වෙනස් වන දේ
නො වෙනස් වේවායි ප්‍රාර්ථනා කුමට. . .
පිටිගල
ගුණරතන හිමි
පසුගිය දුරුතු අවඅටවක කලාපය හා සම්බන්ධයි
ධර්මතාවය කියන්නේ වෙනස් කිරීමට පුළුවන් දෙයක් නොවේ. අප ලෝකය ධර්මතාව
වෙනස් කරන්නයි ප්‍රාර්ථනා කරන්නේ. ක්ෂයවන දෙය වෙනස් නොවේවා, වෙනස්වන
දෙයට මම, මගේ, මගේ ආත්මය කියාගෙන, හිතාගෙන එය එසේ නොවේවා කියා
ප්‍රාර්ථනා කරනවා. වෙනස්වන ධර්මයක්, නැසෙන ධර්මයක් වහා වෙනස් වෙනවා. එය
නො වෙනස් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ වැරැදි තැනක පිහිටා සිටින මේ
වැරැදි ප්‍රාර්ථනා කවදාවත්ම ඉටු කර ගන්නට ලැබෙන්නේ නැහැ. මේවාට කියනවා
‘අලබ්බනීය ධර්ම’ කියා. නො ලැබෙන ධර්ම.
දිරන දෙයක් නො දිරාවා කියා ලෙඩවන දෙයක් ලෙඩ නොවේවා, මැරෙන දෙයක්
නොමැරේවා, ක්ෂයවන දෙයක් ක්ෂය නොවේවා, වෙනස් වන දෙයක් වෙනස් නොවේවා කියා
ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නමුත් එය කවදාවත් ඉටු නොවන ධර්මතාවයක්. ඔය
ක්ෂයවීමෙන,් වෙනස්වීමෙන් පැමිණි ශෝක පරිදේවදුක්ඛදෝමනස්ස උපායාස ආදී
වශයෙන් යම් දුකක් අත් වින්ඳානම්, අත් විඳිනවානම් ඔබ අත් විඳින්නේ ඒ
වැරැදි තැනක කළ වැරැදි ප්‍රාර්ථනාව නිසායි. අප වැරැදි තැනක වැරැදි
ප්‍රාර්ථනාවක් කළේ වැරැදි තැන නො දන්නා නිසා. ජරා ධර්මය, ව්‍යාධි
ධර්මය, මරණ ධර්මය, කය ධර්මය, වය ධර්මය කියන මේ ධර්මතාවය නොදන්නා නිසා.
අප දුක පිළිසිඳ දකිනවා කියන විට මෙතැනටයි එන්නේ. එතැන අපේ අවබෝධය නොවේ.
අප අම්මාට, තාත්තාට කැමැතියි. දුව, පුතා, ස්වාමියා, බිරිඳට අප
කැමැතියි. ඒ අය අපට සොඳුරු පි‍්‍රයමනාප වස්තු. සැප ගෙනදෙන වස්තු.
හැබැයි අප මොන මොන සොඳුරු බවකින්, පි‍්‍රය මනාප ලෙස ඒ දෙස බැලුවත්, එය
බාර ගත්තත්, වෙනස් කරන්න බැරි ධර්මතා ටිකක් ඒ සමඟ යෙදී තිබෙනවා. අප
දුව, පුතා, අම්මා, තාත්තා, ස්වාමියා, බිරිඳ රන්, රිදි, මුතු , මැණික්
වලට සොඳුරු නමක් යොදාගෙන තිබුණත් සොඳුරුව අපට පෙනුනත් එම දේ තුළ නො
පෙනෙන අර ධර්මතා පහ රැඳිලා තිබෙනවා. හරියට කිවුවොත් ජරා, ව්‍යාධි, මරණ,
කය, වය ධර්යට තමා අප අම්මා, තාත්තා කියා කියන්නේ. ස්වාමියා, බිිරිඳ,
දුව, පුතා කියා නම් කර තිබෙන්නේ. තව තවත් ලෝකයේ සොඳුරු නාම ඇත්නම් ඒ
හැම නමකින්ම හඳුන්වා තිබෙන්නේ මේි ධර්මතා පහයි. එහෙනම් මේ ධර්මතා පහ
මොන මොන නම් වලින් නම් කළත්, මොන මොන සොඳුරුවලට දැක්කත් ධර්මතාවයක්
කියන්නේ වෙනස් කරන්නට බැරි එකක්. ඒක ඒකාන්තයෙන්ම දුකක්. මේ ධර්මතා පහට
සොඳුරු නමකින් නම් කළාට සොඳුරු බවකින් දැක්කාට අර ධර්මතා පහ වෙනස්
කරන්න බැහැ.
