බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව - 11
සිහින විග්‍රහය
මනෝ වෛද්‍ය
ඩී.වී. ජේ. හරිශ්චන්ද්‍ර
සිග්මන් ප්‍රොයිඩ්
මානසික රෝග ඇති කරවන බොහෝ හේතූන්, මිනිස් සිතෙහි මතුපිටින් පිහිටි
කොටසක නොව අතීතයේදී ගැඹුරු කොටසක සැඟවී අමතක වී ගිය සාධක බව සිග්මන්
ෆ්‍රොයිඩ්ට (SIGMUND FREUD) ජෝසෆ් බ්රූවර්
(JOSEF BREUER) සමඟ එක්ව 1890 දී පමණ රෝගීන් මෝහනය කරන විට,අවබෝධ විය.
සිතෙහි මතුපිට කොටස උඩුසිත යනුවෙන් ද ගැඹුරු කොටස ‘යටිසිත’ යනුවෙන් ද
‘ෆේරායිඩ්” හැඳින්විය .
කුමාරතුංග මුනිදාස සූරීන්ගේ ‘විරිත් වැකියෙහි ‘අරුත් විට’ පැටුමෙහි
යෙදෙන ‘දිසි’ සහ ‘වැසි’ දෙපද අනුව උඩුසිත ‘ දිසි සිත’ යනුවෙන් ද,
යටිසිත ‘වැසි සිත’ යනුවෙන් ද හැඳින්වීම සුදුසු බව හැෙඟ්.
මෝහනය
මෝහනය මගින් යටිසිතේ සැඟවී, සිර වී තුබුණු මතකයන් උඩුසිතට ගෙනැවිත්
ඒවාට ඈදුණු චිත්තවේග ප්‍රකාශනය මගින් මුදවා හැර බ්රූවර්, මායාරෝගයෙන්
පෙළුණු රෝගීන් සුවපත් කෙළේය. මෙම ප්‍රකාශනය අපසර්ජනය යනුවෙන් හැඳින්වේ.
අබාධ සංඝටනය
සමහර රෝගීන් මෝහනය කිරීමට ෆේරායිඩ්ට අපහසු වූ හෙයින්, යටිසිතේ
සැඟවුණු මතකයන් සහ චිත්තවේග උඩුසිතට ගෙන ඒමට ඔහු නොවරදින, අපූර්ව
චිකිත්සක ක්‍රමයක් සොයා ගත්තේය. රෝගියාට කිසිදු බාධාවක් නැතිව සිතට එන
අදහස් නිදහසේ මුවින් පිට කිරීමට ඉඩ හැරීමයි. ඔහු සොයාගත් ක්‍රමය, එය
ඔහු නම් කෙළේ ‘අබාධ සංඝටනය’ යනුවෙනි.
මනෝ විග්‍රහය
එම ක්‍රමය යොදවා මේ දක්වාම ලෝකයේ බොහෝ රටවල කරනු ලබන චිකිත්සාව
මනෝවිග්‍රහයයි. ශ්‍රී ලංකාවේ මෙම චිකිත්සාව එපමණ ප්‍රචලිත නො වෙතත් සෑම
මනෝවෛද්‍යවරයකු ම සෑම මනෝචිකිත්සකවරයකුම රෝගියකු සමග පවත්වන සම්මුඛ
පරීක්ෂණයේදී සහ ප්‍රතිකාර සැපයීමේදී සිග්මන් ෆේරායිඩ් ලොවට හෙළි කළ
මනෝවිග්‍රහයේ මූලධර්ම රාශිය උගෙන තිබීම වැදගත් වෙයි.
මනෝවිග්‍රහය සඳහා රෝගියා කවිච්චියක් මත වැතිරී සිටිය යුතු වන අතර,
මනෝවෛද්‍යවරයා හෝ මනෝචිකිත්සකවරයා හෝ රෝගියාගේ හිස පැත්තේ, රෝගියාට
කෙළින්ම නො පෙනෙන අන්දමින් හිඳියි. රෝගියා නිදහසේ ඔහුගේ සිතට එන සියලු
දේ නොවලහා ප්‍රකාශ කරයි.
ෆ්‍රොයිඩ් අසූ හැවිරිදි වන තුරු වර්ෂ 41 ක් තුළ දිනපතා පැය 8 –10 අතර
කාලයක් මනෝවිග්‍රහය සඳහා කැප කළ වෛද්‍යවරයෙකි.
සිහින විග්‍රහය
මනෝවිග්‍රහය ආරම්භ කළ මුල් යුගයෙහිම , ෆේරායිඩ්ට වැටහුණූ එක් කරුණක්
වූයේ, බොහෝ රෝගීන් කවිච්චියෙහි වැතිරී ඔවුන් දුටු සිහින විස්තර කිරීමට
සහ ඒවාට අර්ථ කථන සපයා ගැනීමට දැක්වූ විශේෂ උනන්දුව ය.
රෝගීන් විශාල සංඛ්‍යවකගේ සහ තමාගේම සිහින විග්‍රහ කිරීමෙන් මිනිස් සිත
සහ හැසිරීම් පිළිබඳව උගත් කුරුණු මෙන් ම, සිහින විග්‍රහය පිළිබඳ දැනුම,
මානසික රෝග විනිශ්චයටත් ප්‍රතිකාරයටත් උපකාරී වන අන්දම විස්තර කර,
ෆේරායිඩ් 1900 දී “සිහින විග්‍රහය”
(INTERPRETATION OF DREAMS) නමින් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් පළ කළේය.
දවල් සිහින, සිතෙහි පවතින යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමේ මාර්ගයක්
ලෙස සැලකු ෆේරායිඩ් රෑ සිහිනද එසේම යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කර
ගැනීමේ මාර්ගයක් බව තීරණය කළේය. ෆොයිඩ් මෙම තීරණයට එළඹි අවස්ථාව
මනෝවිග්‍රහ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පිළිගැනෙයි. සිහින
දකින්නා ඉෂ්ට කර ගැනීමට ආශා කරන බලාපොරොත්තුව ඔහුට එක් වරම නො වැටහෙන
ආකාරයකට වෙස්වළා ගන්වා නින්දේදී පහසුවෙන් වැටහෙන, ජවනිකාවක් හැටියට
උඩුසිතට මවා පාන ‘නිවාරකයකු’ යටි සිතේ සිටින බව ෆේරායිඩ් කල්පනා
කෙළේය. මෙම ජවනිකාව යි අප සැම දෙනා දැක පුරුදු ‘සිහිනය’ සිහිනයේ දිසි
අරුත යටින්, සැඟවී තිබෙන වැසි අරුත මෙන්ම, එම වෙස්වළා ගැන්වීමට හේතුව
සහ වෙස්වළා ගැන්වීමට යටිසිත යොදන උපක්‍රම අවබෝධ කර ගන්නා ආකාරය
ෆේරායිඩ්ගේ ‘සිහින විග්‍රහය’ ග්‍රන්ථයේ විස්තර වෙයි.ෆේරායිඩ් මෙම
උපක්‍රම ‘සිහින කාර්ය’ නමින් හැඳින්වීය.
සිහින කාර්ය
සිහින කාර්ය පිළිබඳ දැනුම අවශ්‍ය වන්නේ මනෝවෛද්‍යවරුනට සහ
චිකිත්සකවරුනට පමණක් නොවේ. අප යමක් කළ යුතු ද නැති ද,අපේ ආකල්ප
නිවැරැදි ද වැරදි ද යනු විවිධ හේතුන් නිසා අපේ උඩුසිතට අවබෝධ නොවන
අවස්ථා අපේ ජීවිතයේ බොහෝ ඇත.යටිසිතට මේ සියල්ල පිළිබඳ අවංක සත්‍යය
අවබෝධ වී ඇතත් අපේ ප්‍රාග් විනිශ්ම සහ අප අවට අයගේ, විශේෂයෙන් ම අපේ
සිත සතුටු කරන්නට අප කරන සැම දෙයම අනුමත කරන හිතවතුන්ගේ බලපෑම් නිසා,
එම සත්‍යය අපෙන් වසන්ව පවතී.මෙ වැනි අවස්ථාවක අපේ යටිසිත පුරෝහිත
බ්‍රාහ්මණයකු නොහොත් කල්‍යාණ මිත්‍රයකු මෙන් අපට පණිවිඩයක් එවයි. එම
පණිවිඩය සන්නිවේදනය මත තැබූ එක්තරා සිහිනයකි.
