මැදිරිගිරිය වටදාගෙය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහාය අධ්යක්ෂ සහ
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධිකරණ ලේකම්
සිරිසමන් විජේතුංග
මැදිරිගිරිය වටදාගෙය ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසේදී සාදා ඇත්තේ ඊට
කලින් තිබුණු ගඩොලින් කළ වටදාගෙයක් වැසෙන ලෙසටය. පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මඟින් මෙම වටදාගෙයි තහවුරු කිරීමේදි පැරණි වටදාගෙයි
කොටසක්ද ඉතිරිවන ලෙසින් දැන් ඇති වටදාගෙයි විවරයක්
ඉතිරි කොට සාදා තිබේ
මහින්දාගමනයට පසුව අනුරාධපුරයේ පිහිටුවන ලද පළමු වැනි දාගැබ
ථූපාරාමයයි. ථූපරාමය දාගැබ සඳහා පුරාණ කාලයෙහි සාදන ලද වටදාගෙයක නටබුන්
අද පවා දැකිය හැකිය. නැගෙනහිර පළාතේ ති‍්‍රකුණාමලය දිස්ත්‍රික්කයේ
ගිරිහඬු දාගැබද (තිරියායේ) ද වටා සාදන ලද වටදා ගෙයක් දැකිය හැකිය.
වටදාගෙය – “ථූපඝරය” ලෙසින් ද නම් කෙරෙනු ඇත. “ඝරය” යනු ගෙය යන අර්ථය
සහිත වචනයකි. ප්‍රතිමා සඳහා සාදන ලද ගෙය, “ප්‍රතිමාඝර” යනුවෙන්ද බෝධින්
වහන්සේ සඳහා සාදන ලද ගෙය “බෝධිඝරය” ලෙසින්ද හැඳින්වේ.
මැදිරිගිරිය දාගැබ පිහිටා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව
ප්‍රදේශයෙහිය.
මැදිරිගිරියෙන් හමු වූ ටැම් ශිලා ලිපියක “මැඩිලිගිරි ඇත්වෙහෙර” යන නාමය
සඳහන් වේ. මෙකල ව්‍යවහාරයේ පවතින මැදිරිගිරිය යන නාමය ක්‍රිස්තු වර්ෂ
දසවන සියවසේදී මඩිලිගිරි යන නාමයෙන් හඳුන්වා ඇත. මහාවංසයෙහි සඳහන් වන
මණ්ඩලගිරි විහාරය යනු මෙම පුදබිමය. එසේ වුවද මණ්ඩලගිරි විහාරය සාදවන
ලදදේ කාවිසින්ද යන්න නිශ්චිතවම සඳහන් වන පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික
සාක්ෂියක් මෙතෙක් හමු වී නැත.
කණිට්ඨතිස්ස (ක්‍රි.ව. 164192) විසින් මණ්ඩලගිරි විහාරයෙහි උපෝසථඝරයක්
(පොහොය ගෙයක් සාදවන ලද්දේ යැයි මහාවංසයෙහි සඳහන් වී තිබේ. එමෙන්ම සතරවන
අග්බෝ (ක්‍රි.ව. 667-683 ) රාජ්‍ය කාලයේදි මලය රාජ නම් ප්‍රාදේශිය
පාලකයෙකු විසින් මෙම මණ්ඩලගිරි විහාරයෙහි “ධාතු ඝරයක්” (ධාතු විහාරයක්)
කරවන ලද බවද මහාවංසයෙහි සඳහන් වන කරුණකි. මෙය මෙකල වටදාගෙය ලෙසින්
පුරාවිද්‍යාඥයින් හා ඉතිහාසඥයින් විසින් සළකනු ලැබේ. පස් වැනි කසුප් රජ
(ක්‍රි.ව. 914-923) මැඩිලිගිරි ඈත් වෙහෙරේ පියන්ගල සතර සීමාවට පරිහාර
දීමනා පූජා කර ඇති බව සඳහන් වන කරුණකි. තවද පස්වන කාශ්‍යප රජතුමා
(ක්‍රි.ව. 853-887) ද මෙම පුදබිමට ගම්බිම් පූජා කර ඇත. ඉහතින් සඳහන්
කරන ලද කාශ්‍යප රාජ යුගයේදි භික්ෂූන් වහන්සේලා සඳහා රෝහලක්ද මෙම
පුදබිමෙහි තිබුණු බවට සාක්ෂි හමුවී තිබේ. මේ පුදබිමේ බෙහෙත් ඔරුවක්ද
හමුවී ඇත.
දෙවන ගජබා සහ මහාපරාක්‍රමබාහු රජ අතර සිදුවු සාමගිවිසුම
පුරාණ රාජ සමයෙහි ලංකාවේ රාජ්‍ය පාලකයින් සහ රජවරුන් අතර සාම ගිවිසුම්
සිදු කළ බවට ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත. දෙවන ගජබා
හා මහාපරාක්‍රමාබාහු (ක්‍රි.ව. 1153-1186) යන රජවරුන් දෙදෙනා අතර ඇතිවු
සාමගිවිසුම මෙහි ගල් පර්වතයක ලියවා ඇතිබව මහාවංසයේ සඳහන් වෙයි. එහි
පිටපතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල අසල සංගමු විහාරයේ ගලක කොටා
තිබී හමුවී ඇත.
