UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමණේර ව්‍යාපෘතියේ ප්‍රගති අරමුදල බුදු දහමේ ව්‍යාප්තියට පිටිවහලක්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමණේර ව්‍යාපෘතියේ ප්‍රගති අරමුදල බුදු දහමේ ව්‍යාප්තියට පිටිවහලක්


අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති අක්මීමන ධර්මපාල හිමියන් විසින් සාමණේර ස්වාමීන් වහන්සේ නමකට පොත් පාර්සලයක් පිරිනමන අයුරු. බෝධිභාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා මහතාද සේයාරුවේ පසෙකින් සිටියි.

කළුතර බෝධි භාරකාර මණ්ඩල සාමණේර ව්‍යාපෘති රැස්වීම ආරම්භ කිරීමට පෙර සුබ මොහොතින් බෝධි භාරකාර සාමාජිකා චිත්‍රා ආබෲ මැන්ඩිස් මහත්මිය විසින් පොල්තෙල් පහන දල්වන අයුරු. බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිතද සොයිසා එහි සාමාජික ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි සහ බෝධිභාරකාර මණ්ඩල සාමාජික අෂාන් ද සොයිසා යන මහත්වරුන්ද මෙහි සිටිති.

කළුතර බෝධිභාරකාර මණ්ඩලය මෙහෙයවීමෙන් පිහිටුවන ලද සාමණේර ව්‍යාපෘතියට සහභාගි වූ සාමණේර දහසක් හිමිවරු අතරින් කොටසක් ධර්ම ශාලාව අභියසට වැඩම කළ අවස්ථාව.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් ඇරැඹි සාමණේර ව්‍යාපෘතිය වසරින් වසර ලත් ප්‍රගතිය තහවුරු කිරීම සඳහා රුපියල් කෝටි පහක අරමුදලක් පිහිටුවා ස්ථාවරත්වයකට පත් කිරීමෙන් බුදු දහමේ ප්‍රගතිය පමණක් නොව භාෂාමය වශයෙන් පාලි, සංස්කෘත (ප්‍රාචීන) ද්‍රවිඩ සහ ඉංගී‍්‍රසි භාෂා වැඩි දියුණු කර ලොව වටා බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීමේ සත්ක්‍රියා පිළිවෙතක් දියත් කිරීමේ සාකච්ඡාවකට බඳුන් කර ඇති බවත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි සහ කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ කළුතර බෝධි භාරකාර මණ්ඩලය වාර්ෂිකව සිදුකරනු ලබන කළුතර දිසාවේ පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන්ට ඉදිරි වර්ෂය සඳහා පොත් බෙදාදීමේ සාමණේර නියාමක උත්සව සභාව අමතමිනි.

මෙවර පිරිවෙන් 47ක අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරු දහසකට පමණ රුපියල් ලක්ෂ දාහතරක් පමණ වැය කර අවශ්‍ය පොත් බෙදාදීම සිදුකරනු ලැබිණ. එම රැස්වීම 2013 දෙසැම්බර් මස 08 වන දින අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අක්මීමන ධර්මපාල හිමියන්ගේ සභාපතිත්වයෙන් බෝධි පරිශ්‍රයේදී සිදුකරනු ලැබිණි.

ගුණානන්ද හිමිපාණෝ ද මෙසේ පැවසූහ. බෝධි භාරකාර මණ්ඩලය ස්ථාපිත කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා සිරිමතාණන් සිහිපත් කරමින් වත්මන් සභාපති අජිත ද සොයිසා මහතා ඇතුළු බෝධි භාරකාර මණ්ඩලයේ සමස්තය පමණක් නොව අප සැම ද කෘතවේදීත්වය පළකළ යුතු බවත් පැවසූ සේක.

මුලසුනේ දේශනය පවත්වමින් අක්මීමන ධර්මපාල හිමිපාණෝ කළුතර බෝධි භාරකාර මණ්ඩලය සිදු කරනු ලබන මෙම සත්ක්‍රියා පිළිවෙත අමතක නොකර සාමණේර හිමිවරුන් භාෂාමය මෙන්ම ධර්මයට නැඹුරුව තම යුතුකම, යුතුකමක් ලෙස එපරිද්දෙන්ම ඉටු කිරීම ඔබ සැමගේ යුතුකම වන බවත් මෙම උතුම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ලොවටම සේවයක් කිරීමට ඉටාගෙන සමාජීය වශයෙන් උගතුන් වීමට දිරි දරන ලෙස ඉල්ලා සිටින බවත් පැවසූ සේක. අනතුරුව අදහස් දැක්වූ තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙනෙහි පරිවේණාධිපති තෙබුවන පියනන්ද ස්වාමීන් වහන්සේ මෙම සාමණේර ව්‍යාපෘතිය ඇරැඹුවේ 1998 ජුලි මස 26 දින බවත්, එදා සාමණේර භික්ෂූන් වහන්සේලා 50 නමකට පොත් බෙදා දුන් අතර, එදා මෙදා තුර උත්සව වාර 16 ක් පැවැති අතර, සාමණේර හිමිවරුන් 7,176 ක් සඳහා මේ වනවිට පොත් පරිත්‍යාග කර ඇති බවත්,අද දින පිරිවෙන් 47 කින් තෝරාගත් සාමණේර හිමිවරුන් දහසකට පමණ පොත් පරිත්‍යාග කරන බවත් පැවසූ සේක.

මෙවන් උදාරතර වැඩ පිළිවෙත් ලංකාවේ කිසිම ආයතනයක් හෝ ව්‍යාපාරයක් විසින් මෙතෙක් අරඹා නොමැති බවත් වදාළ සේක.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජික, හිටපු ඇමැති, ඉන්දදාස හෙට්ටිආරච්චි මහතා, බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් අරඹන ලද සාමණේර නියාමක ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේ සිට අද වන තුරු තම යුතුකම එපරිද්දෙන්ම ඉටු කරනු ලැබූ බවත්, මෙම සද්ක්‍රියා පිළිවෙත යෝජනා කළ අවස්ථාවේ ස්වකීය කැමැත්ත පළකළ වත්මන් බෝධිභාරකාර මණ්ඩල සභාපති අජිත ද සොයිසා මහතාණන් කෘතවේදීව සිහිපත් කිරීම අපගේ පරම යුතුකම බවත්, එතුමාගේ සභාපතිත්වය සමඟ ඇතිවූ ප්‍රබෝධය අද ව්‍යාප්ත වෙමින් පවතින බවත් බෝධිභාරකාර මණ්ඩලය ඇතුළු සැමට තුති පුදන බවත්, හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා මහතා ඇතුළු බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජික ඉන්දදාස හෙට්ටිආරච්චි ,අෂාන්ද සොයිසා සහ චිත්‍රා ආබෲ යන මහත්ම මහත්මීන් සමග කළුතර දිසාපති යූ.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු තවත් බොහෝ පිරිසක්ද උත්සවයට සහභාගි වූහ. මෙහිදී සිංහල, දෙමළ,පාලි,සංස්කෘත හා ඉංගී‍්‍රසි යන භාෂා පහකින්ද සාමණේර භික්ෂූන් වහන්සේලා උත්සව සභාව ඇමැතූහ.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]