බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
“සියලු පි‍්‍රය මනාප වස්තූන්ගෙන්
වෙන්වීම, වෙනස්වීම, කෙදිනක හෝ සිදුවේම ය. එය අද හෝ හෙට විය හැකිය.
ඉක්මනින් හෝ
පසුවී හෝ විය හැකිය. එනමුත් සිදුවේම ය. එසේ නම් එන්නත් දැක අමුතු වූ
සතුටකටත් යන්නන් දැක බලවත් වූ ශෝකයටත් හේතුවක් තිබිය නොහැකිය.
සැවැත්නුවර ජේතවනාරාමයෙහි ගසක් මුල සංග්‍රාමජීත් තෙරුන් වහන්සේ වැඩ
සිටි සේක. තෙරුන්ගේ ගිහි ජීවිතයෙහි බිරිඳ දරුවාද සමඟ විහාරයට පැමිණ,
තෙරුන් වෙතට ගියහ. “ශ්‍රමණයන් වහන්ස, කුඩා පුතෙක් අපට ඇත්තේය. මා පෝෂණය
කරන්නට යැයි කීවාය. ඒ හඬ ඇසුනද සංග්‍රාමජිත් තෙරණුවෝ නිශ්ශබ්දව වැඩ
සිටියහ. දෙවෙනි වරටත්, තෙවෙනි වරටත් තෙරණුවන්ට ඇය එසේ කීවාය. එනමුත්
තෙරණූවෝ නිශ්ශබ්දව වැඩ සිටියහ. මින්පසු පුරාණ බිරිඳ, තම දරුවා තෙරුන්
ඉදිරියෙහි තබා “මේ ඔබගේ පුත්‍රයාය.මොහු පෝෂණය කරන්නයි” කියා නික්ම
ගියාය. තෙරණුවෝ දරුවා දෙසද නොබැලූහ. කථා ද නොකළහ. මේ බව දුටු පුරාණ
බිරිඳ මේ ශ්‍රමණයන්ට පුත්‍රයාගෙන්ද ප්‍රයෝජනයක් නැතැයි පවසමින් නැවත
පැමිණ දරුවාද රැගෙන යන්නට ගියාය. මෙම සිදුවීම භාග්‍යවතුන් වහන්සේ
දිවැසින් දැක, මෙසේ උදානයක් වදාළහ.
එන්නියටද සතුටු නොවෙයි. යන්නිය දැක ද ශෝක නොකරයි. රාගාදී කෙලෙස්වලින්
මිදුණු ඒ සංග්‍රාමජිත් භික්‍ෂුව උසස්ම පුද්ගලයෙකැයි මම කියමි.
මෙම සිදුවීම තේමා කරගෙන, භාග්‍යවතුන් වහන්සේගේ උදානයක් මුල්කරගෙන, ධර්ම
විවරණයක් ඇති කර ගනිමු. දහමෙහි ඉගැන්වෙන ධර්මතා දෙකකි. ඒ සම්මුතිය සහ
පරමාර්ථයයි. සම්මුතියෙන් ලොවෙහි පැවැත්ම රැගෙන යන අතර, පරමාර්ථයෙන්
දුකෙහි නැවත්ම ඇති කරයි. මෙම පැවැත්ම සහ නැවැත්ම ඉතාම සියුම්ව තේරුම්ගත
යුතු කරුණකි. අශ්‍රැතවත් පෘථග්ජන අයෙකුට පරමාර්ථය දැකීමට වඩා සම්මුතිය
දැකීම සහ එහි පැවැතීම ඉතාමත් පහසුය. එනමුත් පරම සත්‍ය දකින්නට සහ අවබෝධ
කරගන්නට වෙරවීරිය දැරිය යුතුය. එය පාරමී ධර්ම සම්පූර්ණ කිරීමත් ශීල
සමාධි, ප්‍රඥා නම් වු ත්‍රිශික්‍ෂා මාර්ගය ඔස්සේත් කළ යුත්තකි.
ඔබ ගතකරන ගෘහස්ථ ජීවිතයෙන්ම, මෙම සම්මුතිය සහ පරමාර්ථය පිළිබඳ වෙනස
තේරුම් ගැනීමට උත්සාහ ගැනීම අවශ්‍යය. මම, ඔබෙන් මෙසේ ප්‍රශ්න කරමි. “
ඔබ ඔය දරාගෙන සිටින ශරීරය සැබෑවටම ඔබට අයිතිද? ඔබගේ පිළිතුර කුමක්
වුවත්, භාග්‍යවතුන් වහන්සේ විසින් නතුම්හ සූත්‍ර දේශනාවේදී මෙසේ දේශනා
කරන ලදී. “නායං භික්ඛවෙ කායො, නාපී අඤ්ඥේසං, පුරාණමිදං භික්ඛවෙ කම්මං,
අභිසංඛතං, අභිසඤ්චේතයිතං වේදයිතං දිට්ඨබ්බං” මේ ශරීරය ඔබට අයත් නොවේ.
