උපන්
කිසිවකුට
අමරණීය
විය නොහැකිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
මෙම ලිපියේ මුල් කොටස ‘
සිත නිවාලන සදහම් සුවය’ යනුවෙන් මැදින් පුර
පසළොස්වක පත්‍රයේ පළ විය.අද පළවෙන්නේ එහි දෙවන කොටසයි.
”ගබ්බපරිහාරකංමූලකංදුක්‍ඛ” ගැබ පරිහරණය කරන දුක. මව ඇවිදින විට, පෙරළෙන
විට,අහර ගන්නා විට ඇතිවන දුක් මේ ගණයට අයත් වේ.
“විජායනමූලකං දුක්‍ඛං” බිහිකිරීමේදී ඇතිවන දුක, ඒ අනුව “ජාතිපි
දුක්‍ඛා” ලෙස හඳුන්වන්නේ පෙර භවයේ මරණයේ සිට මේ භවයේ උපත දක්වා ඇතිවන
තත්ත්වයකි.
ජරාපි දුක්‍ඛා:- උපතින් පසු මියයන තෙක් ඇතිවන දුක් ජරාවට අයත් වේ කුඩා
බිළිෙඳක් ලෙස උපන් තැනැත්තා කෙමෙන් ළදරුවෙක්, ළමයෙක්, තරුණයෙක්,
වැඩිහිටියෙක්, මහල්ලෙක් වශයෙන් පිළිවෙළින් ජරාවට පත්වේ. මෙසේ ජරාවට
පත්වීම යනු මොහොතින් මොහොත, දිනෙන් දින වයස්ගත වීමයි. ඒ හෙයින් ජරාව ද
දුකකි.
ව්‍යාධිපි දුක්‍ඛා:- ව්‍යාධී යනු ලෙඩ රෝගය. කායික රෝග හා මානසික රෝග
වශයෙන් රෝග දෙයාකාරයකි. බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ කායිකව නිරෝගීව
සිටියද , මානසිකව නිරෝගී බවක් පෘතග්ජන සත්වයා තුළ නොමැති බවයි.
ඊර්ෂ්‍යාව, සැකය, තරහව,අවිද්‍යාව (මෝහය) පදනම් කොටගත් මේ නානාවිධ
මානසික රෝග හා ඉතා කුඩා තත්වයේ සිට දරුණු තත්වය දක්වා ඇති කායික
රෝගවලින් අප නිරන්තරයෙන් පෙළෙමින් දුකට පත්වෙමු.
රොගනිඩඪං පභංගුරං” මේ ශරීරය රෝගවලට කැදැල්ලකි.
මරණම්පි දුක්ඛං - මරණය දුකකි. ලොකු කුඩා සියලු සත්ත්වයෝ මරණයට පත්වෙති.
මරණයට බියවෙති. කෙනෙකුට තම ජීවිතය තරම් වටිනා දෙයක් නොමැති අතර තම මරණය
මොහොතකින් හෝ පසුකර ගැනීමට සැවොම උත්සාහ කරති.
“ජීවතුකාමා අමරිතුකාමා” අප හැම ජීවත්වීමට කැමැත්තෙමු.මරණයට අකමැති
වෙමු. එහෙත් බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ “නÀථි ජාතස්ස අමරණං” උපන්
කිසිවෙක්ට අමරණීය විය නොහැක.
උප්පත්තියා සහෙ වේධං – මරණං ආගතං සදා
මරණත්‍ථාය ඕකාසං– වදකො විය එසති
උපතේ සිට මරණය දිගින් දිගට අප පසුපස එන්නේ වදකයෙක් මෙනි.මේ හෙයින්
ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි සියල්ල අප වෙත ඇති ;හයින් සැපතක්
නැත.ඇත්තේ දුක මය.
“අප්පියෙහි සම්පයොගො දුෙක්‍ඛා
- අපි‍්‍රයයන් හා එක්වීමත්
“ පියෙහි විප්පයොගො දුඛො “
– පි‍්‍රයයන්ගෙන් වෙන්වීමත් දුකකි.
අපි‍්‍රයයන් හා එක්වීමටත්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමටත් අපට අවස්ථා
යෙදෙන්නේ සංසාරයේ අයිතියක් ලෙසිනි.මේ කාරණාවද දුක ගෙන දෙන්නකි. එසේම අප
ඉතා පි‍්‍රය කරන පුද්ගලයන් ඇතැම්විට අපට සතුරන් වී පැමිණෙන අවස්ථා උදා
වේ. එවන් අවස්ථා අපට පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ඇති කරයි.
කැලෑවේ ගස්වලට ඇති හොඳම මිතුරා ද සුළඟය. සතුරා ද සුළඟය. මෙහිදී පැරැණි
කවියක් මෙසේ දක්වති.
