UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ ගුණ සමරු පින්කම් මාලාව

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම පලල්ල, වට්ටක්කගොඩ ශ්‍රී නිදංගලාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිට වසරකට පෙර අපවත් වී වදාළ වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්මාදුව අරියකිත්ති මාහිමියන්ගේ හා එයට පෙර අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මා හිමි, තෙල්ලඹුරේ අරියවංස මාහිමි, කොක්මාදුව සරණපාල මා හිමි, ගලතරේ සෝමරතන මාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ හා මිය ගිය සැමට පින් අනුමෝදන් කරවීම සඳහා සංවිධානය කළ ගුණසමරු පින්කම් මාලාව මෙම මස 30 වන දින සිට පෙබරවාරි මස 02 වන දින දක්වා කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

සම්බුදු සිරි පා පහස ලද අසිරිමත් පින් බිම

ශ්‍රී පාද අඩවියේ අපූරු සොබා සුන්දරත්වය අපේ සංදේශ කවීන් නිවැරැදිව දැන හඳුනාගෙන තම නිර්මාණ සඳහා එක්කොට ඇති අයුරු අපූරුය. ශ්‍රී පාද අඩවිය සොබාදහමේ අපූරු නිර්මාණයකි. ලංකාවේ අනන්‍යතාව පිළිබිඹු කරන්නා වූ සම්පතකි.සමන්ත කූට නැතිනම් සමනොළගිරි කරුණා කිරීම තුළ අන් කිසිදු වන්දනා ගමනක දැකිය නොහැකි තරම් අපූරු දැහැමි විනෝදාස්වාදයක් ගැබ්වන්නේය. අතිශය සුන්දර පරසරයක් තුළ පාද චාරිකාවක් ලෙසින් නිර්මිත මෙම ගමන අතීතයේ සිටම අපේ රට වැසියනට සාමූහික බව, දයාව, මෛත්‍රිය, සහජීවනය ආදි වූ මිනිස් ගුණ දහම් වර්ධනය කර ගැනීමට අතිශයින් ඉවහල් වූ චාරිකාවක් ද විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කෙලෙස් සැඩ පහරට හසු නොවන කෙම් බිම

සහෝදර හාමුදුරුවන් චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදි වන්නට කීවා. චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදි වන්න සිතෙන්නේ නැහැ. සිතට හරි දුකයි. චුල්ලඵන්තක හාමුදුරුවන්ට හැඬුම් ආවා. චුල්ලඵන්තක හාමුදුරුවන් ජේතවනාරාමයේ පැත්තක හඬමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අනන්ත බුදුනුවණින් මේ සියල්ල දුටුවා.

ඉතිරිය»

නොසැලෙන සෙල් තලාවක ආගමික උරුමය තන්තිරිමලේ

‘තන්තිරිමලේ’ නම ඇසූ පමණින් අප දන්නේ එය බෞද්ධ උරුමයේ ඓතිහාසික මහා ස්මාරකයක් බව ය. එහෙත් තන්තිරිමලේ යන නාමය දමිල නාමයකි. එසේ නම් නාමයේ ඌරුව සමඟ ස්ථානය භාවිතයේ පරස්පරතාවය පිළිබඳ ගැටලුව ප්‍රථමයෙන් ලිහා ගත යුතු වෙමු. අනුරාධපුර මහ විලච්චිය පාරේ සැතපුම් 23 ක් පමණ දුරකින් පිහිටි තන්තිරිමලේ යනු තන්ගෙයිනෙරුමලෙයි යන්න කලක් භාවිතය පැමිණ තන්තිරිමලේ වශයෙන් අද ව්‍යවහාරයට පත්ව ඇති නමකි. එහි අරුත පූජනීය ඇත්තන් ලැගුම්ගත් ස්ථානය යන්නය. එසේනම් මෙහි කියවෙන පූජනීය ඇත්තන් කවුරුන්ද යැයි ප්‍රශ්නයක් පැණ නගියි. එනම් මීට බු. වර්ෂ 2321 කට පමණ පෙර දඹදිවෙහි සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකා දීපයේ දඹකොළ පටුනේ නැව් තොටින් අනුරාධපුරයට වැඩමවීමේ දී ඒ පැමිණි මාර්ගය වැටී තිබුණේ අද අප හඳුනාගන්නා තන්තිරිමලේ හරහා බව කියැවේ.

ඉතිරිය»

කුරුවිට දෙල්ගමුව රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]