UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත නිවන සදහම් සුවය

සිත නිවන සදහම් සුවය

අප දුක නිවැරැදිව අර්ථකථනය කරගත යුතු වේ. දු – යන අකුරෙහි දොම්නස් සහගත යන අරුත් දෙයි ඛ – යන වදනෙහි හිස් බවක් ඇත යන අරුත්දේ විවිධ වේදනාකාරි දේවල් තුළ ඇත්තේද සැප යැයි සම්මත විවිධ දේවල් තුළ ඇත්තේ ද දුක මය. ඒ අනුව මේ දුක්ඛ යන විග්‍රහයට ඇතුළත් නොවන කිසිවක් මෙලොව නොමැත

අභිඤේඤය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බඤ්ච භාවිතං
පහාතබ්බං පහීනං මෙ
තස්මා ඛුද්ධෝස්මි බ්‍රාහ්මණ

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ උතුම් ශ්‍රී සද්ධර්මය තරම් සිත් නිවන, හදවත සනහන වෙනත් ධර්මයක් නැත “සුණාථ, ධාරෙථ, චරාථ, ධම්මේ” ධර්මය අසන්න.ධර්මය දරන්න, ධර්මයේ හැසිරෙන්න, යනු අප ලබා ඇති බුද්ධ උපදේශනය යි.

බොහෝ දෙනා කුඩා කල සිට දහම් සොඬ ජාතක කථාව අසා ඇත. කියවා ඇත. එම කුමරු තුළ ධර්මයට තිබූ කැමැත්ත නිසාම දහම්සොඬ නම් විය. සිය ඇමැතිවරුන් පිටත්කර ධර්මය දන්නා පුද්ගලයන් පිළිබඳ සෙවීමක් කළ නමුත්, රජතුමාගේ සිතට සෑහෙන පරිදි තොරතුරු නොලත් කල්හි, එතුමා පුද්ගලිකවම ධර්මය සොයා ගියේය. රජතුමා කල්පනා කළේ ධර්මයෙන් තොර රාජ්‍යයකින් තමාට ප්‍රයෝජනයක් නැති බවය. එසේ යන රජු එක් කැලෑවකට ඇතුළුවූ කල්හි රාක්ෂයෙක් හමුවූ අතර, ඔහුගෙන් ධර්මය පිළිබඳ තොරතුරු දැනගත හැකි වේ යැයි සිතූ රජුට සිදුවූයේ දහම් පදයක් දැන ගැනීම සඳහා රාක්ෂයාගේ මුවට පැනීමට ය. රටක රජකමට වඩා දහම් පදයක වටිනාකම වටහාගෙන තිබූ රජුට එදා ධර්මය දිනාගත හැකි විය. රජු සිය ජීවිතය දිනා ගත්තේය..

තස්මාහි භො කිච්චමඤ්ඤං පහාය
සුණාථ ධාරෙථ චරාථ ධම්මේ

අපගේ කටයුතු නිසිපරිදි සැලැසුම්කොට ගනිමින් බුද්ධ ධර්මය ශ්‍රවණය කිරීමට අපට බාධාවක් නොමැත. බුදුවරයකුගේ පහළවීම අතිශයින් දුර්ලභ කාරණාවකි. එවන් බුද්ධෝත්පත්ති යුගයක මිනිසෙක් වීමත්, ධර්ම ශ්‍රවණයට අවස්ථාව සැලසී තිබීමත් දුර්ලභ කරුණකි.

දුල්ලභඤ්ච මනුස්සත්තං
මිනිසත් බව ලැබීම දුර්ලභ කරුණකි

බුද්ධප්පාදො ච දුල්ලභොච
බුද්ධෝත්පාද කාලයක ඉපදීමද දුර්ලභ කරුණකි

දුල්ලභා ඛණසම්පත්ති
ක්ෂණ සම්පත්තිය ඊටත් වඩා දුර්ලභ කාරණාවකි.

මේ සියලු කරුණු සම්පූර්ණ කර ඇති අපි උතුම් දහම් මඟ යාමට, ධර්මය ශ්‍රවණයට , ඒ තුළින් ධර්මඥානය ලැබීමට, ධර්මානුකූල චර්යාවට යොමුවීමට අදිටන් කර ගනිමු. ධර්ම ශ්‍රවණය තුළින් අප හැම ළඟා කරගන්නා වූ කුසල් මෙලොව සුවපත් වීමටත් පරලොව සුගතිගාමි වීමටත්, මේ දුක්ඛිත කටුක සසරින් එතෙරව ලබන පරම ශාන්ත නිර්වාණ සුවය අත්කර ගැනීමටත් අපට උපනිශ්‍රය වේ.

මෙහි මාතෘකා කළ ධර්ම කොට්ඨාසය තුළ ඉතා වැදගත් ධර්ම කරුණක් අඩංගු වී ඇත. බුදුන් වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමීදම් පුරා, අවසනැ බුද්ධත්වයට ළඟාවූයේ යැයි අප බොහෝ දෙනාගේ කල්පනාව වන්නේ උන්වහන්සේ කිසියම් අවබෝධයක් ලබාගත් බවය. එම අවබෝධය අප චතුස්සත්‍යාවබෝධය හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධය නමින් හඳුන්වමු.

