අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය - මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු
කර ගනී. එම සමාජය ස්වශක්තිය (සක්කෝ) මෙන්ම හැකියාව අනුව මිනිසාට තම
ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන් කළ හැකි බව බුද්ධ
චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කථාවලින් පැහැදිලි වෙයි. දුරාචාරය ද
මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්ත අධම සමාජය බිහි කරන්නේද
මිනිසා විසින්මය.එය දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට
සුදුසු තැන ලැබීම හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට
පැහැදිලි කරන්න.
පිළිතුරු – අංගුත්තර නිකාය පෙළ දහමට අනුව මෙම පාඨය ශබ්ද නගා කියවන්න.
“එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භීක්ඛුනං රත්තඤ්ඤනං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤ”
මහණෙනි, යම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේද? චිරරාත්‍රඥ වූ මාගේ
ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍රවෙයි. බෞද්ධ ශාසනික සම්ප්‍රදාය
කෙතරම් විනිවිද දක්නා සුළුද මේ තනතුර සඳහා ප්‍රශ්නාර්ථයක් හෝ අභියෝගයක්
ඡන්න වෙතින් වත් ප්‍රකාශ වූයේ නැත. ඊළඟ අවස්ථා දෙක මහාපඤ්ඤානං යදිදං
සාරිපුත්තො ඉද්ධි මන්තානං යදිදං මහා මොග්ගලානො මහා ප්‍රඥා වූ (නුවණින්
යුතු) ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් සාරිපුත්ත හිමියන් ද ඍද්ධිමතුන් අතරෙන්
මහා මොග්ගලාන හිමියන් ද නම් කෙරෙන් මුහුණ බලා තනතුරු ප්‍රදානය කළ බවට
පසුකාලීන ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් මතවාද ගොඩ නැඟුණද ඒවාට පැවැත්මක්
නොලැබුණේ සුදුස්සාට සුදුසු තැන උන්වහන්සේ විසින් ලබා දී තිබීමයි.
ප්‍රදානයක් නොව ශක්‍යතාවය මත ලබාගත්තකි. එහෙත් අගතනතුරු හා උපස්ථායක
තනතුරුවලට පිළිවෙලින් සැරියුත් මුගලන් මහතෙරුන්වහන්සේ හා ආනන්ද
හිමියන්ගේ පත්වීම බුදුන් වහන්සේ විසින් ප්‍රදානය කෙරුණකි. ඡන්න මුල්
තනතුරු කෙරෙහි බලවත් විරෝධතාවය ප්‍රකාශ කළේය.අභිනිෂ්ක්‍රමණ ගමනෙහි
මූලික අනුග්‍රාහකයා මෙන්ම බැරෑරුම් වගකීම් ද ඔහු සතුවිය. පිය මහ
රජාණන්, ආදරණීය බිරිඳ හා මාලිගාවෙහි රැකවලුන් සියල්ලන්ගෙන් මේ ගමන
පිළිබඳ රහස්‍යභාවය ඔහු විසින් අකුරට ම රැකිණි. ඔහු මේ සියල්ල
බුදුරජාණන් වහන්සේ වෙත ඉතා යටහත් ව සැල කළේය. එපමණක් නොව සමීපතම හිතවත්
සගයා වන ඡන්නට බුදුහිමියන් හමුවීම පවා දුෂ්කර වන බව පැහැදිලි කළේය.
සියල්ලටම ඉතා කරුණාවෙන් සවන් දුන් බුදුරජාණන් වහන්සේ ඡන්න ඉක්මන්
නොවන්න. ඔබ මට කළ උපකාර අනන්තය. එහෙත් මම පෙන්වා දුන් මාර්ගයේ
මාර්ගඵලයක් වත් ඔබ තවම ලබා නොගත්තෙහිය. එසේ උත්සාහ නොකොට මෙසේ
ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පැවරීම සුදුසු නැති බව දෙතුන් වර පැහැදිලි
කළත් බුද්ධ පරිනිර්වාණය තෙක් ම ඔහු මෙල්ල නොවී අවසානයෙ හි දී සංඝ
සම්මුතියෙන් මූලික අයිතිවාසිකම් තහනම් විය (බ්‍රහ්ම දණ්ඩනය)
මේ කරුණුවලින් පැහැදිලි වන එක් කරුණක් නම් සුදුසුකම් හැර වෙනත්
පෞද්ගලික කරුණු බෞද්ධ මාර්ගයෙහි වැදගත් නොවන බවයි. ඒ නිසාම කෙතෙක්
ගැටලු ඇති වුවත් බුද්ධකාලය තුළ සංඝ සාමගි‍්‍රය පැවතීමට එය හේතුවක් විය.
ප්‍රශ්නය - සිඟාලෝවාද සූත්‍ර පාඨයට අනුව පුරක්‍ෂිම දිසා මාතා පිතරො
නැගෙනහිර දිසාව (පූර්ව දිසාව පෙරදිග) දෙමව්පියෝය. මුළු ලොව (අචේතනික
,සචේතනික ) පුබුදුවාලන්නේ සූර්යයාය. ඔහු අවස්ථා හතරක දී එනම් අර්තෝදය,
විම්බෝදය, අරුණෝදය, සුර්යෝදය යනුවෙන් තම මෙහෙවර ආරම්භකොට පච්ක්‍ධිම
දිසාවෙන් බැසයයි. පවුල මිනිසා සතු උතුම් ඒකකයයි. එහි දෙමව්පියන් අඹුදරු
දැසිදස් ආදි සාමාජිකයෝ බොහෝය.බෞද්ධ පෙළ දහමට අනුව දේශනා පාඨ ඇසුරෙන්
නිවැරැදි දෙමව්පිය දූ දරු සබඳතාවය පැහැදිලි කරන්න.
