නිවනට මඟ
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි
නිර්මාණවාදය මුල් කරගත් ආගම හා දර්ශනයන් දෙස බැලීමේදී පෙනී යන්නේ බුදු
දහම හැර අන් ආගම් හා දර්ශන චතුෂ්කෝටියට අයත් වන බවයි. එනම් ඇත, නැත, ඇත
නැත දෙකම පිළිගැනීම ඇත්තේද නැත, නැත්තේද නැත යනුවෙන් හැඳින්වෙන මේ
සිවුආකාරයන්ගෙන් පිළිගැනීමයි. නිර්මාණය කරන ලද තැනැත්තෙක් පැහැදිලිව
නොමැතිවීම එම දර්ශනයන්ගේ ප්‍රධාන ලක්ෂණයක්. ඒ සියල්ල ආකස්මිකවයි. මේ
සම්බන්ධව අප පසුගිය ලිපියකින් කතා කළා.
බුදු දහම චතුෂ්කෝටියට අයත් නොවන්නක්. එනම් එය චතුෂ්කෝටි විනිර්මුක්ත
දර්ශනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එනම් බුදු දහම ප්‍රත්‍ය මත පදනම්
වූ නැත්නම් පටිච්ච සමුප්පන්න දර්ශනයක්. පටිච්ච සමුප්පන්න දර්ශනය තුළ
කරුණු හතරක් දක්වා තිබෙනවා. එහි දක්වා ඇති පරිදි.
එක හේතුවකින් එක ඵලයක් පමණක් හට ගන්නවා යන්න බුදු දහම පිළිගන්නේ නැහැ.
එසේ එක හේතුවකින් එක ඵලයක් හට ගන්නත් පුළුවන්. නමුත් එය එකම හේතුවක්
පමණක්ම නිසා හටගන්නා බවක් බුදු දහමේ දැක්වෙන්නේ නැහැ. එසේම එකම
හේතුවකින් ඵල රාශියක් හට ගන්නවා පමණක් යන්නත් බුදු දහම පිළිගන්නේ නැහැ.
එසේම හේතු ගොඩකින් එක ඵලයක් ඇතිවනවා පමණක් යන්නත් බුදු දහම පිළිගන්නේ
නැහැ. එය වන්නත් පුළුවන්. සිවුවැන්න වන්නේ හේතු ගොඩකින් ඵල රාශියක් ඇති
වීමයි. බුදු දහම එයත් එසේම වන බව පිළිගන්නේ නැහැ. එසේත් වන්න පුළුවන්.
බුදු දහම මේ සියල්ලේ එකතුවක් ලෙසින් දක්වන්න පුළුවන් එක හේතුවක්, හේතු
රාශියක් නිසා ඵලයක් හෝ ඵල රාශියක් හෝ හට ගනී. යන්න බුදු දහමේ න්‍යාය
ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. රූප, ශබ්ද, රස ආදි අරමුණු සලකා ගතහොත්
එතැනදි චතුෂ්කෝටියකට යෑමට සිදු වෙනවා. එසේත් නැත්නම් ඇත හෝ නැත යන
ද්වන්ධ චරණයකට (දෙපැත්තකට යොමු වන) යොමු වනවා. එසේ චතුෂ් කෝටියක් ඇති
සැම විටම තර්කය මතුවෙනවා.
කුමක්ද ? මේ තර්කය යනුවෙන් අපි හඳුන්වන්නේ උදාහරණයක් ගනිමු. එක් අයෙක්
ගම හොඳයි යනුවෙන් පවසා ගමෙහි තිබෙන සොබා දහමේ අගය වර්ණනා කරනවා.ඇළදොළ
වර්ණනා කරනවා. තවත් අයෙක් නගරය හොඳයි යනුවෙන් පවසා නරගයේ ඇති පහසුකම්,
යාන වාහන , සුපිරි පාසල්, රෝහල් ආදිය ගැන පවසනවා. මේ අයුරින් තර්ක
දිගින් දිගටම සිදු වෙනවා.
තර්කය සෑම විටම පදනමක් ඇතිවයි ඇති වන්නේ.උදාහරණයක් ලෙස දක්වන්නේ නම්
සියලු ශාක භක්ෂක සතුන්ට අං ඇත. එම නිසා හාවාටද අං ඇත. යන තර්කය හඳුන්වා
දෙන්නට පුළුවන්. වාද කිරීම සඳහා මෙය හොඳ තර්කයක්. වාද කිරීමෙන්
තර්කයෙන් තීරණයට පැමිණිය හැකි වන්නටත් පුළුවන්. නමුත් නිවැරැදි දේ දැන
ගන්නට නොහැකි වන්නට පුළුවන්.
හාවාට අං ඇතැයි යන්න පැවසූවන්ට හාවකු ගෙනවිත් අං නොමැති බව පෙන්වූ විට
හාවාට අං එනතුරු ඉවසන ලෙස දන්වා සිටින්නට පුළුවන්. හාවා මිය ගියහොත් අං
ඒමට පෙර හාවා මිය ගියාට අප කුමක් කරන්නද? ඔන්න තවත් තර්කයක් ඉදිරිපත්
කරන්නට පුළුවන්.