අන් අයෙකුට ද අයත් නොවේ. පෙර කර්මයේ ඵලයකි. හේතුප්‍රත්‍යයන්ගෙන්
හටගත්තකි. චේතනාව මූලික වී ඇත. වේදනාවට වස්තු වී ඇතැයි දැකිය යුතුය.
භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළ පරමාර්ථ දේසනීය ඔබට තේරුම් ගැනීමට
හැකිවනු ඇත. එනම්, සම්මුතිය හෙවත් ලෝකයේ පැවැත්මට අනුව මේ ශරීරය මගේ බව
සත්‍යයකි. එනමුත් පරම සත්‍යයට අනුව, පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ සතර
ධාතුන්ගෙන් නිර්මිත ශරීරය කෙරේ මම අයිති පාලනයක් නැත. කොපමණ නම්
කවා,පොවා, නහවා පිරිසුදු කර හැඳපළඳවා සුවඳවිලවුන්වලින් හැඩ ගන්වා,
ඉරියව් පවත්වමින් “සැප” සැප යැයි කියා දෙන්නට උත්සාහ කළද, දිරාගෙන යන
විට එය නතර කරන්නට සැබෑ පාලනයක් හෝ හැකියාවක් ඔබට නැත. ලෙඩ දුක්වලට
මුහුණ පාන විට, ඔබ කොපමණ නම් අසරණ වන්නේදැයි ඔබටම බොහෝ අත්දැකීම් ඇත.
අඩුම තරමේ හිසේ වේදනාවක් දතේ වේදනාවක්, කුසේ වේදනාවක් වැනි ස්වල්ප වූ
වේදනාවක් පවා කිසිදිනෙක මට නොවේ යැයි පවසා පාලනයක් තබාගන්නට, ඔබට ඔබගේ
ශරීරය කෙරේ අයිතියක් තිබේ ද? සත්‍ය වශයෙන්ම නැත. ඔබගේම පාදාන්තයේ පටන්
හිස්මුදුන දක්වාම ගළපා බලන විට, අඩුම තරමේ ශරීරයේ රෝම කුපයක තරම්වත්
පාලනයක්, අයිතියක් තිබේ දැයි නුවණින් මෙනෙහි කර බලන්න. කුණප කොටස්වලින්
පිරි, ඇවිදිනා වැසිකිළියක් බඳු මෙම ශරීරයේ දක්නට ඇත්තේ අනිත්‍යතාව
පිළිබඳ සංඛත ලක්‍ෂණ තුනකි. එනම් උප්පාදෝ පඤ්ඤයති, වායෝ පඤ්ඤයති, ඨිතස්ස
අඤ්ඤතත්තං පඤ්ඤයති” හටගැනීම දක්නට ලැබෙයි. නැතිවයාම දක්නට ලැබෙයි.
පවතින්නහුගේ වෙනස්වීමක් දක්නට ලැබෙයි. “මෙම සංඛ්‍ය ස්වභාවය නාම රූප
දෙකෙහි සිදුවෙයි. කය පමණක් නොව සිතත් සිතිවිලිත් සියල්ලම මෙම
“වෙනස්වීම”, “දිරාගෙන යාම” , “පිරිහීම”, ”අත්හැරීම” නම් වූ ස්වභාවයට
පත්වෙන බව පරමාර්ථ සත්‍යයට අනුව නුවණින් දකින්නට ඔබට හැකියාව ලැබී
ඇතැයි සිතමි. මෙම මොහොතක් මොහොතක් පාසා සිදුවන වෙනස්වීම “ක්‍ෂණ
භංගුරත්වය” ලෙස තේරුම් ගැනීම අවශ්‍යය.මෙම ස්වල්ප වූ අවස්ථාවන් පවා “
චිත්තක්‍ෂණ” දහස් ගණනාවක් හටගන්නවා ඇත. එම හැම චිත්තක්‍ෂණ අවස්ථාවකම
ඉහත සඳහන් කළ අයුරින් උප්පාද, ඨිති, භංග (හටගැනීම සහ විනාශය) දක්නට
ලැබෙනු ඇත. මෙම සරල විස්තරයෙන් පැහැදිලි කරන්නේ “මම” නම් වූ සම්මුතිය
කවර ආකාරයෙන්, මොහොතක් පාසා වෙනස් වන්නේද යන කරුණයි. එය පරමාර්ථ සත්‍ය
කථාවයි.
