UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සහනශීලිත්වය කුමක්ද?

සහනශීලිත්වය කුමක්ද?

දානය සූදානම් කළ සිරිගුත්ත දානය පැවැත්වෙන ස්ථානය සකස් කරනු ලැබුයේ අමුතුම විදිහකටය. ගරහදින්නට රහසින් වළක් සකස් කොට මතුපිටින් නොපෙනෙන පරිදි සකසා දානය පිළිගන්වන ස්ථානය සකස් කළේය. මතුපිටින් වළක් ලෙස නොපෙනුනද බැලූ බැල්මට හොඳීන් ඉඩකඩ ඇති අසුන් ගැනීමට ඇති අසුන් ගැනීමට හැකි තැනක් සේ පෙනෙන්නට විය. සිරිගුත්තයන්ගේ අදහස වූයේ සාමාන්‍ය මිනිසකුට හෑරූ වළ උඩ යාන්තමට පිළියෙල කළ අසුන්වල වාඩි වීම භයානක තත්ත්වයක් ලෙස නොපෙනුනද, තුන්කල් දැකිය හැකි රහතන් වහන්සේලාට මෙය පෙනෙන බවයි. ඒ දානය අවස්ථාවේ නිගණ්ඨයන් දානයට පැමිණි අතර ඔවුන් පිළියෙළ කළ අසුන්වල වාඩිවීමට ගොස් ඒවාත් කඩාගෙන වළටම වැටුණේය

සැවැත්නුවර විසූ යහළුවන් දෙදෙනෙකු අතර පැවැති ආගමික මතවාද හැසිරවීම මෙම කථාවට මූලික වේ.

මෙම යහළුවන් දෙදෙනා වූයේ “සිරිගුත්ත” නමැත්තකු සහ “ගරහදින්න” යන දෙදෙනාය. ආගම් දෙකක වුවද දෙදෙනා තුළ දැඩි මිත්‍රත්වයක් පැවතිණි. ඒ දෙදෙනා අතර සිරිගුප්ත ඉතාමත් ධනවත් කෙනෙකි. ඔහු බුදුදහම කෙරෙහිද වඩාත් නැඹුරු වූ කෙනෙකි. ශ්‍රද්ධා සම්පන්න බවද ඉහළය. ගරහදින්න බුදුදහම අදහන්නෙක් හෝ පිළිගන්නෙක් නොවෙයි. නිගන්ඨයන් පිළිබඳව භක්තිය ඇති ඔහු ජෛන ආගමට සම්බන්ධව ආගමික ජීවිතයක් ගත කළේය. ආගමික අතින් දෙදෙනා අතර මෙබදු පරස්පරතාවයක් පැවතුණද ,මිත්‍රත්වය අතින් සබඳකමෙහි කිසිදු අඩුවක් පැවතුනේ නැත.ආගමික වශයෙන් බොහෝ විට දෙදෙනාගේම ක්‍රියා කලාපයන් තුළ යම් යම් වෙනස්කම් පවතී. ගරහදින්න ඇතැම් වෙලාවල්වලදි සිය මිතුරා හෙවත් සිරිගුත්ත සමග ජෛන ආගමිකයන්ගේ ගුණ වර්ණනා කරයි. නිගණ්ඨ ශ්‍රාවකයන් පවා ආගම දහමට නැඹුරුව සිටින නිසාම රහත් බවට පවා පත්වී ඇතැයි කියයි. එබඳු අවස්ථාවල සිරිගුත්ත කිසියම් නොසතුටුතාවයක් දක්වයි. දිනක් සිරිගුත්ත “ඔබගේ රහතන් වහන්සේලා දන්නේ මොනවාදැයි ඇසීය. එවිට ගරහදින්න කීවේ මිත්‍රය, “අපේ රහතන් වහන්සේලාට නිගරුවන ලෙස කතා නොකරන්න” කියාය. අපේ රහතන් වහන්සේලා “තුන්කල් පමණක් නොව සියල්ලම ද දනිතැයි” කීවේය.

සිය මිතුරාගේ එම අදහස ඇසූ සිරිගුත්ත, ගරහදින්න වැටී සිටින්නේ ආගමික මුළාවකැයි කල්පනා කළේය. නොරහත් නිගණ්ඨයන් රහතන් වහන්සේ ලෙස අදහන ගරහදින්න වැටී ඇති මේ ආගමික මුළාව නැති කරන්නේ කෙසේදැයි සිරිගුප්ත කල්පනා කළේය. ඒ අනුව සිරිගුත්ත උපායක් යෙදවීය. නිගණ්ඨ රහතන් වහන්සේලා යැයි කියන පිරිස වෙනුවෙන් කැමැත්තක් පවතින බව සිරිගුත්ත ගරහදින්නට කීවේය. ගරහදින්න අතේම ඔහුගේ සම්බන්ධතාවය අනුව නිගණ්ඨ පිරිසට දානය සඳහා ආරාධනා කරවීය. ඒ නිගණ්ඨ පිරිසත් දානය සඳහා ආරාධනාව පිළිගෙන දැන් සිරිගුත්තයෝද අපේම ආගමටම අවනත යැයි කල්පනා කරන්නට විය.