මේ අයුරින් තර්ක කිරීමට භාෂාවක් තිබිය යුතු වනවා. භාෂාවක් නැතිව
තර්කයක් ගොඩ නැඟෙන්නේ නැහැ. භාෂාවෙන් තමයි හැම විටම තර්කය ගොඩ
නැඟෙන්නෙ. එසේනම් සසර දිගු වීමට භාෂාව ප්‍රබල හේතුවක් වනවා. අපේ බොහෝ
දෙනෙක් මේ භාෂාව උපයෝගි කරගෙනයි නිවන ගැන කතා කරන්නේ. එසේම කර්ක විතර්ක
කරන්නෙ. ඔවුන් භාෂාවේ වචන විග්‍රහ කරමින් වචනවල එල්ලෙමින් නිවන ගැන
සොයනවා.
අප හොඳින් මතක තබා ගත යුතු කරුණක් වන්නේ භාෂාව නිවනේ අංගයක් නොවන බවට.
භාෂාව කියන්නෙ සසර දිගු කිරීමේ මාර්ගයක්. භාෂාවක් තිබේ නම්
අනිවාර්යෙන්ම එතැන සම්මුති ඇති වනවා. භාෂාව සම්මුති සත්‍ය ලෙසින් අප
යොදා ගන්නවා. භාෂාව උපයෝගි කරගෙන අප විවිධ සම්මුතින් හදා ගන්නවා. එසේ
හදා ගත් සම්මුති ලෙස පඩික්කම, මේසය, පෑන,පොත, මිනිසා , සතා යන උදාහරණ
ලබා දෙන්න පුළුවන්. අප මේ සම්මුති නාම හදල තියෙනවා. සම්මුති තුළ නියම
සත්‍යය නැහැ. මේ සියල්ලම අප විසින් හදා ගත් සම්මුතීන් බව අප පැහැදිලිව
දැන ගත යුතුයි. සම්මුතිවල නියම සත්‍යය අප දැනගත යුතුයි. සම්මුති යනු
සසරෙහි තිබෙන දුක ලඟා කරනු ලබන දෙයක් පමණයි. ඒ අනුව අපට ඉතා පැහැදිලියි
භාෂාවකින් සම්මුති ඇති වන බව, මේ සම්මුතීන් වෙනස් වනවා. එවිට අපට දුක
ඇතිවනවා . එසේනම් සම්මුති සත්‍යය ඇති තැන අනිවාර්යයෙන් තියෙන්නේ දුකයි.
දුක නම් එතැන තිබෙන්නේ නිවන් මාර්ගය විය හැකිද? එතැන තිබෙන්නේ නිවන නොව
සංසාරයයි.
සංසාර මාර්ගයෙන් මිදී නිවන් මඟට යාමට හැකි ආකාරය බුදුරදුන් ඉතා
පැහැදිලිව වදාරා තිබෙනවා. මේ ආකාරයට සම්මුතීන් හරහා ඉන්ද්‍රිය
ප්‍රත්‍යක්ෂයන් ගෙන් නිවන් ලැබිය නොහැකියි. නිවන් මඟට යොමු වීමට අප
විසින් ඉන්ද්‍රියයන් අති ඉන්ද්‍රියයන් බවට පත් කළ යුතුවෙනවා. ඇස දිබ්බ
චක්ඛු කළ යුතු වෙනවා. සාමාන්‍ය කන දිබ්බ සෝත බවට පත් කළ යුතු වෙනවා.
සාමාන්‍ය දිව දිබ්බ ඝාණ බවට පත් කළ යුතු වෙනවා. ඒ අනුව ගඳ සුවඳ සම්බන්ධ
යථාර්ථය නිවැරැදිව දැකිය යුතු වනවා. දිබ්බ චක්ඛු නැත්නම් දිවැසින්
දකිනවා කියන්නේ නිවැරැදිව දකිනවා යන්නයි. මනසින් නිවැරැදි යථාර්ථය
දැකීමයි.ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. මෙහිදී අනු දැන වදාරා ඇත්තේ රහතන්
වහන්සේ නමක් මලක් අරගෙන නහයට කිට්ටු කරන්නේ නැහැ. එම මලෙහි ඇති ආවර්ත
බවක් උන්වහන්සේට පෙනෙනවා. එහිදී ධන අයන රින අයන ලබා ගැනීම් පිට කිරීම්
ආදිය උන්වහන්සේට පෙනෙනවා.
එය සාමාන්‍ය අයෙකුට නොපෙනුනාට උන්වහන්සේ යථාර්ථය අවබෝධ කර ගන්නවා. ඇත්ත
නැත්ත නිවැරැදිව වටහා ගන්නවා. උන්වහන්සේට ක්‍රියා සිත් මිස ඵල සිත් හට
ගන්නේ නැහැ.
රහතන් වහන්සේ මැනවින් අවබෝධ කරගෙනයි සිටින්නේ. මලෙහි අන්තර්ගතය ගැන,
සැබෑවටම එය කුමක්ද යන්න ගැන උන්වහන්සේට මනා අවබෝධයක් තිබෙනවා. අති
ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය යනුවෙන් අප හඳුන්වන්නේ මේ අයුරින් ඇත්ත ඇති
සැටියෙන් දැකීමයි. අති ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තියෙන තැනැත්තාට ද්වන්ධ
චරණයක් නැහැ. දෙපැත්තකට හිතන්නෙ නැහැ. නිවැරැදිව යථාර්ථය වටහා ගන්නවා.
එසේනම් ද්වන්ධ චරණයක් නැහැ. ද්වන්ධ චරණ විනිර්මුක්තයි. එහි දෙපැත්තක්
නැහැ. එක පැත්තයි එහිදී අවබෝධ කර ගැනීමට ඇත්තේ. ද්වන්ධ චරණයක් නැත්නම්
එතැන චතුෂ් කෝටියක්ද නැහැ. එසේනම් චතුෂ්කෝටි විනිර්මුක්තයි යනුවෙන් අපට
හඳුන්වා දෙන්න පුළුවන්. ඒ චතුෂ්්කෝටි විනිර්මුක්ත නම් එතැන තර්කයක්
නැහැ. තර්ක කරන්න දෙයක් නැහැ. ඇත්ත ඇති සැටියෙන් වැටහී තිබෙනවා.
තර්කයක් නැත්නම් එය අතක්කාවචරයි .එසේ නම් නිවන අතක්කාවචරයි.
එසේ නම් අප ධර්ම කාරණාවන්හි එල්ලීගෙන කුමක්ද මේ කරන්නෙ. එය ඇත හෝ නැත
යන දෙපැත්තට හෝ ඇත නැත ඇත්තේද නැත, නැත්තේද නැත ආදි වශයෙන් චතුෂ්කෝටිවල
එල්ලෙමින් තර්කයන්හි නියැළෙනවා. මනැස මුලික කරගත් පෘථග්ජන
ඉන්ද්‍රියයන්ගෙන් මයි මේ සේරම කරන්නෙ. එතැන දිවැසක් තිබෙනවාද?
තර්කය නැත්නම් භාෂාවක් අවශ්‍ය නැහැ. නිවනට භාෂාවක් ද නැහැ. නිවන
යනුවෙන් හඳුන්වන්නේ භාවනානුයෝගිව වඩන දර්ශනයක්, තමන්ගේ මනැස දියුණු කර
ගනිමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමයි. නිවන
භාෂාවකින් තොර ආභාෂාත්මක බවද අප විසින් මෙහිදී මැනවින් තේරුම් ගත යුතු
වෙනවා. අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන මේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්නට භාෂාවක්
අවශ්‍ය වන්නේ නැහැ. භාෂාවක් නොමැති තැන සම්මුති නැහැ. මිනිසා ,පොත යන
සම්මුතීන් නිවන් මඟ අවබෝධ කර ගන්නට වෙර දරන පුද්ගලයා තුළ නැහැ.
මනැස දියුණු කරගෙන පිළිකුල් භාවනාවේ යෙදී සිටි අනුරාධපුරයේ තිස්ස නම්
වූ භික්ෂූන් වහන්සේ නමක් අසලින් කාන්තාවක් සිනාසී ගමන් කළා. ඒ පසුපසින්
පැමිණි තරුණයෙක් කාන්තාවක් සිනාසෙමින් ගියා දැයි විමසූ විට කාන්තාවක්
තමන් නොදුටු බවත් දත් තිස්දෙකම විරිත්තාගෙන ගිය ඇට සැකිල්ලක් දුටු බවත්
උන්වහන්සේ පවසනවා. සත්‍යය අවබෝධ කරගත් තැනැත්තාට සම්මුති නැහැ. සම්මුති
නැත්නම් එතැන ඇත්තේ පරමාර්ථ සත්‍යය පමණයි. පරමාර්ථ සත්‍යය ඇත්නම් එතැන
දුකක් ඇති වන්නේ නැහැ.
ඇත්තේ සුඛය පමණයි. සැප ඇත්නම් එය නිවන් මාර්ගයයි.මේ කරුණු කාරණා ගැන
නොදන්නාකමින් අප විසින් කෙතරම් අනවබෝධාත්මක ක්‍රියාවන් සිදු කරනවාද
යන්න ගැන අවබෝධයෙන් සිතා බැලිය යුතුවනවා. ක්ෂණිකව නිවන් දකින්න කැමැති
අයෙක් සිටිනවානම් කළ යුත්තේ අති ඉන්ද්‍රිය වර්ධනය කර ගැනීමෙන් ලෝකය දෙස
බැලීමයි. අති ඉන්ද්‍රිය වර්ධනය කර ගත් විට සියල්ල විනිර්මුක්තයි.
නිවන නම් අවේදයිත නැත්නම් විඳිය නොහැකි සැප ලැබීමට පුළුවන්.
පරමාර්ථ සත්‍යය පමණක් ඇති අභාෂාත්මක නිවන කරා ගොස් උතුම් වූ නිවනට ළඟා
වීමට කිසිදු අපහසුවක් නැහැ.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |