යමුනාවේ මහා පුරුෂයා
වංශනාථ විජේසිංහ
ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් හා
එච්.ශි‍්‍ර නිශ්ශංක පදනමේ අනුශාසක
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමැති යෝධ වෘක්‍ෂයේ නිර්මාතෘවරයා
න්‍යාචාර්යවරයා මෙන්ම බුදුදහමේ උන්නතියට සුවිශාල මෙහෙවරක් කලාවූද
නිදහසින් පසු පළමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වූ රාජ නීතිඥ
එච්.ශ්‍රී නිශ්ශංක නාමය මෙරට කෘතවේදී ජනයාට කිසිදා අමතක නොවන්නෙකි.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ තමා සමඟ එකට ඉගෙනගත් කලණ මිත්‍රයා වූ
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයාණන්ට තම සිත තුළ මෝරමින් පැවතියා වූ නව
පක්‍ෂය පිළිබඳ අදහස තම නිවස වූ යමුනාවට කැඳවා සාකච්ඡා කළේය. දෙදෙනා
සංවාද තර්ක, කරමින් දේශීය හා අන්තර්ජාතික කරුණු ගැනද ගවේෂණය කරමින්
පක්‍ෂය නිර්මාණය කළේය. නිශ්ශංකයන්ගේ තියුණු බුද්ධියේ අග්‍රඵලය ශ්‍රී
ලංකා නිදහස් පක්‍ෂය නිර්මාණය කිරීම බැව් පසුකලෙක බණ්ඩාරනායක මහතා හා
ඩී.ඒ.රාජපක්‍ෂ මහතා වැනි සමකාලීන මිතුරෝ ස්තුති පූර්වකව සැමරූහ. මේ
පිළිබඳව පක්‍ෂයේ ඉපැරණි ලේඛන හා නිශ්ශංක මහතාගේ දිනපොත් පිරික්සීමේදී
අපට දැක ගන්ට හැකිවිය.මෙවැනි ලිපිලේඛන රැසක යමුනා නිවසේ (වර්තමානයේ
යමුනා සදහම් ආශ්‍රමයේ සුරැකිව පවතී)
දකුණුලක බලපිටි පුරවරයේ ගරුමුනි වලව්වේදී 1898 දී උපත ලද මෙතුමා විරල
බෝසත් ගතිගුණ ඇති ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික
අධ්‍යාපනයත්,කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද අතර පාසල්
වියේ පටන්ම අනෙක් ශිෂ්‍යයින්ට වඩා පුලුල්ව සිතන්නටත් ක්‍රියාකරන්නටත්
පෙළඹුනි.
මෙරට විසූ නිහඬ විද්වතෙකු වූ නිශ්ශංක දිවේරිස් මෙන්ඩිස් මැතිතුමා හා
අනෝමා වික්‍රමරත්න ළමා තැනී මෙතුමාගේ මවුපියෝය. එකම සොයුරිය මාලනීය.
මැතිනිය මුයිරියල් නිශ්ශංකය, දූ දරුවෝ යමුනා රංජිත් හා ගීතාය වාදිභසිංහ
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි,රාජ ගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි
සමීප ඥාතීහු වෙති.
එක්තරා වකවානුවක මෙතුමා පැවිදි දිවියට ඇතුළත්ව බුරුම රටට වැඩමවා
ත්‍රිපිටකය හා භාවනා ක්‍රම පිළිබඳ ගැඹුරින් හැදෑරුවේය. පසු කලෙක
මවුපියෝ රෝගාතුරව ගත කරන බව සැලවී ඔවුන් බලා කියා ගන්ට පවුලේ තවත්
පිරිමි දරුවන් නොවූ නිසා ලංකාවට නැවත වැඩම කරවා මහා සංඝයා රැස්කර කරණු
ඉදිරිපත් කර උපැවිදි වූහ.