මේ කොයි දේ ගත්තත් අරගෙන තිබෙන්නේ අර ධර්මතා ටික නම්, ඒ සොඳුරු ලෙස ගත්
දේ තුළ කලින් කල වරින් වර ධර්මතා මතුවෙන්න පටන් ගන්නවා. ඒ ධර්මතා
ප්‍රකට වෙන්න ගන්නවා. එවිට ධර්මතාවයක් නොවේ අපට ලැබෙන්නේ. පුතා
ලෙඩවෙලා, අම්ම තාත්තා ලෙඩවෙලා. මම ලෙඩ වෙලා. ලෙඩවීම මම, ලෙඩවීම මගේ.
අම්මා, තාත්තා, දුව, පුතා දිරනවා. මම දිරීමකට ලක්වෙනවා. දිරවීම මම
වෙලා. දිරීම මගේ වෙලා. අර ලෝක ධර්මතාවයේ මගේ කර ගත්තා. මරණය
ධර්මතාවයක්. නමුත් මැරෙන්නේ අම්මා, තාත්තා, බිරිඳ, දුව, පුතා. මරණය මම
වෙනවා. මගේ වෙනවා. ක්ෂයවීම වෙනස්වීම මම හෝ මගේ. එවිට දිරීම මම, මගේ,
වනවිට ලෙඩවීම මරණය වෙනස්වීම මම, මගේ වෙනවානම් මම දුක් විඳින්න ඕන. ඒ
දුකටයි මම, මගේ කියා කියන්නේ. දුකයි මගේ කියා අරගෙන තිබෙන්නේ. ඒ දුක මට
උරුමයි. එය ස්වභාවිකයි.
හැබැයි මේ දුක අපට ඇවිත් තිබෙන්නේ දුකේ යථාර්ථය නො දන්නාකම නිසා. මේ
සනාතනික ධර්මතාවය වෙනස්කළ නොහැකි වෙනස් නොවෙන ධර්මතාවයන්ගෙන් යුක්තයි
කියා නුවණින් යම් කෙනෙකුට දැනුණොත් ඔහු දුක දන්නවා. දුක දකිනවා. දුක
දන්න නිසා, දුක දකින නිසා දුක මම, මගේ කරගන්නේ නැහැ. ඔහුට පුළුවන්කම
තිබෙනවා මේ ලෝකය තුළ දුකෙන් මිදිලා ඉන්න. අර ජරා, ව්‍යධි, මරණ, කය, වය
ධර්මයන් තියෙයි. බුදු සිරුරත් දිරාපත් වුණා. ලෙඩ වුණා. හැබැයි
උන්වහන්සේලා ජරාව, ව්‍යාධිය, මරණය, කය, වය කියන ධර්මතා ,ධර්මතා ලෙසම
දැක තිබුණ නිසා දුක මගේ කරගෙන වින්ඳේ නැහැ. උන්වහන්සේලා දුකෙන් මිදිලා
හිටියා. අපටත් උන්වහන්සේ පෙන්වා දුන් ඒ දුකෙන්, කඳුළු හලන දුකෙන් මේ
ජීවිතයේදීම මිදෙන්න පුළුවන්. අපට දැක ගන්න, දැන ගන්න වෙනවා අප සොඳුරුයි
කියන හැම දෙයක් තුළම නො පෙනෙන ධර්මතා පහක් සැඟව සොඳුරු බවින් වැසී ඇති
බව.