රුදුරු ගිනිකඳක් ගත් සඳෙහි වනතුරු
මිතුරු වේය දිග තින් හමන මදමරු
මිතුරු නැසීමට එම වෙයි පසමිතුරු
මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු
කැලෑවට, ගස්වලට, සිටින හොඳම මිතුරා සුළඟ වුවද කැලේ ගින්න පතුරවන්නේ ද
සුළඟ විසින්මය. එහිදී මිතුරාත් හතුරාත් දෙදෙනා එකම දෙයකි. එමෙන් මිනිස්
ලොවේද මිතුරන් සතුරන් වන අවස්ථා අපට හමුවී ඇත. මේ ලෝක ස්වභාවයයි. සමහර
සහෝදර සහෝදරියන්ද විරසකව සතුන් මෙන් කටයුතු කරති. මෙසේ අපි‍්‍රය
සම්ප්‍රයෝගය මෙන්ම පි‍්‍රය විප්‍රයෝගයද අප නිතර අත්දකිමු.එමෙන්ම
“යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං” අපි කැමැති දෙයක් ලබාගැනීමට නොහැකි
අවස්ථා උදාවීම ,ප්‍රාර්ථනා ඉටුනොවීමද අපට දුකකි. එම කාරණය “ඉච්ඡා විඝාත
දුක්ඛං” යනුවෙන් ධර්මයෙහි සඳහන් වේ.
එසේම අප බොහෝ ආසාවෙන් ළඟා කරගත් දේ බැහැරවීමෙන් අපට අයත් නැතැයි දැනෙන
අවස්ථා ඇත. එම අවස්ථාවේ දීද අපි බොහෝ සේ දුක්වෙමු. බුදුන් වහන්සේ මේ
සියල්ල මෙසේ පෙන්වා දුන් සේක.
”සංඛිතෙතන පඤචුපාදානක්‍ඛන්‍ධා දුක්‍ඛා”
කෙටියෙන් ගත්කල්හි පංච උපාදානස්ඛන්‍ධයම දුකින් සමන්විත වේ.රූප
උපාදානස්කන්ධය,වේදනා,උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය ,සංඛාර
උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය ආදි පංච උපාදාකස්කන්ධයන්ම දුකකි.
බුදුන් වහන්සේ පෙන්වා දෙන අයුරු මේ මුළු විශ්වය තුළම දුකේ ස්වභාවය
පැතිර පවතී.මෙසේ බ්‍රහ්ම,දේව, මිනිස්, තිරිසන්,නිරාගත ආදි හැම
පුද්ගලයෙක්ම සත්ත්වයෙක්ම දුක්ඛ ස්වභාවයෙන් පෙළෙති.
”පීලනලක්‍ඛණ” වේදනාකාරි දේ දුක ලෙස හැඳින්වෙන අතර, පෙළෙන ස්වභාවය නිසා
සැපත ද දුක් ගනයෙහිලා බුදුදහම සලකයි.
විපරිණාම දුක්‍ඛන්තිඛො භික්‍ඛවෙ සුඛසෙස්තං අධිවචනං “ සැපය විපරිණාමයෙන්
හෙවත් වෙනස්වීම තුළින් දුක හටගනී.
“අභිඤෙය්‍යං අභිඤ්ඤාතං” බුදුන් වහන්සේ මෙලොව ධාතුවේ යථාර්ථය අවබෝධ කළ
සේක. “භාවෙතබ්බඤ්ච භාවිතං”
උන්වහන්සේ වැඩිය යුතු දේ වැඩුසේක. කුමක්ද උන්වහන්සේ වර්ධනය කළේ? මධ්‍යම
ප්‍රතිපදාව හෙවත් මාර්ග සත්‍යයයි.
සම්මා දිට්ඨි
සම්මා සංකප්ප,
සම්මා වාචා,
සම්මා කම්මන්ත
සම්මා ආජීව
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි
ආදි වශයෙන් වූ ධර්ම කාරණ අටක් උන්වහන්සේ වර්ධනය කළ සේක. මීට විරුද්ධ වූ
මිත්‍යා දෘෂ්ටි අටක්ද විය. ඉහත සඳහන් කළ සම්‍යක් කාරණ අට සීල සමාධි
පඤ්ඤා ආදි වූ ත්‍රිවිධ මඟකට වෙන් කෙරුණි. ඒ මෙසේය.
සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා ආජීව - සීල
සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධි – සමාධි
සම්මා දිට්ඨි , සම්මා සංකප්ප – පඤ්ඤා
මෙම සීල සමාධි පඤ්ඤා යන කාරණාත්‍රය ත්‍රිවිධ හික්මීම වශයෙන් හැඳින්වේ.