දානය සූදානම් කළ සිරිගුත්ත දානය පැවැත්වෙන ස්ථානය සකස් කරනු ලැබුයේ අමුතුම විදිහකටය. ගරහදින්නට රහසින් වළක් සකස් කොට මතුපිටින් නොපෙනෙන පරිදි සකසා දානය පිළිගන්වන ස්ථානය සකස් කළේය. මතුපිටින් වළක් ලෙස නොපෙනුනද බැලූ බැල්මට හොඳීන් ඉඩකඩ ඇති අසුන් ගැනීමට ඇති අසුන් ගැනීමට හැකි තැනක් සේ පෙනෙන්නට විය. සිරිගුත්තයන්ගේ අදහස වූයේ සාමාන්‍ය මිනිසකුට හෑරූ වළ උඩ යාන්තමට පිළියෙල කළ අසුන්වල වාඩි වීම භයානක තත්ත්වයක් ලෙස නොපෙනුනද, තුන්කල් දැකිය හැකි රහතන් වහන්සේලාට මෙය පෙනෙන බවයි. ඒ දානය අවස්ථාවේ නිගණ්ඨයන් දානයට පැමිණි අතර ඔවුන් පිළියෙළ කළ අසුන්වල වාඩිවීමට ගොස් ඒවාත් කඩාගෙන වළටම වැටුණේය.

සිද්ධියෙන් පසු ප්‍රදේශය පුරාම නිගණ්ඨ රහතුන් කරන්නේ බොරුවක්ය යන රාවය පැතිරී ගියේය. තුන්කල් දකින ඤාණයන් සහ සියල්ල දන්නා යන ඥානයන් තිබේ නම් අර විදිහට බොරුවළ වසා උඩින් කළ ආසනවල වාඩි වෙන්නේ නැතැයි සිරිගුත්තයෝද කල්පනා කළහ.

සිද්ධියෙන් පසු සිරිගුප්ත සහ ගරහදින්න දෙපළගේ මිත්‍රත්වයටද කන කොකා හැඬුවේය. ටික කලක් දෙදෙනා අමනාපව සිට නැවත මිතුරු විය. ගරහදින්න කල්පනා කළේ සිරිගුත්ත කළක්‍රියාවට තමන්ද පිළිතුරක් දීමට බුද්ධ ප්‍රමුඛ මහා සගරුවනට දානයක් පිළිගන්වන්නට අවශ්‍ය යැයි කී ගරහදින්න සිරිගුත්ත ලවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ආරාධනා කරවීය. සිරිගුත්ත කලාසේම සිරිගුත්තට රහසින් ගරහදින්න අසුන් පැනවීම ආදිය කරනු ලැබීය. නියමිත දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දානයට වැඩම කරනු ලැබූ අතර බුදුරජාණන් වහන්සේ එහි සිරිපා තැබූ පිනෙන් පියුම් විලකමෙන් වළ තුළින් පියුම් පැන නැගුණි. කවුරුත් පුදුමයට පත්වූහ. ගරහ දින්නටත් කරකියා ගන්නට දෙයක් නැති විය. සියල්ලෝම තුණුරුවන් කෙරෙහි ගෞරවයෙන් දන් පිළිගැන්වූහ. ගරහදින්නගේ සිත තුළ වූ මුල් සිතිවිල්ලත් නැති වී ගියේය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් මහමඟ අසල දැමූ කසළගොඩක පවා සුවඳ මනරම් පියුම් පිපෙන බව පැහැදිළි කළහ.

මේ සිද්ධියෙන් පැහැදිළි කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ ධර්මය සහ සමකාලීන සමාජය තුළ පැවැති වෙනත් ආගම් පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරනු ලැබුයේ සත්‍යයත් නිවැරදි දෙයත්ය. උන්වහන්සේ කී දෙය කිරීමටද කරන දෙය කීමටද හැකියාවක් තිබූ පිරිපුන් පුද්ගලයෙක් වූහ. නමුත් එදා පැවැති ආගමික සමාජය තුළ මේ ලක්‍ෂණය දකින්නට තිබුණේ බුදුදහම තුළ පමණි. නිගණ්ඨ ආගම වැනි වෙනත් ආගමික නායකයන් බොහෝ විට එම තත්ත්වයෙන් ගිලිහී තිබෙන, කි දෙය කිරීමේ ඥානය ඔවුන් තුළ තිබුණේම නැත. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයම දැකිය හැකි ඥාන ප්‍රභාවත් පවතින්නේ යැයි කීවද තමන් වාඩි වෙන්නට යන්නේ කුමන තැනකටදැයි යන්න පවා හරියට නොදන්නේය. මෙම සිද්ධියෙන් පැහැදිලි කරනු ලබන්නේ ආගම් සියල්ල එකම අදහස පෙරදැරි කරගත්ත ඒවා නොවන බවය. ආගම් ගොඩක් තිබුණට ඒවායේ ඉගැන්වීමද ප්‍රායෝගික ජීවිතයේ ගතකරන ආකාරයද එකිනෙකට වෙනස්ය.

බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කටයුතු කරනු ලැබුයේ ආගමික සහනසීලි බව පෙරදැරි කරගෙනය. උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ද එසේම කටයුතු කරනු ලැබූහ. සහනශීලිත්වය යනු වෙනත් ආගම් සියල්ල එලෙසින්ම පිළිඅරගෙන කටයුතු කිරීම නොවන බව සිරිගුත්ත සහ ගරහදින්න නමැති මිතුරන් දෙදෙනාගේ මෙම සිද්ධියෙන් පැහැදිලිවේ.

සටහන: හේමමාලා රන්දුනු

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk