බුදුපියාණන් වහන්සේ
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
බුදුහාමුදුරුවෝ එය අධ්‍යයනය කළේ ඇතිවුණා වෙනස් වෙමින් පැවතුණා,
නැතිවුණා, යනුවෙනි. ගසක් දෙස බැලුවත් ගසක මුල් ඇදල රෝපණය වෙනවා. ඒ ගස
ලොකුවෙනවා. ගහ දිරනවා, ගහ වැටෙනවා, කැඩෙනවා, ගහමැරෙනවා, ගහ නැතිවෙනවා
යනුවෙන් මිනිහෙක් උපදිනවා. ලොකුවෙනවා, වෙනස්වෙනවා, වයසට යනවා,
නැතිවෙනවා, අව්ව, වැස්ස, වටිනා නොවටිනා,ජීවි අජීවි සියල්ලන්ගේම ස්වභාවය
ඇතිවෙනවා, වෙනස්වෙමින් පවතිනවා, නැතිවෙනවා, මෙය සියලුම පර්යේෂණවල
ප්‍රතිඵලය දේශනා කරනු ලැබුවේ ‘අනිච්චාවත සංඛාරා’ යනුවෙන් වචන තුනක
වාක්‍යයකිනි.
සාමාන්‍යයෙන් පෙරදිග ලෝකයේ සහ අපරදිග ලෝකයේ සූත්‍ර ධර්ම නිර්මාණය
කිරීමේදී වෙනසක් තිබෙනවා. සූත්‍රයක ස්වභාවය වෙන්නේ විශාල දෙයක් කුඩා කර
දැක්වීමයි. සංස්කෘත භාෂාවෙන් “සූත්‍ර” පාලි භාෂාවෙන් “ සුත්ත” කියන්නේ
නූලට. නාට්‍යවල නූල් අල්ලාගෙන සිටින පුද්ගලයා “ සූත්‍රධර” නමින්
හඳුන්වනවා. සූත්‍ර කියන්නේ නූලට. නූලෙන් කෙරෙන්නේ අමුණන එකයි. ඒ නිසාම
“ නූල් සූත්තර” නමින් සිංහලයේ වචනයක් හැදී, තියෙනවා. නූල් වලින් කළේ
මල් අමුණපු එක හා වැල් අමුණපු එක
කිසියම් සූත්‍රයක කරුණු ගොඩාක් එකතු කරල අමුණනවා කියන දෙය එහි තේරුම
වෙනවා. ඒ අනුව මංගල සූත්‍රයේ මංගල කරුණු අමුණල තියෙනවා. වසල සූත්‍රයේ
වසල කරුණු අමුණල තියෙනවා. පරාභව සූත්‍රයේ පිරිහෙන කරුණු අමුණල තියෙනවා.
බුදුරජාණන්
වහන්සේ බෞද්ධ සම්ප්‍රදායට අනුව සූත්‍ර යනුවෙන් අදහස් කරන්නේ අමුණනවාය
යන අර්ථයෙන්.
පටිච්ච සමුප්පාදය කියන විශාල ධර්ම ග්‍රන්ථ රාශියක් ලියන්න පුළුවන් තරම්
වටිනා ධර්ම පර්යාය “ හේතුඵල වාදය නමින් වාදයක් හැටියට විග්‍රහ කරන්න
පුළුවන් වාදය “ බුදුහාමුදුරුවො ඉතාම කෙටියෙන් දේශනා කරල තියෙනවා.
