තහවුරු කිරීමේදි පැරණි වටදාගෙයි
කොටසක්ද ඉතිරිවන ලෙසින් දැන් ඇති වටදාගෙයි විවරයක්
ඉතිරි කොට සාදා තිබේ
ඉතිරිය»
|