උඩරට අමරපුර නිකායේ
උපසම්පදාව ජුලි 4 - 5
උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා මංගල්‍ය ජුලි
4, 5 දිනවලදී වරාතැන්න හල්ලෝලුවාතොට හක්කිඳ සිරිමහබෝධි උදකුක්ඛේප
සීලාමාලකයේ දී උඩරට අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ
සෝමානන්ද මහා නාහිමිපාණන්ගේ සහ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යචාර්ය
අත්තරගම වජිරජෝති නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඉතිරිය»
අධ්‍යාත්මික සියුම් ප්‍රකාශන ශක්තියක
ශ්‍රේෂ්ඨ ඵලය
1896 වසරේදී එනම් මීට වසර 118 කට පමණ ප්‍රථම මහා දිසාපතිවරයා වාර්තාවක්
සකසන්නේ කුමන නම් බුද්ධ ප්‍රතිමාවක් වෙනුවෙන්ද? ඔහු එය දකින්නේ මීට වසර
142කට ඈත කාලයේදී කිසිදු හව්හරණක් නැති බොරළු පාරේ යනෙන වාහනයකට අසුවී
වේදනා විදින යාචකයකු තරම්වත් සැලකිල්ලක් නොදැක්වූ ඒ දෙස බලා සිටින රුදු
මිනිසකුගේ සිත වුව වෙඬරු පිඬක් සේ තෙත් කිරීමට සමත් වටිනාකම මුදලකට
තක්සේරු කළ නොහැකි අසදෘශ මහා පිළිම වහන්සේ නමක් පිළිබඳවය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල පිහිටමු
“අද්ධුවා ලොකො විපරිනාම ධම්මො” අපගේ ජීවිතය අස්ථිරයි. අනියතයි. වෙනස්වන සුළුයි. ලොව
පවතින සජීවි, අජීවි, සියලු දේ අනිත්‍යයි. හෙවත් වෙනස් වීමට පත්වේ “යං කිඤ්චි සමුදය
ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් වෙයිද ඒ සියල්ල
අනිත්‍ය ස්වභාවයට පත්වේ.
ඉතිරිය»
හෙළ සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට
වැඩම කිරීමට පෙරාතුව ශ්‍රී ලංකාව තුළ ‘ගින්න
පිළිබඳව එක විශ්වාසයක් පැවතුණි. එදා සමාජය ප්‍රකාශ
කරනු ලැබුවේ ‘ගිනි දෙවියා’ පිදීම යනුවෙනි.
ස්වාභාවිකව උපදින ‘ගින්න’ දෙවියෙක් ලෙසට සැළකීමට
තරම් ආගමික විශ්වාස ප්‍රබල වුණි. සෘග්වේද යුගයේ
උපනිෂද් ග්‍රන්ථවල පවා ‘ගින්නට’ දෙවියෙක් ලෙස
සඳහන් කරන සංස්කෘත සාහිත්‍යයේ තැන් තිබේ. එම
ඉන්දියානු බලපෑම ලංකාවට පැමිණියේ ය
ඉතිරිය»
මුල් බුදු සමයෙහි විචිත්‍රවත් වූ චතුරාර්ය සත්‍යය
ධර්මය
ලොව කොතෙක් සත්‍ය ධර්ම ඇතත් ඒ සියල්ල ආර්ය සත්‍ය නොවෙයි. කිරි සුදු පාට
යැයි කීවොත් එය සත්‍යයකි. නමුත් එය ආර්ය සත්‍ය නොවෙයි. මන්ද යම්
කිසිවෙකුට එය වෙනස් කළ හැකි බැවිනි. ආර්ය සත්‍ය කිසිවෙකුට වෙනස් කළ
නොහැකිය. එබඳු සත්‍යයෝ සතර දෙනෙකි. බුදුන් වහන්සේ යමක් ගැන දුකයයි
වදාළසේක්ද එය සදාකල්හිම දුකය. එහි වෙනසකට පත්කිරීම මෙලොව උපන් අන්
කවරෙකුටවත් කළ නො හැක්කේය. අනිත්‍ය සත්‍යයන් පිළිබඳවද මෙලෙසින්ම සඳහන්
කළ හැකිය. “යස්මා තථානි අවිතථානි අනඤ්ඤථානි ච, තස්මා අරියානං සච්චානිතී
වුච්චති” යනුවෙන් මෙයට අයත් වන ධර්ම සතරට ආර්ය සත්‍ය යන නම ලැබී ඇත්තේ
‘තථ- අවිතථ’ ‘අනඤ්ඤථ’ යන ලක්ෂණ ස්වභාවකොට ඇති නිසාවෙනි.මෙහි ‘තථ’
ලක්ෂණය නම් සත්‍ය ස්වභාවයයි. ‘අවිතථ’ නම් වෙනස නොවන බවයි. ‘අනඤ්ඤථ’ නම්
අන් ආකාරයකින් නොසිටිනා බවයි.
ඉතිරිය»
|