අප දන්නවා පළැගැටියා කියන සතා ගිනි දැල්ලට හරි ආදරෙයි. ගිනි දැල්ලේ සැප
ඇතැයි කියා හිතන සතෙක්. ගිනි දැල්ලේ සැප ලබන්න ගිනි දැල්ලට පියාඹාගෙන
එන සතෙක්. අප බොහෝ වාරවල මේ අත්දැකීම ලබල තිබෙනවා. පළගැටියාට පහන්
දැල්ල සොඳුරුයි. ඒ පහන් දැල්ල පෙනෙන්නේ සැප ඇති තැනක් ලෙසයි. දුකට
අකැමැති සැපයට කැමැති පළගැටියාට තේරෙන්නේ නැහැ ගිනි දැල්ල නපුරුයි,
රළුයි ළංවුණොත් දැවෙනවා කියා. පිළිස්සෙනවා, දුක උපදිනවා කියන ඇත්ත
දන්නවානම්, පළගැටියා කවදාවත් පහන් දැල්ලට ළඟට එන්නේ නැහැ. පහන් දැල්ලේ
ඇත්ත තමා ළංවුණොත් දවන තවන පුළුස්සන බව. සැප කැමැති පළගැටියා සැපත
හොයාගෙනයි පහන් දැල්ලට ළංවෙන්නේ. එවිට අත්වන ඉරණම අප දැක තිබෙනවා.
අකැමැතිම අමිහිරි මරණයේ දුක පැළගැටියාට අත්විඳින්න වුණා. දැන් පළගැටියා
පහන් දැල්ල දැක්කේ යම්සේද ඔබ, මම මේ ලෝකය සොඳුරුයැයි මධුර, පි‍්‍රයමනාප
බවකින් සජීවි අජීවි යමක් දකිනම් ඒ දැක්ක දෙයද ඒ හා සමාන වෙනවා.
පළගැටියා ගිනි දැල්ල දකින්නේ යම් සේද, ඔබ දකින ලෝකයත් එබඳුයි. සැපත
සොයාගෙන යන පළගැටියාට අත්වන ඉරණම යම්සේද මේ ලෝකයේ සොඳුරු දේ සැප
සොයාගෙන යන අපටත් ජරා, ව්‍යාධි, මරණ, වෙනස්වීම්, දුක, සෝකපරිදේව
දුක්ඛදෝමනස්ස උපායාස අත්විඳින්න වන බව ඇත්තක්ම යි. ඒ නිසා අපට මේ
ධර්මතා ටික නිවැරැදිව සතිපට්ඨාන භාවනාවේදී හඳුනා ගන්න වෙනවා. මේ වෙනස
බුදුරජාණන් වහන්සේ පද හතරකින් අපට වදාළා. එයට කියනවා ‘සතර විපල්යාස’
කියා. පළගැටියා ගිනිදැල්ල දැක්කේ සැප තැනක් ලෙස. සැප ගෙනෙන තැනක් ලෙස.