මෙලොව විවිධාකාර ශ්‍රමණ, බ්‍රාහ්මණයන් පහළ වූහ.ඉන්දීය ආදි ආගමික යුගය පිළිබඳව පිරික්සීමේදී බුදුන් වහන්සේට පෙර විසූ ශාස්තෘවරුන් පිළිබඳ තොරතුරු හමුවේ. ඒ අතර ධ්‍යාන ලැබූ, විවිධාකාර වෘත සමාදන් වූ , විවිධාකාර සීල ප්‍රතිපදා ඇතිකරගත්, ඉතාමත් ගැඹුරු දර්ශන පහළකරගත්,ඉතාමත් ගැඹුරු තර්ක වාද නිර්මාණය කළ අය පිළිබඳ තොරතුරු ලැබී ඇත. එහෙත් ලෝක සත්ත්වයා සසර දුකින් නිදහස් කිරීම සඳහා දුක හඳුනාගෙන උතුම් විමුක්තිගාමී ප්‍රතිපදාවක් හෙළිකළ උත්තමයා බුදුන් වහන්සේ පමණි. ඒ පිළිබඳව බුදුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත.

අභිඤේඤය්‍යං අභිඤ්ඤාතං
මම දැනගැනීමට ඇති දෙය දැන ගතිමි

භාවෙතබ්බඤ්ච භාවිතා
මම වැඩීමට ඇති දේ වැඩුයෙමි

පහාතබ්බං පහීනං මෙ
මම ප්‍රහාණය කළ යුතුදේ ප්‍රහාණය කළෙමි

තස්මා ඛුද්ධොස්මි බ්‍රාහ්මණ
ඒ නිසා මම බුද්ධ වෙමි

යනුවෙන් උන්වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හඳුන්වා ඇත. බුදුන් වහන්සේ දැනගත යුතුදේ දැන ගතිමි” යනුවෙන් අදහස් කරන්නේ උන්වහන්සේ මෙලොව යථාර්ථය හඳුනාගත් බව ය.කුමක්ද? මේ යථාර්ථය, යථාර්ථය නම් දුකය.

දුකේ‍ලොක පතිට්ඨීතො
මේ මුළුලොව දුක මත පිහිටා ඇත.

දුක්ඛෙමේව හි සමෙහාති
ඇතිවන්නේ දුක ය

දුක්ඛ තිට්ඨති වෙත්තිච
පවතින්නේත්, විඳින්නේත් දුකය

නාඤ්ඤත්‍ර දුක්ඛා සමේභාති
දුක පිටින් පැමිණෙන්නක් නොව

නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුජ්ඣති
(වජිරාසුත්තං) දුක නැති කිරීම පිටින් කරගන්නා දෙයක් නොව, අප කරගත යුතු දෙයකි.

බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී එහි විස්තරයක් වන සච්ච විභංග සූත්‍රයේදි ආදි වශයෙන් ධර්මයේ විවිධ තැන්වලදී දුක මෙසේ විග්‍රහ කර ඇත.

“ජාතිපි දුෙක්‍ඛී ,ජරාපි, දු‍ෙක්, ව්‍යාධිපි දුෙක්‍ඛා ,මරණම්පි දුක්ෙක්‍ඛී පියෙහි විප්පයොගො දුෙක්‍ඛා අප්පියෙහි සම්පයොගො දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්‍ඛං සංඛීතේතන පඤචුපාදනක්‍ඛන්ධා දුක්‍ඛා”

අප දුක නිවැරැදිව අර්ථකථනය කරගත යුතු වේ.

දු – යන අකුරෙහි දොම්නස් සහගත යන අරුත් දෙයි

ඛ – යන වදනෙහි හිස් බවක් ඇත යන අරුත්දේ

විවිධ වේදනාකාරි දේවල් තුළ ඇත්තේද සැප යැයි සම්මත විවිධ දේවල් තුළ ඇත්තේ ද දුක මය. ඒ අනුව මේ දුක්ඛ යන විග්‍රහයට ඇතුළත් නොවන කිසිවක් මෙලොව නොමැත.

1.ජාතිපි දුක්ඛා :- උපත දුකකි. අප උපන්දින සමරනුයේ එය දුකක් දෙන නොව සැපයක් ලෙස සලකමිනි. බොහෝ දෙනා උපත ආශ්චර්යයක්,ආශිර්වාදයක් ලෙස සලකන මුත් උපතේ ආරම්භයේ සිට විපත දක්වාම වේදනා රැසක් ඇත. උපතේ ආරම්භය දෙස අපි බලමු. එම ආරම්භය චුති සිතක් හා බැඳී ඇත. චුතිය හටගන්නේ පසුගිය භවයේ මරණයත් සමඟිනි. එය දුකක් මිස සැපතක් නොවේ. උපතේ ආරම්භය මරණය හා චුති සිත හා බැඳී ඇත.

ප්‍රතිසන්ධිය – අපට මව්කුසක් තුළ පිළිසිඳ දසමසක් හෝ ඊට ටිකක් අඩු කාලයක්,ලෙයින් තැවරී,මාංශමය ශරීරයක් තුළ, කූඩුවක් වැනි ස්ථානයක සිරකරුවෙක් මෙන් ගතකිරීමට සිදුවේ. එම දුක්ඛිත තත්ත්වය ධර්මයේ මෙසේ පැහැදිලි කෙරේ.

ගබේභාක්කන්තික මූලකාදිහෙස දුක්ඛං

ගැබ පිළිසිඳ ගැනීමේ දුක

(ඉතිරි කොටස අප්‍රේල් 3 වන දා පත්‍රයේ පළ වේ)

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk