තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට පහරදීම තරයේ හෙළා දකිනවා
මල්වතු - අස්ගිරි මහ නා හිමිවරු ඉන්දීය මහ කොමසාරිස්ට දැනුම් දෙයි
ශ්‍රී ලාංකිකයන්ට තමිල්නාඩුවේ දී හිතාමතා සිදු කෙරෙන ම්ලේච්ඡ පහරදීම්
තරයේ හෙළා දකින බවත් මෙය පාලනය කිරීමට ඉන්දීය රජය අපොහොසත් වුවහොත්
දීර්ඝ කාලීනව දෙරට අතර පවතින මිතුදම පලුදු විය හැකි බවත් මල්වතු -
අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම 19 වැනිදා ශ්‍රී ලංකාවේ
ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ඉතිරිය»
ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම
මහා සංඝ සභාවේ දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන්
පිදුම් ලද
මාතර වෙහෙරහේන පූර්වාරාම රාජ මහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර නා හිමි
ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහා නාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව
මගින් මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරාධිපති
සද්ධර්ම කීර්ති ශ්‍රී කෑගල්ලේ රතනසාර හිමියන් වෙත දක්‍ෂිණ විහාර
පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය
අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 29
වනදා කෝට්ටේ රාජ මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අගමැති දි.මු.ජයරත්න
මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ
සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කෙලෙස් මහ වතුර
තරණය කරන පිළිවෙත
පැතීමෙන් පමණක් නිවන ලබාගත නොහැකි බව සිතිය යුතුය. එපමණකින් නිර්වාණ
ධාතුව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිනම් එතරම්
පහසු දෙයක් ලොවම නැත. ඒ සඳහා
අවශ්‍යවන ප්‍රතිපදා පූරණයකින් තොරව
කිසිසේත් නිවන අවබෝධ කළ නොහැකිය.
ඒ අනුව ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා
ධර්ම වැඩිය යුතුය. අරි අටඟි මඟට පිවිසිය යුතුය. මැදුම් පිළිවෙත යනුවෙන්
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ
සඳහන් වන්නේ ද එයමයි.
ඉතිරිය»
සධාතුක ධා කරඬුවක් බඳුවූ
බුද්ධංගල
ටේටම ආරාම තිබූ තැන වට්ටාරම වශයෙන් නම් වූ බව ජනප්‍රවාදයේ පැවත එන
වට්ටාරම රජ මහා විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල
පොල්ගහවෙල මාර්ගයේ කෑගල්ලට කි.මී. 7.2 ක් දුරින් පිහිටා තිබෙයි.
වට්ටාරම මහා විහාරස්ථානය ලාංකේය බෞද්ධ වංශකතාවේ සුවිශේෂ වූ කඩඉමක්
සනිටුහන් කරනා පූජනීය වූ ස්ථානයකි.
ඉතිරිය»
|