අස්සජි හාමුදුරුවො ධර්මප්‍රචාරය සඳහා වඩින්න සූදානම් වෙලා
බුදුහාමුදුරුවන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ලෙස මහපාරට බැහැල “
දෙදෙනෙක් එක මග නොයව් “ යන පළවෙනි අවවාදය පිළිපැදල අස්සජි හාමුදුරුවො
වඩිනවා. වඩින අවස්ථාවේදි අතරමගදී කෝලිත උපතිස්ස දෙදෙනා හමුවෙනවා. ඒඅය
විමසනවා “ ඔබ කවුද” ? “ මම බුද්ධ ශ්‍රාවකයෙක්” “ බුද්ධ ශ්‍රාවකයෙක්
කියන්නේ කවුද?” “ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් “ “බුදුහාමුදුරුවො
කියන්නේ කවුද? “ මොනවද උන්වහන්සේ කියන විශේෂ දේවල්?” අස්සජි හාමුදුරුවෝ
පිළිතුරු සපයනවා “ යේ ධම්මා හේතුපභවා තේසං හේතු තථාගතො ආහ. තථාගතයන්
වහන්සේ කියන්නේ “හේතුවෙන් පහළවෙන දේවල හේතුව බුදුරජාණන් වහන්සේගේ
විශේෂත්වය එයයි. එම පොඩි ප්‍රකාශය විග්‍රහකරල පටිච්ච සමුප්පාදය
ධර්මතාවක් හැටියට කියලා අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං,
විඤ්ඤාණ පච්චයා නාමරූපං ආදි වශයෙන් විග්‍රහකරල හේතුපල වාදය නමින්
පොත්පත් ගණනාවක් ලියලා චක්‍ර ඇඳලා, චිත්‍ර ඇදල විග්‍රහ කරන්නේ ඉහත
සදහන් පොඩි ප්‍රකාශයක්.
එයයි සූත්‍රයක ස්වභාවය. පෙරදිග සූත්‍රත් අපරදිග සූත්‍රත් අතර වෙනසක්
තියෙනවා. පෙරදිග සූත්‍රවල හැඩයට වඩා අපරදිග සූත්‍රවල හැඩය වෙනස්.
අපරදිග සූත්‍රවල ස්වභාවය වෙන්නේ ගණිතය, විද්‍යාව, රසායන විද්‍යාව,
භෞතික විද්‍යාව, කෘෂිකර්ම විද්‍යාව, වීජගණිත, අංක ගණිත ආදි සියලු ගණන්
වල සහ විද්‍යාවල සූත්‍ර අපට මතකයි. මේ සූත්‍රවල තියෙන්නේ ඉලක්කම්,
අකුරු සහ සංකේතයි. පෙරදිග ලෝකයේ හදන සූත්‍රවල තියෙන්නෙ කවි සහ භාෂා,
පෙරදිග ලෝකයේ සූත්‍ර කටපාඩම් තියාගන්න හැකියාව තිබුණත් අපරදිග ලෝකයේ
සූත්‍ර එලෙස කටපාඩම් කිරීම අපහසු වීමත් එහි තිබෙන වෙනසයි. බුදුරජාණන්
වහන්සේගේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය එයයි.
ඇරිස්ටෝටල්, ඇරිස්ටපානිස්, අයිසැක් නිව්ටන් ආදි න්‍යාය ධර්මතා ඉදිරිපත්
කළ බටහිර චින්තකයො චින්තාවන් ඉදිරිපත් කරල සූත්‍ර හැදුවේ සංකේත භාවිතා
කරමින්. බුදුරජාණන් වහන්සේ සියලුම සූත්‍ර සඳහා භාවිතා කළේ ගාථා
මාර්ගයෙන්. එය මතක තබා ගැනීමට පහසුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ
ධර්මය අකුරු, ඉලක්කම්, සංකේතවලින් ලියල තිබුණා නම් හා දේශනා කරල තිබුණා
නම් වර්තමානය වන විට එහි ඉතිරියක් දකින්න ලැබෙන්නේ නැහැ. එය ඉතිරි වූයේ
ගාථා වශයෙන් හදල තිබුණ නිසයි. රටේ සාගත පැමිණි වෙලාවලදි හාමුදුරුවරු
සජ්ක්‍ධායනා මාධ්‍යයෙන් එය තබා ගත්තා.
බුදුරජාණන් වහන්සේ සූත්‍ර භාවිතයේදී පාවිච්චි කළ තාක්‍ෂණික ක්‍රමවේදයක්
තිබුණා. බුදුරජාණන් වහන්සේට පසුකාලීනව සූත්‍රයුගය කියල සූත්‍ර යුගයක්
තිබුණා. ඒ යුගයේදි ව්‍යාකරණත් සූත්‍රවලින් කිව්වා.
ඒ යුගයේදී ව්‍යාකරණ, දර්ශන, ඉගැන්නුවෙ සූත්‍රවලින්. අදටත් ලංකාවේත්
පිරිවෙන්වල පාලි උගන්වන්නේ සූත්‍ර පොත්වලින්. සිදත් සඟරාවේ සිංහල
ව්‍යාකරණ උගන්වල තියෙන්නේ සූත්‍රවලින්. දර්ශන ලියල තියෙන්නේ
සූත්‍රවලින්. කුඩාම ප්‍රකාශ සූත්‍ර ලෙස දක්නට ලැබෙන නමුත් එවැනි
ප්‍රකාශ කරන්නෙ දීර්ඝ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි. බුදුරජාණන් වහන්සේ
මහ ඝන වනාන්තරයට ගොස් භාවනා කරන අවධියේ දක්නට ලැබුණේ ඇතිවෙනවා
වෙනස්වෙමින් පවතිනවා නැතිවෙනවා යන ධර්මතාවයි .යම් සතෙක් දෙස බලාගෙන
භාවනා කරන විට සතා ඉපදෙනවා, සතා ටික ටික ලොකුවෙනවා සතා වියපත් වෙනවා. ඒ
සතා ලෙඩ වෙනවා, අවසානයට සතා මරණයට පත්වෙනවා.
බුදුහාමුදුරුවෝ එය අධ්‍යයනය කළේ ඇතිවුණා වෙනස් වෙමින් පැවතුණා,
නැතිවුණා, යනුවෙනි. ගසක් දෙස බැලුවත් ගසක මුල් ඇදල රෝපණය වෙනවා. ඒ ගස
ලොකුවෙනවා. ගහ දිරනවා, ගහ වැටෙනවා, කැඩෙනවා, ගහමැරෙනවා, ගහ නැතිවෙනවා
යනුවෙන් මිනිහෙක් උපදිනවා. ලොකුවෙනවා, වෙනස්වෙනවා, වයසට යනවා,
නැතිවෙනවා, අව්ව, වැස්ස, වටිනා නොවටිනා,ජීවි අජීවි සියල්ලන්ගේම ස්වභාවය
ඇතිවෙනවා, වෙනස්වෙමින් පවතිනවා, නැතිවෙනවා, මෙය සියලුම පර්යේෂණවල
ප්‍රතිඵලය දේශනා කරනු ලැබුවේ ‘අනිච්චාවත සංඛාරා’ යනුවෙන් වචන තුනක
වාක්‍යයකිනි.
බුදුරජාණන් වහන්සේ මෙවැනි කෙටි ප්‍රකාශ කොතරම් කරල තියෙනවාද? “ විස්සාස
පරමා ඥාති” “සන්තුට්ඨි පරමං ධනං”
ආරෝග්‍යා පරමා ලාභා, අප්පමාදෝ අමත පදං, මෙවැනි වචන තුනේ මහා සොයාගැනීම්
රැසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර තියෙනවා. ඒ නිසා දාර්ශනිකයෙක්
වශයෙන් චින්තකයෙක් වශයෙන් බුදුන්වහන්සේ විශිෂ්ට උත්තමයක්. බුදුරජාණන්
වහන්සේ මෙයට වසර 2600 ටත් පෙර කිසිදු පර්යේෂණයක් කරන්න පර්යේෂණාත්මක
භෞතික සාධක හා පර්යේෂණ උපකරණ නොමැති කාල වකවානුවක ඒ අසිරිමත් බුදු
සිතින් හිතල දේශනා කරපු න්‍යාම ධර්මවල වටිනාකම කොතරම් ද කියල කියන්න
බැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ චින්තකයකු වශයෙන් හා දාර්ශනිකයකු
වශයෙන් අති විශිෂ්ට උත්තමයකු වන්නේ.
සටහන
හේමමාලා රන්දුනු |