බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථ පෙරහර
බෙන්තොට ඓතිහාසික ගලපාත රාජමහා විහාරස්ථානය වූ කලී දකුණුලක පිහිටි අති
පැරණි, පරම පූජනීයමෙන්ම රමණීය බෞද්ධ සිද්ධස්ථානයකි. වෙසෙසින්ම අනුබුදු
මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් මෙම
විහාරස්ථානයේ වැඩ සිටීම දකුණු ලකට මෙන්ම මුළු දිවයිනට ද වාසනාවකි.
ඉතිරිය»
ඓතිහාසික පූජනීය අපේ උරුමය - අටමස්ථානය
මහා බෝධිය යි - මහා ස්තූපය යි
ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට උතුරු දෙසින් හා ථූපාරාමයට දකුණු දෙසින්
දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමු වන විශාල දාගැබ වශයෙන්
සැලකෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා තිබේ.
“කකුද” නම් වැව කෙළවර පිහිටවූ ටැම් ලිපියට අනුව ක්‍රි. පූ: 138 දී
දුටුගැමුණු මහ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනඟන ලද බව සඳහන්ව ඇත. ශ්‍රී
සර්වඥධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ මෙහි නිධන් කොට ඇති බැවින් මහා
ස්තූපය නමින් හඳුන්වන අතර, එනිසාම රුවන්වැලි මහා සෑය සැදැහැවතුන් හැම
කෙනෙකුගේම ගෞරවනීය පූජනීයත්වයට පාත්‍රව ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සිතෙහි බැඳෙන කෙලෙස් මල
මඩෙනුත් දියෙනුත් ඔබ්බට විත් සුපිපී සෞම්‍ය සුගන්ධය දසදෙස පතුරුවන්නා
වූ පියුමක් සේ, කෙලෙස් භරිත ලෝ තුළම පහළ වූ නමුදු ක්ලේෂයේ නොතැවරී
උත්තරීතර භාවයට පත්
අධ්‍යාත්මීය ගුරුවරයාණන්
උන්වහන්සේ ය.
බුදු පියාණන් නිරන්තරව වදාළේ සිහියෙන්, වීර්යයෙන් හා නුවණින් කටයුතු
කරමින් ඒ ඒ
මොහොතේදීම කෙලෙස් ටික ටික හෝ ක්ෂය කර හරින ලෙසයි.
ඒ සඳහා අප
යෝනිසෝමනසිකාරයෙන්
ක්‍රියා කළ යුතුය.
ඉතිරිය»
බෝපත් සිසිලස
අතීතයේ දී බෝධීන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ තවත් චාරිත්‍ර විධියක්
නම් සෝමනස්ස පූජාවයි. ‘සොම්නස් මහ බෝ මඟුල’ යන පදයෙන් හැඳින්වෙන මෙම
චාරිත්‍රානුකූල උළෙල රටේ සෞභාග්‍යයත්, ජනතාවගේ අභිමථාර්ථ සාධනයත්
අරමුණු කරගෙන පවත්වන ලදී.
ඉතිරිය»
|