ත්‍රිශික්ෂාව නමින් හැඳින්වේ. බුදුදහමේ ත්‍රිශික්ෂාව විමුක්තිය අරමුණු
කොටගෙන වන අතර, විමුක්තිය අපේක්ෂා කරන්නන් ප්‍රඥාවෙන් ආරම්භ කොට, සීලයට
සමාධියට පැමිණිය යුතු අතර, යළිත් ප්‍රඥාවට පැමිණ විමුක්තිය ළඟා කරගත
යුතුවේ. සම්මා ඤාණ, සම්මා විමුක්ති යනුවෙන් අවසන් ඤාණ ද්වය හඳුන්වා ඇත.
“භාවෙතබ්බඤ්ඤච භාවිතං” යනුවෙන් හඳුන්වන්නේ ත්‍රිශික්ෂාව සම්පූර්ණ කළ
බවය.
“පහාතබ්බං පහීනං මෙ ”
ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළ බව බුදුන්වහන්සේ ප්‍රකාශ කර ඇත.
ප්‍රහාණය කරන ලද්දේ තණ්හාවයි.
“යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සෙය්‍යථීදං
කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා”
“යායං තණ්හා පොනොභවිකා” පුනර්භවයට හේතුවන යම් තෘෂ්ණාවක් වේද?
“නන්දිරාගසහගතා” ඇල්ම රාගය සහිත වේද?
“තත්‍ර තත්‍රාභිනන්දිනී” – ඒ ඒ භවයන්හි අලවන තෘෂ්ණාවක් වේද? එය ,,
කාමතණ්හා - පංචකාම වස්තුන් පිළිබඳ ඇතිවන කැමැත්ත හෙවත් කාම තෘෂ්ණාවයි.
භවතණ්හා - ශාස්වත දෘෂ්ටියේ සිට භවයක් ප්‍රාර්ථනා කරමින් ඇතිකරගන්නා භව
තණ්හාවයි.
විභවතණ්හා- උච්ඡේද දෘෂ්ටියේ සිට ඇතිකරගතු ලබන විභව තෘෂ්ණාවයි.
ආදි වශයෙන් ත්‍රිවිධ තණ්හාවක් පෙන්වා දේ. මූලිකව ත්‍රිවිධ තණ්හාවක්
දැක්වුවත් පසුව, .තවත් අංග මෙම තෘෂ්ණාවට එකතු වේ. සසර පැවැත්මට හේතුව
තණ්හාවයි.
යථාපි මූලෙ අනුපද්දවෙ දළේහ
ජිනෙනාපි රුෙක්‍ඛා පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ
නිබ්බානන්ති දුක්‍ඛමිදං පුනප්පුනං
යම් ලෙසකින් ගසක මුල උපද්‍රව රහිතව දැඩිව තිබේනම් ගහ කැපුණත් මුල යළි
යළි ලියලයි.මේ තෘෂ්ණාව දුරු නොකළහොත්, මේ දුක සසරේ යළි යළි හටගනී.
බුදුන් වහන්සේ පැහැදිලි කර හෙළිකර ඇත්තේ ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නා
ගසෙහි මුල සිඳින්නාසේ සසරේ පැවැත්මට හේතුවන මුල හෙවත් තෘෂ්ණාව නැති කළ
යුතු බවය.
බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණ දේශනා කළ ප්‍රථම උදාන වාක්‍ය ගෙන
බලමු.
“තණ්හානං ඛයමජ්ඣගා” මම තෘෂ්ණාව දුරු කළෙමි. බුදුන් වහන්සේ ලැබූ ජය
එයයි.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා උන්වහන්සේ ජයග්‍රහණය කළේ කෙලෙස්
සතුරන් පැරදවීම හෙවත් තෘෂ්ණාව දිනීමයි. තෘෂ්ණාව දුරුකිරීම සඳහා
උන්වහන්සේ ඉදිරිපත් කළේ ආර්ය මාර්ගයයි. තෘෂ්ණාව දුරුකිරීම තුළින් තමන්
වහන්සේ ලබාගත් දේ මෙසේ පෙන්වා ඇත.
“තස්මා ඛූදෙධීස්මි බ්‍රහ්මණ” මේ නිසා මම බුද්ධ වෙමි යනුවෙනි. තෘෂ්ණාව
දුරුකිරීමෙන් ලබාගත්තේ බුද්ධත්වයයි.අර්හත් බවයි. උන්වහන්සේ දැනගත
යුතුදේ දැනගෙන, වැඩිය යුතුදේ වර්ධනය කොට, ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය
කොට අවබෝධ කළේ, සාක්ෂාත් කරගත්තේ උතුම් නිර්වාණයයි.
ඉතිරි කොටස අප්‍රේල් 09 වන දා පත්‍රයේ පළ වේ |