පිළිතුර - අංගුත්තර නිකාය, සමචිත්ත වග්ගයේ එන දේශනා පාඨයකි. මේ,
ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි, මාතුච්චපිතුච්ච ,මහණෙනි,
දෙමව්පිය පෝෂණය ප්‍රමාණයකින් කෙළවර කොට දැක්විය නොහැකියි.
යම් කිසිවකු දෙමව්පිය පෝෂණයෙන් ණයෙන් නිදහස්වීමට කැමැතිව, එකෙන අංසෙන
මාතරං වපරිහරෙය්‍ය පිතරං පරිහරෙය්‍ය සියවසක් එක් උරහිසක මව ද අනෙක්
උරහිසෙහි පියා ද තබා ගනිමින් කිසිවිටකත් බිම නොතබා පිරිසුදු කොට සුවඳ
ගල්වා නහවා පිරිසුදු කොට බෙහෙත් ගල්වා උණු පැන් සිහිල් පැන් තබා
උපස්ථාන කෙරේද? දෙමව්පිය උපකාරයෙහි ප්‍රත්‍යුපකාරයක් නොවන්නේමය. බොහෝ
සත් රුවන් ඇති මේ මහා පෘථිවියෙහි දෙමව්පියන් සක්විති රජ බවට පත් කළත්,
ඉස්සරායි පච්චේ රජ්ජේ පතිට්ඨාපෙය්‍ය, ඇති ණයෙන් දරුවන්ට නිදහස් විය
නොහැකිය.
තං කිස්ස හේතු බහුකාරා, භික්ඛවෙ මාතා, පිතරො පුත්තානං, අපාදිකා, පොසකා,
ඉමස්ස ලොකස්ස දස්සේතාරො එයට හේතු කවරේද? දෙමව්පියෝ දූ පුතුනට බොහෝ
උපකාර ඇතියහ. එසේ නම් දෙමව්පියන් උදෙසා කළ යුත්තේ කුමක්ද? බුදුරදුන්
වදාළේ එත්තාවතා ඛෝ භික්ඛවෙ මාතා පිතුන්නං කතංච හොති පතිකතංච අති
කතඤ්චාති යනුවෙන් මවුපියනට උපකාර කරන ලද්දේත් ප්‍රත්‍යුපකාර කරන
ලද්දේත් අධික උපකාර කරන ලද්දේත්.
1.ශ්‍රද්ධා නැති දෙමව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවා ලීම
2. දුසිල්වත්හු සීලයෙහි පිහිටුවාලීම
3.මසුරු වූ දෙමව්පියන් ත්‍යාග සම්පතෙහි පිහිටුවීම
4. අනුවණ ඔවුන් ප්‍රඥාවෙහි පිහිටුවීම යන මෙතෙකින් බවයි. දූ දරු
දෙමව්පිය සම්බන්ධතාව පිළිබඳව සිඟාලෝවාද , මහා මංගල, පරාභව, වසල ආදි
සූත්‍රාගත කරුණු නිවස තුළ භාවිතයෙන් ඈත්වීම හේතුවෙන් ඒ හිදැස සඳහා
පැමිණෙන්නේ විනාශකාරි දූ පුතුන් පරපුරකි. ගෙදර වැනසී යද්දි දෙමව්පිය දූ
දරුවෝද වැනසී යති.
ප්‍රශ්නය – පුද්ගල ජීවිත අවනතියට හෝ උන්නතියට අදාළ වන්නා වූ කරුණු
බුදුරජාණන් වහන්සේ බොහො ස්ථානවල දී විවිධ චර්යා (හැසිරීම්) ඇති
පුද්ගලයනට දේශනා කොට ඇත. අං. නි.තික නිපාතයෙහි බාල වග්ගයේ එන කරුණු
ඇසුරෙන් සමාලෝචනයක් කරන්න.
පිළිතුර – කරුණු තුනකික් පුද්ගලයා පිරිහීමට පා තබන්නේය.
1. අච්චයං අච්චයතො න පස්සති. තම වරද වරදක් සේ දකින්නට හැකියාවක් නැත.
2. යථා ධම්මං පටිකරොති, වැරැදි දැකීමෙන් පිළියම් කිරීමකින් නිදහස් වීමටද
උත්සාහයක් නැත.
3. පරස්ස බොපන අච්චයං දොසෙන්තස්ස යථා ධම්මං න පතිගණ්හාති, වරද පෙන්වාදෙන
අනෙකකුගේ උපදෙස් පිළිනොගෙන ඔහු විසින්ම පිරිහීමට පත්වෙයි. උන්නතිකාමි
පුද්ගලයා ධර්ම තුනකින් යුක්ත වූයේ නුවණැතිව,
1. වරද වරදක් වශයෙන් දැන ගනී. අච්චයං අච්චයතො පස්සති
2.වරද වරදක් බව දැන දහම් ණය අනුව නිවැරදි කර ගනී.
3.වරද පෙන්වා දෙන අන්‍යයාගේ අදහසට ගරුකරයි. |