අමරපුර සිරි සුමන මහානිකායේ උපසම්පදා විනයකර්ම – 2014
දඩලුපරම්පරායත්ත අමරපුර සිරි සුමන මහා නිකායේ උපසම්පදා විනය කර්මය 2014
ජූනි මස 28 දින පන්නිපිටිය දෙපානම ශ්‍රී දෙවුරම් මහා විහාරස්ථ ශ්‍රී
පියදස්සි උපෝෂථාගාරයේ දී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත අතිපූජ්‍ය මාතර
විමලරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට
නියමිත බව නිකායික සියලු භික්‍ෂු සංඝයා වෙත දන්වා සිටී.
ඉතිරිය»
මහාචාර්ය වල්පොළ
රාහුල නාහිමි
මහාචාර්ය වල්පොළ රාහුල
හිමියන් ඉතා අල්පේච්ඡ දිවියක් ගත කළ සුපේශල ශික්ෂාකාමි විනය ගරුක හිමි
නමකි.
කිසිවිටක ප්‍රසිද්ධිය යන්න ගැන මඳ හෝ අවධානයක් යොමු නොකළ මේ කෘතහස්ත
හිමිපාණන් පවසා තිබුණේ තමන් වහන්සේ අපවත් වූ විට අපවත් වූ දා පසු දින
හෝ ළඟම තිබෙන ආදාහනාගාරයේ අවසන් කටයුතු කඩිනමින් සිදුකර
අවසන් කරන ලෙසයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දිවි ගමන සරුකරන
දහම් කරුණු සතරක්
බුදුදහම අනුපූර්ව ප්‍රතිපදාවකි. එහි මුල සීලයයි. සීලය සංවරකම, තැන්පත්
කම, තපස හික්මුණුකම වැනි අර්ථ රාශියක ගැනේ. නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි
නිමග්න වනු කැමැත්තා ප්‍රථමයෙන්ම සීලයෙහි පිහිටා සිතත්, කයත් සංවර කර
ගැනීමෙන් චිත්ත සමාධිය මහත් ඵල, මහානිසංස ලැබෙන බව විසුද්ධි මාර්ගයෙහි
පෙන්වා දෙයි.
ඉතිරිය»
බෞද්ධ ලකුණ ඔසවා තබන
පොලොන්නරුවේ
කිරි වෙහෙර
පොළොන්නරු රාජධානියේ නටබුන් අතර රැෙඳමින් ඉතා රමණීය වූද ඓතිහාසික වූද
සන්හිඳියාවෙන් පිරිපුන් ආගමික පරිසරයේ ස්වභාවය උදෙසා සුවිශේෂි වූ
පසුබිමක නිර්මාණය කර තිබේ. කිරිවෙහෙර දෙවැනි වන්නේ පොළොන්නරුවේම ඇති
‘රන්කොත් ‘ වෙහෙරට පමණකි.
මෙය කරවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව. 1153- 1186) එක්
මෙහෙසියක වූ සුභද්‍රා රැජිනි විසින් යැයි කියැවෙයි. මේ මහා ස්තූපය
ආරම්භයේදි ‘රූපවතී’ ස්තූපය නමින් හැඳින්වූ බවට සඳහනක් ද තිබෙයි.
ඉතිරිය»
|