එම පණිවිඩය
බොහෝ අය විසින් වරදවා කියවනු ලැබේ. ඒ අනුව ගනු ලබන ක්‍රියා මාර්ගය ද
වරදියි. උදාහරණයක් වශයෙන් කෝපයෙන් නින්දට ගිය පුද්ගලයකුට පෙණය පුප්පා
ගත් නයකු පෙනුණු විට ඔහු බියෙන් අවදි වී කාමරය පුරා නයා සොයයි. සිහින
කාර්ය පිළිබඳ දැන සිටී නම් ඔහු එළවා දමන්නට උත්සාහ කරන්නේ කාමරයේ නයා
නො ව තම යටිසිතේ කෝපය යි. ෆ්‍රොයිඩ් ගේ ‘ සිහින අර්ථ කථනය” ග්‍රන්ථයෙන්
එ වැනි නිවැරදි අර්ථ කථන මත යටිසිතේ පණිවුඩ නිවැරැදිව කියවා නිවැරැදි
ක්‍රියා මාර්ගයක් ගැනීමට ඕනෑම අයකු අවබෝධ කර ගත යුතු ‘සිහින කාර්ය’
රාශියක් විස්තර වෙයි.
ෆේරායිඩ් ට පෙර
1900 වර්ෂයේදි ෆේරායිඩ් ‘සිහින කාර්ය’ විස්තර කිරීමට සහශ්‍ර වර්ෂ
කිහිපයකට පෙර, මනෝවිග්‍රහය තුළින් එතුමා ප්‍රත්‍යක්‍ෂ කළ ‘සිහින කාර්ය’
අනුව ම සිහින අර්ථ කථනය කරන ලද අවස්ථා සහ එම සිහින දුටුවන් එම නිවැරැදි
අර්ථකථන අනුව නිවැරැදි ක්‍රියා මාර්ග ගත් අවස්ථා පැරණි ග්‍රන්ථවල සඳහන්
වෙයි.
බුද්ධ චරිතයේද, පන්සිය පනස් ජාතක පොතේ මහා සුපින, වෙස්සන්තර, උම්මග්ග,
ඇතුළු ජාතක කථා කිහිපයකද සඳහන් එම සිහින අර්ථ කථන ගැන කියවන විට,
ෆේරායිඩ් යෙදූ මනෝවිද්‍යාත්මක පද මාලා නො යෙදුවද, එතුමා ඉදිරිපත් කළ
සිහින කාර්ය අනුව නිවැරැදිව සිහින අර්ථ කථන කළ ප්‍රාඥයින් . සහශ්‍ර
වර්ෂ කිහිපයකට පෙර සිටි බව පැහැදිලිය.
වේදේහ රජුගේ සිහිනය
උම්මග්ග ජාතකයේ වේදේහ රජු දුටු අරුම පුදුම බියකරු සිහිනයට සේනක පඬිතුමා
සැපයූ අර්ථකථනය තුළ , ෆේරායිඩ් විස්තර කළ ‘සිහින කාර්ය’ සියල්ලම
පාහේ අඩංගු වෙයි. එම සිහිනය සහ එහි අර්ථ කථනය මී ළඟ පෝ දින ‘බුදුසරණ’
කලාපයෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.
තුනුරුවන් සරණයි
බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව - 10 මම ක්ෂාන්තිවාදී වෙමි
|