නමුත් ඇත්ත නම් දුක ඇතිවන, දුක උපදවන තැනක් ය කියන දේ යි. ඒ ඇති දේට
වඩා වැරැදි ප්‍රතිවිරුද්ධ ආකාරයකින් දකින දැක්මට දන්න දැනීමට කියනවා
‘විපල්යාස’ කියා. විපරිතව වෙනස් ආකාරයකට ගැනීමයි ඒ. ගිනි දැල්ලේ
යථාර්ථය යම් බඳුද පළගැටියා ගත්තේ ඊට හාත්පස වෙනස් දෙයක්. සොඳුරු තැනක්
ලෙස. විපල්යාසයක් ලෙස. මේ ලෝකයේ විපල්යාස හතරක් තිබෙනවා. ඒ තමා අනිත්‍ය
දේ නිත්‍ය ලෙස, නිත්‍ය දේ සැපයි ලෙස, අනාත්ම දේ ආත්මය ලෙස, අසුබ දේ සුබ
ලෙස විපල්යාස ලෙස වරදවා ගැනීම. මේ වැරැදුන හැම තැනකම අපට හසුවෙලා
තිබෙන්නේ ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, කය ධර්මය හා වය ධර්මය
යි. එතකොට ගිනි දැල්ල සොඳුරුයි කියා පළගැටියා දැක්කට, කිව්වට ගිනි
දැල්ලේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක සිසිල් වෙන්නේ නැහැ. ඒක යථාර්ථයට වෙනසක්
කරන්න බැහැ. අප ජරාව, ව්‍යාධිය, මරණය, කය හා වය ධර්මය මොන මොන සොඳුරු
නමකින් ළංකර ගත්තත් ළංකර ගත්තේ මේ පහයි. එය මම, මගේ, මගේ ආත්මය වශයෙන්
නම් ගත්තේ එයයි අප විඳින දුක. ඒ නිසා මේ ධර්මතාවයන් තේරුම් ගත්විට අපට
මෙලොවම මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා.
මේ වැරැදි ක්‍රමය අපට අවබෝධ කරවලා ලෝකය ආත්ම නොවේ අනාත්මයි කියායි
භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ්. ඒ විදිහට අප වරදවාගත් හැම තැනකම අපට
හසුවෙලා තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණ කය හා වය ධර්මයන්. ගිනිදැල්ල
සොඳුරුයි කියා පළගැටියා දැක්කාට ගිනි දැල්ලේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක
සොඳුරු, සිසිල් වෙන්නේ නැහැ. ඒක යථාර්ථය වෙනසක් වෙන්නේ නැහැ. ඉහත
ධර්මතා පහ ගැන මොන මොන සොඳුරු නමකින් සොඳුරු ධර්මයකින් දැක්කත්,
ගත්තත්, බැලුවත් ඒ ධර්මතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ ඇත්ත නොදැක ඒවා
මම, මගේ, මගේ ආත්මය වශයෙන් නම් දැක්කේ, ළංකර ගත්තේ එහෙනම් ඒ ධර්මතාවය
තමන්ට අයිති එකක් තමන්ගේ එකක් වෙනවා. ඒකයි අපි දුක් විඳින්නේ. ඒ නිසා
මේ ධර්මතා තේරැම් ගත්විට මෙලොවදීම මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්
වෙනවා. දුක පිළිසිඳ දකිනවා කියනවිට ඒ ධර්මතාවය අප ප්‍රකට වෙනවා. ඊළඟට ඒ
ධර්මතාවය අපව ගලවලා දුකට යොමුකරන ප්‍රධානම සංදිය තමා ආත්ම දෘෂ්ඨිය.
ආත්ම දෘෂ්ඨියට සාපේක්ෂවයි මේ සියලු දුක් අපට ඉපදී තිබෙන්නේ.
ඒ නිසා අපට ආත්ම දෘෂ්ඨිය ගෙවෙන ආකාරයට ආත්ම සංකල්පය ගෙවෙන ආකාරයට මේ
කර්මස්ථාන භාවිතා කරන්න වෙනවා. ඒ නුවණ, ඒ අවබෝධය ඇතිකරගෙන ඒ අවශ්‍යතාවය
පිරෙන ආකාරයට ඒ වැටහීම දැනගෙන මේ කරුණත් තව තවත් හිතලා විමසලා
වැඩිදියුණු කරගෙන ඒ කියන අවබෝධයත් සමඟයි අප සතිපට්ඨාන භාවනාවට යොමුවිය
යුත්තේ. |