ඊට අනුව පළමුව මිය යන රජුගේ රාජ්‍යය ජීවතුන් අතර සිටින රජුට අයත්වන්නේ
ය. එසේ වුවද දෙවන ගජබා රජු මිය යෑමෙන් පසුව එම රාජ්‍යය ලබා ගැනීම පිණිස
මහාපරාක්‍රමබාහු රජතුමාට සටන් කිරීමට සිදුවු බව දක්නට ලැබෙන කරුණකි.
ඉන්පසුව රජ වු (පොළොන්නරුවේ) නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187-1196)
රාජකීය වන්දනාවේ ගිය ප්‍රසිද්ධ පුදබිම් අතරේ මණ්ඩගලිරි විහාරය ගැනද
සඳහන් වේ. දඹදෙණි රාජධානි සමයේදී ලියන ලද පූජාවලි නම් ග්‍රන්ථයේ ද
මණ්ඩලගිරි විහාරය ගැන සඳහන් වේ. මහාචාර්ය විමල් විජේරත්න මහතා
මණ්ඩලගිරි විහාරය යනු සංගමු විහාරය බව සිය පර්යේෂණයකින් පහදා දී ඇත.
ඉහත සඳහන් කරන ලද මේ සියලු කරුණු ගැන විමසා බලන විට ක්‍රිස්තුවර්ෂ දෙවන
සියවස කාලයේ සිට ක්‍රි.ව. 13 වන සියවස තෙක්ම මැදිරිගිරිය පිළිබඳව
වංසකතාවල සහ ශිලා ලිපිවල සඳහන් වන බව දක්නට ලැබේ.
මැදිරිගිරිය පුදබිමෙන් ඉතා පුරාණ යුගයට අයත්වන බ්‍රාහ්මී අක්ෂර සහිත
ගඩොල් පුරාවිද්‍යා කැණීම්වලදි හමුවී තිබීම ඉතා වැදගත් කරුණකි. ඒ අනුව
මැදිරිගිරියේ ස්ථූපය (දාගැබ) ලංකාවේ පැරණිතම ස්ථූපවලට අයත්වන බව
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරයි.
“ලංකාවේ වඩාත් ප්‍රකට වටදාගෙය පිහිටා ඇත්තේ පොළොන්නරුවේය. වාස්තු
විද්‍යාත්මක ලක්ෂණ වැඩි ගණනක් අනුව මැදිරිගිරියේ වටදා ගෙය පොළොන්නරුවේ
වටදා ගෙයට සමානය. ඒ දෙකෙහිම ඇතුළත මිනුම් එක සමානය. එහෙත් මැදිරිගිරියේ
වටදාගෙයට පිවිසෙන ප්‍රමුඛය (දොරටුව) වඩාත් විශාලය. මැදිරිගිරිය වටදාගෙය
අවට බිම් මට්ටම වඩා උස් වු ගල්තලාවක් මත ඉදිකර තිබෙන්නකි. මේ පිහිටීම
නිසා අවට ස්වභාවික පරිසරය අබිබවා සිටින විලාසයක් මෙම ස්ථානය උසුලයි.
නරඹන්නාගේ සිත් තුළ මැදිරිගිරිය වටදාගෙයින් ජනිත කරවන හැඟීම් ඒ
සිද්ධස්ථානයට ළඟාවීමට සාදා ඇති උදාර පඩිපේළිනුත් උස්වු ද්වාර
මණ්ඩපයෙනුත් (දොරටු මණ්ඩපය) තවත් තියුණු කෙරෙයි.
වටදාගෙය මැද ස්ථූපයකි. මෙම ස්ථූපයේ පහළම කොටසේ විෂ්කම්භය අඩි 26 කි.
දැන් අඩි 5 පමණ උසට තහවුරු කර ඇති එහි අණ්ඩය මනාව නෙළන ලද හුණුගල්
පතුරු පිටතට ඇල්ලූ කොඳු වලලු වලින් විසිතුරු වූ පේසාවක් මත ඉදිකර
තිබෙන්නකි. මෙම ස්ථූපය ඉතා පුරාතන අවදියක ඉදිකරවන ලද්දකි. එය ආවරණයට
සාදන ලද වටදාගෙයට වඩා අවුරුදු 800 පමණ පැරණිය. ස්ථූප පදනමෙහි කොඳු සහිත
හුණුගල් මුහුණතද ඒ පුරාතන අවදියට අයත් නොවේ.
මෙම ස්ථූපයට පිටුපා සතර දිසාවට මුහුණලා සමාධි පිළිම හතරක් පිහිටුවා
තිබුණි. ධ්‍යාන මුද්‍රාවෙන් නිමවුණු මෙම හුණුගල් බුදුපිළිම හතර ඉතා
කමනීය ලෙස නෙළන ලද හුණුගල් ආසන හතරක් මත වඩා හිඳුවා ඇත. මෙම බුදුපිළිම
හතර අතරින් නොකැඩී ඇත්තේ නැගෙනහිර අතට මුහුණලා පිහිටි බුදුපිළිමය
පමණකි. (පුරාවිද්‍යා පර්යේෂණ මහාචාර්ය සෙනරත් පරණවිතාන පි.104-105
(1972)
මැදිරිගිරිය වටදාගෙය මධ්‍යයෙහි ඇති දාගැබ වටා ඒක කේන්ද්‍රීයව ශිලා ටැම්
(කුලුනු) වට තුනක් සිටුවා තිබුණි. මෙම කුලුනු තනිගලෙන් නෙළා තිබුණි.
මෙම කුලුනු අටපට්ටම් ය. කුලුනු හිස්ද අටපට්ටම් ලෙසින් නෙළා
තිබුණි.එපමණක්ද නොව එම කුලුනු හිස් යටිපැත්තේ කුඩුම්බි සිදුරක්ද
කුඩුම්බි කට්ටයක් ද සාදා තිබුණි. මෙම කුලුනු හිස්ද කැටයම් සහිතවය. මේ
කුළුණ මත වහලයක් සවිකර තිබුණි. මේ ලක්ෂණ අනුරාධපුර කලා ශිල්ප යුගයේ
වටදා ගෙවල්වල ලක්ෂණයක්ද වූයේය.
ඉහතින් සඳහන් කළ පරිදි මෙම වටදාගෙයි කුලුනු පේළි තුන (ඒක කේන්ද්‍රියව)
දාගැබ මැදිකර නිර්මාණය කර තිබුණේ මෙසේය. පිටතින්ම කුලුනු තිස්දෙකක්
(32) තිබූ අතර ඒවා දාගැබ වටා එහි පාදමේ සිට අඩි 14 අඟල් 5 දුරින්
පිහිටියේය. එම එක කුලුනක උස අඩි 9 කි. වටදාගෙයි මැද ඇති කුළුණු පේළිය
කුලුනු විස්සකි. ඒවා එකක් අඩි 6 උසය. ඇතුළතින්ම වටදාගෙයි ඇති කුලුනක උස
අඩි 17 කි. එහි එම පේළියේ කුලුනු 16 කි.
මෙම වටදාගෙයි මැද සහ පිටත කුලුනු (පේළි) වටයන් දෙක අතර ගඩොල් බිත්තියක්
සාදා තිබුණි. මෙය බොරදම් කළ ගල් පාදමකින් (අත්තිවාරමකින්) ආරම්භ වේ.
එහි ප්‍රධාන සතර දිසාවල අඩි 5 හමාරක විවරයක් ඇති අතර ඒ මෙහි වහලය
පිහිටියේ කණු මත පමණක් නොව ගඩොල් බිත්ති මත බවද මෙයින් පැහැදිලි වේ.
මැදිරිගිරිය වටදාගෙය ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසේදී සාදා ඇත්තේ ඊට
කලින් තිබුණු ගඩොලින් කළ වටදාගෙයක් වැසෙන ලෙසටය. පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මඟින් මෙම වටදාගෙයි තහවුරු කිරීමේදි පැරණි වටදාගෙයි
කොටසක්ද ඉතිරිවන ලෙසින් දැන් ඇති වටදාගෙයි විවරයක් ඉතිරි කොට සාදා
තිබේ.
මෙම වටදාගෙයට අමතරව ඊට වයඹ දෙසින් නටබුන් වු පිළිම ගෙය පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත. මෙම ස්ථානයේ තිබී විශාල හිටි
බුදු පිළිම දෙකක කොටස්ද පාදයක් කැඩුණු පිළිමයක්ද තවත් කැඩුණු පිළිම
දෙකක් ද හමුවී ඇත. මේවා ස්ඵටික හුණුගලින් නිමවා තිබේ. ඉහත සඳහන්
පිළිමගෙයට ගිනිකොණ පැත්තේ තවත් පිළිම ගෙයකි. එහි ගඩොලින් සාදන ලද අඩි
33 පමණ දිග බුදුපිළිමයක අවශේෂ හමු වී ඇත. බෙහෙත් ඔරුවක් හමුවී ඇත්තේ
මෙම පිළිමය අසලිනි. වටදාගෙයට උතුරින් ගොඩනැගිලි අවශේෂ සහිත ගල්තලාවකි.
ගලෙහිම කපන ලද ගල්පඩි 25 ක් එහි තිබේ.වටදාගෙයට ඉදිරිපසින් ඇති උස
ගල්තලාවේ දාගැබක නටබුන් ඇත. එය රෝහල පිහිටි ස්ථානය ලෙසින් සැලකෙන නමුදු
ඊට අදාළ සෙල්ලිපි හා බෙහෙත් ඔරුව හමුවී ඇත්තේ මේ බිමෙහි වෙනත්
ස්ථානයකිනි. |