UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

හබරණ පළුගස්වැව වෙහෙරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජ මහා විහාරය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

හබරණ පළුගස්වැව වෙහෙරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම රාජ මහා විහාරස්ථානය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි. අනුරාධපුර යුගයේ රජ පැමිණි රජ දරුවන්ගේ නෙත ගැටුණු පෞරාණික පුණ්‍ය භූමියකි. වන සිව්පාවුන් ඇතුළු නිදැල්ලේ හැසිරෙන සත්ව සමූහයාට මෙබිම අභය භූ®මියක් බඳුය. එතරම් නිදහස් සැනසිලිදායක පරිසරයකි.


ගල්තලාවේ පැරැණි චෛත්‍යය

විහාර මළුව ආශි‍්‍රතව ගල්තලාව මතට නැඟුණ විට දිස්වන්නේ අතීතයේ මහ රහතන් වහන්සේ වැඩ විසූ ඓතිහාසික රිටිගල කඳු යායයි. එසේම පෞරාණිකත්වය ඉස්මතු කරන ශිලා ලේඛණද මෙහි වේ.

මහ ගිරි මස්තකයේ පිහිටියාවූ, අනන්ත බුදුගුණ සිසිලසෙන් සැදැහැවතුන්ගේ සිත සනහාලන විසිහතර රියන් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දක්නට ලැබීමම පෙර කළ පුණ්‍ය මහිමයකි. බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටින තැනට මඳක් ඔබ්බෙන් පිහිටි වන්දනා මානයට පාත්‍රවූ දර්ශනීය චෛත්‍යය පැරැණි නිර්මාණ ශිල්පීන්ගේ දක්‍ෂතා විදහා පෙන්වයි.

සමාධිබුද්ධ ප්‍රතිමා වහන්සේට ඉදිරි පසින් හා වම් පසින් ගල්තලාවෙහි පිහිටා ඇති පොකුණු දෙක දිය පිරි කලට මුළු පරිසරය අතිශය දැකුම්කලුය. එසේම ඒ ආසන්නයෙහි ඉපැරැණි අරලිය ගස්යාය වන අරණෙහි රමණීය බව මේ යැයි කියාපාන්නා සේය.

 


විහාර මළුවට පිවිසෙන පියගැට පෙළ

ගල්තලාව අවට පැරැණි විහාරාරාම ලක්ෂණ පෙන්නුම් කරන ශිලාමය භාවනා කුටි පිහිටා ඇත. අද ඒවා නෂ්ටාවශේෂව පවතී. අතීතයේ මෙම විහාරස්ථානය මූලස්ථානය කරගෙන බොහෝ භික්ෂූන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිට ඇතැයි සැලකිය හැකිය. එකල මේ ආරණ්‍යයේ වැඩ විසූ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේගේ දිවිපැවැත්ම කෙබඳුවේදැයි සිහිකැඳවන මූලාශ්‍ර රාශියක් දැකගත හැකිය. එදා මෙන්ම අදත් මේ විහාරස්ථානය කාගේ් වුවද සිත් සතන් යොමු කරන්නේ උතුම් භාවනාවටමය.


භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ වැඩ විසූ ගල්ලෙනක්

මෙහි වත්මන් විහාරාධිපතිත්වය උසුලන්නේ දිවුලන්කඩවල ධීරානන්ද නාහිමියන් වහන්සේයි. උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ඇතිව විහාරාධිකාරිත්වය දරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි හිටපු කථිකාචාර්යවරයකුද වන මහරැඹැවැවේ පාලිත හිමියෝ කටයුතු සාධනයෙහි දක්ෂතාව නිසා දායක කාරකාදීන්ගේ ප්‍රසාදයට පාත්‍රව සිටිති.

විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කරගෙන යනු ලබන්නේ පෙර තිබූ ආරාමිය පද්ධතියට හානියක් නොවන අයුරෙනි. විහාරස්ථ දායක කාරකාදින් ඇතුළු සැදැහැවතුන්ගේ ආධාර උපකාර ඇතිව අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත භාවනා මධ්‍යස්ථානය කාගෙත් සිත් වඩාත් කුසලයට නැඹුරු කිරීමට හේතුවක් වනු ඇත.

 
වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 13 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.14 ට ලබයි.
14 වැනි දා බදාදා පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 20 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]