UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව බුද්ධගයාවට අල්කයිදා තර්ජනය පිළිබඳ බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් ප්‍රකාශන මගින් දඹදිව බුද්ධගයාවට අල්කයදා තර්ජන යන මාතෘකාව යටතේ දුන් ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය බව සඳහන් කරනු කැමැත්තෙමි යැයි ඉන්දීය මහා බෝධි සමාගමේ මහා ලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසති.

ඉතිරිය»

අසිරිමත් වප් පොහොය

දුගතියක් නොදත් මනුෂ්‍ය ලෝකයේ ඉප දී මිනිස් සම්පත් ද දිව්‍ය ලෝකයේ පහළ වී දිව්‍ය සම්පත් ද විඳීමට සමත් වූ ආනිසංස සපිරි කඨින පින්කම ඇරැඹෙන අද දිනය බෞද්ධයාට මහා කුසල් රැස් කරගත හැකි සුවිශේෂී වූ පොහොය දිනයකි

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිසල සිත ගෙනෙයි සෙත

මහණෙනි, සිත ස්වභාවයෙන් පිරිසුදුයි. එය බැහැරින් එන උපක්ලේශයන් නිසා කිළිටි වේ. අපට බාහිර යමක් දැනගන්නට උපකාර වන්නේ සිතයි. ‘මනො පුබ්බංගමා ධම්මා’ යයි වදාළේ ඒ බවයි. බුදුරජාණන් වහන්සේ දෙසූ ත්‍රිපිටක ධර්මයන්ගෙන් අභිධර්මය හෙවත් උන්වහන්සේගේ ගැඹුරුම විශිෂ්ටම ධර්මය අභිධර්මයයි. එහි උගැන් වෙන්නේ සිත පිළිබඳවමයි.

ඉතිරිය»

සිවුරේ වටිනාකම සිහිපත් කර දෙන චීවර මාසය

කඨින චීවරයක් ලැබීම තුළින් භික්ෂූන් වහන්සේ නමකට සුවිශේෂ වගකීම් භාරයක් පැවරෙන බව සහ වරප්‍රසාද ලාභයක් ද සිදු වන බව කඨිනානිශංස දේශනවලට සවන් දී පුරුදු බෞද්ධයෝ දනිති. එමෙන් ම එයට සහභාගී වන්නන්ට ද අසාමාන්‍ය කුසල සම්භාරයකට හිමිකම් කියන්නට හැකි වන බව ද නොරහසකි. මේ සියලු වැදගත්කම් කේන්ද්‍රණය වන්නේ සිවුර වෙතය. භික්ෂූන් වහන්සේගේ සාමාන්‍ය වස්ත්‍රය වූ චීවරය විෂයෙහි මෙවන් උත්කර්ෂණයක් සඳහා ඇති යුක්තිය කුමක්දැයි කෙනකුට විමතියක් ඇතිවන්නට ඉඩ නැත්තේ නොවේ. එහෙයින් කඨින පූජා මාසය සිවුරෙහි වැදගත්කම පිළිබඳ සිතා බලන්නට සුදුසු අවධියක් සේ පෙනී යයි.

ඉතිරිය»

ඡායා - ජනක වෙත්තසිංහ

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]