උපන්ගෙයිම ධෛර්යවන්ත නායකයෙකුගේ ලක්‍ෂණ පෙන්නුම් කළ මේ යුග පුරුෂයා
නීති ක්‍ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා එංගලන්තයේ
ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් විය. එහිදී මෙරටින් ගොස් අධ්‍යාපනය හැදෑරූ
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාව මුණ ගැසුණි. දින කිහිපයක් ගතවෙත්ම
දෙදෙනා හොඳ මිතුරෝ බවට පත්වූහ. උසස් ලෙස දක්ෂකම් දක්වා නීති ක්ෂේත්‍රයේ
දැනුම පුළුල්කරගත් මෙතුමා 1922 දී ලංකාවට පැමිණ නීතිඥ වෘත්තියේ
දිව්රුම් දුන්නේය. ශූර කථිකත්වය, තියුණූ තාර්කිකත්වය එඩිතර බව,
ප්‍රසන්න බව නිසා වැඩිකල් නොගොස්ම නීති ක්ෂේත්‍රය පුරාම යසස පැතිර
ගියේය. අපරාධ නඩු සම්බන්ධව ඒ අවධියේ මෙරට විසූ අති දක්ෂතම නීතිවේදියා
මෙතුමා බවට විවාදයක් නැත.
බුදු දහම තුළින් ළමාවියේ පටන්ම ජීවිතය පෝෂණය කරගත් අතර ඒ අනුව ඉදිරි
දිවිය හැඩගස්වා ගන්නටද පුරුදු පුහුණූ කරගත්තේය. නිරතුරුවම සමාජීය
ආර්ථික,දේශපාලන,සංස්කෘතික කරුණු කෙරෙහි අවධානයෙන් සිටි
දේශපේ‍්‍රමියෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැංවීමේ ප්‍රමුඛයා මෙතුමාය,පක්ෂයේ නම
ශ්‍රී.ල.නි.ප. ලෙසද වර්ණය නිල්පාට ලෙසද ලාංඡනය අත ලෙසද යෝජනා කළේය.
(වර්තමානයේ පක්ෂයේ ඇතැමෙක් මේවා නොදැනීම කනගාටුවට කරුණකි)
බල තණ්හාවෙන් අනෙකා පාගා ඉදිරියට යාමේ උවමනාවක් තිබුණේ නැත. ගැමි
ජනතාවගේ ආස්වාදයට ලක්වූ සඟ, වෙද, ගුරු, ගොවි , කම්කරු පංච මහා බලවේගයේ
රුචිකත්වය මත ශ්‍රී.ල.නි.ප. නමැති අති දැවැන්ත පක්ෂය 1951 බිහි වන්නේ
නිශ්ශංකයන්ගේ දුරදක්නා අප්‍රතිහත ධෛර්ය නිසාය. එය ඉදිරියට රැගෙන යාමේ
භාරදූර වගකීම තම කළණ මිතුරා වූ බණ්ඩාරනායකයාණන්ට පැවරීමට තරම් බෝධිසත්ව
ගතිගුණවලින් හෙබි මෙතුමා නිහතමානි විය.
1933 දී පමණ අප කථානායකයාගේ දක්ෂකම් දෙස විමර්ශනයක යෙදුනු එවකට මෙරට
පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයා පාබළ හමුදාවේ ලුතිනන්වරයෙකු
ලෙසද රබර් පාලන දෙපාර්තමේන්තුවටද රථවාහන උපදේශක මණ්ඩලයටද පොලිස්
කොමිසමේ උපදේශකවරයෙකු ලෙසද පත්කළේය. 1949 රාජ්‍ය, නීතිඥ, පදවියෙන්ද
පිදුම් ලැබුවේය. එසේම සමස්ත ලංකා බුදුමහ සමුළුවේ සභාපති පදවියද,කොළඹ
වැල්ලවත්ත කොට්ඨාසයේ නිතරඟයෙන් නාගරික මන්ත්‍රි‍්‍ර පදවියට ද කුරුණෑගල
පළාත නියෝජනය කරමින් නිදහසින් පසු පළමු පාර්ලිමේන්තුවේ මන්ත්‍රි
පදවියටද ජනතා ඡන්දයෙන් පත්විය.
මෙරට පැවති අති බිහිසුණූ ජාතිවාදී අරගල ,ආගම්වාදී අරගල මෙතුමාගේ එඩිතර
සටන්කාමි ඉදිරිපත්වීම් තුළින් සාමකාමීව විසඳා ගැනීමට හැකිවූ අවස්ථා
බොහෝය. සිංහල,ඉංගී‍්‍රසි, පාලි, සංස්කෘත බුරුම භාෂා කෙරෙහි නිපුණත්වයක්
තිබුණේය. දුගී දුප්පත් දරුවන්ට ඉංගී‍්‍රසි දැනුම නොමිලේ ලබා දුන් අතර
පාසල් උපකරණ, ඇඳුම්, පැළඳුම් ලබාදීමටද ඉදිරිපත් විය.
රට පාලනය කිරීමේදී නිවැරදි නීති සම්පාදනය, ඉතා වැදගත්ය. එසේම නීතිය
පිළිබඳව ජනතා විශ්වාසනීයත්වයත් ආරක්ෂා කරගැනීමට පාලකයෝ කටයුතු කළ යුතුය
යන්න නිශ්ශංක මහතා තරයේ ඇදහුවෙකි.
සල්ගල වනාශ්‍රමය බියගම උපාසිකාරාමය, ඇරඹීමේලා පුරොගාමී විය. “අපේ ලංකා
“ එංගලන්ත ඉතිහාසය’, ‘ලංකා දණ්ඩ නීතිය’ යන පොත්වල කතෘවරයාද මෙන්ම
හෙළදිව, සංඛනාදය නම් වූ පුවත්පතේ හා සඟරාවේ සංස්කාරකවරයාද වශයෙන්ද දක්ෂ
සිත්තරෙක් ලෙසද ක්‍රියා කළේය.මෙතුමා නිර්මාණය කළ බොහෝ සිතුවම්
වර්තමානයේදී යමුනාවේදී දැකගත හැකිය.
නිශ්ශංක මහතා පිළිබඳව සොඳුරු මතකයන් යළි ජීවමාන කරමින් වරින්වර අප
දැනුවත් කෙළේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු හා හිටපු පාර්ලිමේන්තු
මහාලේකම් සෑම් විජේසිංහ මහතාය.මේ සමරු සටහන ලියන මොහොතේ එයද මතකයට
එක්වන්නේය. 1954 වර්ෂයේ රටට ණය නැති මේ මහා පුරුෂයා තම නිවසේ බුදුරුව
දෙස බලාගෙන අවසන් හුස්ම හෙළීය. ඒ වන විට මෙතුමාගේ වයස 54 කි. එදා
සුප්‍රසිද්ධ යමුනාව අද යමුනා සදහම් ආරාමය බවට පත්කරමින් නිශ්ශංක මහතාගේ
දූදරුවෝ අමරපුර මහානිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගෞරව
ශාස්ත්‍රවේදී හීනටියන නන්දතිස්ස නා හිමි ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජාකර
තිබේ.
1956 සමාජ පරිවර්තනයේ ජයගොස දැකගන්නට වරම් නොලැබීමද දෛවරයේ සරදමක්
වැනිය. බණ්ඩාරනායක මහතා හා ඩී.ඒ.රාජපක්‍ෂ මහතා වැනි නිශ්ශංකයන්ගේ
සමකාලීන මිතුරෝ අවසන් කටයුතු සිදුවුනදා ඉතා ශෝකීව කඳුළු සලමින් සිටි
ආකාරය යමුනාවේ ඉපැරැණි සේයා දින සටහන්වල මැනවින් දිස්වේ. එසේම
බණ්ඩාරනායක මහතා එදින කළ ගුණකතාව ඉතිහාසගත වන්නකි.
රටට ජනතාවට ශ්‍රී ලකා නිදහස් පක්ෂයට විශේෂයෙන්ම බුදුදහමේ උන්නතියට කළ
අමිල මෙහෙවර සමරා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එතුමා දිවියෙන්
සමුගත් පෙබරවාරි 26 වෙනිදා යමුනා සදහම් ආශ්‍රමයේදී දානමය පුණ්‍ය
කටයුත්තක්ද දුගී දුප්පත් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්ද සිදු
කිරීමට නිශ්ශංක පදනම හා විහාරස්ථ දායක සභාව කටයුතු යොදා තිබේ.මෙදිනටම
මෙතුමා උපන් බලපිටි පුරවරයේ මාවතක් රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක ලෙස
නම් කිරීමටද නියමිත ය. |