ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍ය මේ මස 26 වෙනි දිනට
යෙදෙන දුරුතු පුර පසළොස්වක පෝය දින පෙරවරු 10, විනාඩි 02 ට උතුර
දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව ප්‍රධානකොට ඇති විහාර දේවාලයන්හි
සිදුකෙරේ. අළුත් සහල් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධපූජා මංගල්‍ය
සිදුකිරීම සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග
දෑල මහතාගේ අණ පරිදි කාරියකරවන කෝරාල, කේ. එම්. සී. කරුණාතිලක මහතා
නිකුත් කර ඇති ප්‍රකාශයේ මෙසේද සඳහන්වේ.
ඉතිරිය»
බුදුරදුන්ගේ
ප්‍රථම ලංකාගමනය
සිහිකරවන
පින්බර
දුරුතු පොහොය
මහානාග නම් වනෝද්‍යානයට රැස්වූ යක්ෂ පිරිස එකිනෙකා සමඟ
යුද වැදීමට සැරැසී සිටි අවස්ථාවේ බුදුරදහු වැඩම කොට ඍද්ධි
ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ. අව්ව, වැස්ස, සුළං සහ කුනාටු මවා
පළමුව ඔවුන් බිය ගැන්වූහ. දමනය වූ යක්ෂ පිරිස බුදුරජාණන් වහන්සේට වැඩ
සිටීමට ආසනයක් ද
පිළිගැන්වූහ. අනතුරුව උන්වහන්සේ අග්නි චක්‍රයක් මවා ඔවුන්
එක තැනකට රොක් කොට
කරුණාවෙන්, දයාවෙන් හා
මෛත්‍රියෙන් ඔවුනට සුපිරිසුදු
ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ලාභය, ධනය සහ සුවය
අපේ ජීවිතවලට නිරන්තරයෙන් බලපාන කරුණු කීපයක් පැහැදිලි කරගැනීමට ඉහත
ගාථාව උපයෝගී කරගනිමු. මනුෂ්‍යයාට තිබෙන උතුම්ම ලාභය නිරෝගී බව ලෙස
බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළා. එම නිරෝගීබව රැකගැනීමට අප හැම
කෙනෙකුම උත්සාහ කළ යුතු ය.
වාතය, පිත, සෙම යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගවලට අමතරව ‘විසම
පරිහාරජා’ යනුවෙන් දේශනාවෙන් පැහැදිලි කරනුයේ තමා අනුගමනය කරන ක්‍රියා
පිළිවෙත වැරැදි ලෙස අනුගමනය කිරීම නිසාද රෝගාබාධ ඇතිවන බවයි.
ඉතිරිය»
වරක් වත් ගොසින් වදින්න කැලණි විහාරේ
කැලණිය යන මහා පුරවර නාමය සදාණුස්මරණීය වූ ද අති පූජනීය වූ ද නාමයක් බවට
පත්ව තිබෙයි.
බුදුන් වහන්සේ අප මාතෘ භූමිය වෙතට වඩින්නට පෙර සිටම මෙම කැලණිය පුරවරය
ප්‍රසිද්ධ නගරයක් වශයෙන් පැවතියේ ය.
ක්‍රි.පූ. වසර 500 කට පමණ ඉහත කැලණිය ජනාවාසයක්ව පැවැති බවට ඉඟි කරන
වළං කැබැලි මැටි භාණ්ඩ කැලණිය පිලපිටිය ප්‍රදේශයෙන් හමු වී ඇත. එසේ නම්
ඒ කාලය වන විටත් මෙහි ශිෂ්ඨාචාරගත මිනිස් වාසයක්ව පැවැතෙන්නට ඇති බව
සිතිය හැක.
ඉතිරිය»
|