මෙතැන් පටන් මා ඔබට ආරාධනා කරන්නේ ‘මමවත්’ මට හිමි නැති ජීවිත පැවැත්මක
තවත් අයෙක්, හෝ බාහිර වස්තුවක් ‘මගේ’ යි හෝ ‘සදාකාලික’ යි. සිතන්නේ
කෙසේද කියා සිහිපත් කරන ලෙසය. එමෙන්ම ‘මම’ ගේ නොවන සසර පැවැත්මෙහි,
බාහිර යමක් ‘හැමදාම’ මගේ යැ’යි සිතන්නට උත්සාහ කරන්නේ කෙසේද යන්නය.
මෙහිදී ඔබ වරදවා තේරුම් නොගත යුතු කරුණක් ඇත. එනම්, සම්මුතිලෝක
පැවැත්මෙහි මම, මගේ යැයි පැවසමින් අභිවෘද්ධිය, දියුණුව, යුතුකම කිරීම,
සාමාජික සේවාවන් සිදු කිරීම ද දැහැමි පී‍්‍රතිමත් ජීවිත පැවැත්මද
ප්‍රතික්‍ෂේප නොකරන බවය.ලෞකික දියුණුව පිණිසම ඉලක්ක කර දේශනා කරන ලද
සූත්‍ර ධර්ම අතර මංගල, ව්‍යග්ඝපජ්ජ , සිඟාලෝවාද, ධම්මික, පරාභව, වසල,
චක්කවත්ති, සීහනාද වැනි සූත්‍ර ප්‍රධාන ස්ථානයක් ගනී. එනමුත්, මෙම
ලෞකික වූ සියල්ල තාවකාලිකය.එම ලෞකික වස්තු සියල්ල අත්හැරෙන
දිනය,වේලාව,මොහොත අවිනිශ්චිතය. එය ඕනෑම දවසක,වේලාවක,මොහොතක සිදුවිය
හැකිය. මේ බව සරල ලෙසම තේරුම් ගැනීමට පහත සඳහන් ධර්ම කරුණු පෙළ
ඉදිරිපත් කරමි.
හා යොබ්බනා ජරා අන්තා
(අහෝ තරුණකම දිරායාමෙන් අවසන් වෙයි)
හා විනාසා මහද්ධනා
(අහෝ මහත් වූද ධනය, විනාසයෙන්
අවසන් වෙයි)
සංයෝගා වියෝගන්තා
(අහෝ, සියලු එක්වීම් වෙන්වීමෙන්ම
කෙළවරවෙයි)
හා මතන්තා සජීවකා
(අහෝ සියලු ජීවිත මරණයෙන්
කෙළවර වෙයි)
හා උන්නතා ඔනතන්තා
(සියලු උසස්කම් පහත වැටීමෙන්
අවසන් වෙයි)
හා පියා සෝක අන්තකා
(අහෝ සියලු පේ‍්‍රමයෙන් සෝකයෙන්
අවසන් වෙයි)
හා යෝමනා විහින්දන්තා
(අහෝ සියලු ස්තුති ප්‍රශංසා පිරිහීමෙන්
අවසන් වෙයි)
හා දුක්ඛා සබ්බසෝ සුඛා
(අහෝ සියලු සැප දුකකින් කෙළවර වෙයි)
මෙම සරල දහම් පෙළ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට ඔබට උපකාරී වනු
ඇත.මෙයම විදර්ශනාව දක්වා දියුණුකර ගත හැකිවනු ඇත. නාම, රූප ධර්මයෙන්
අනිච්ච, දුක්ඛ,අනන්ත නම් ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් කර නුවණින් මෙනෙහි
කිරීම විදර්ශනාවේ මූලික පියවරයි. ඉහත දහම් පෙළ එයට මාර්ගය සකසා දෙනු
ඇත.
මෙසේ මමත් ඔබත් අනිච්ච දුක්ඛ හා අනන්ත නම් වූ ත්‍රිලක්‍ෂණයන්ට යටත් වූ
ලෝකයෙහි සම්මුති “මම” කෙරෙහිවත් ආශාවක්, ඇලීමක්,ස්ථීර බවක් ඇතිකර
ගැනීමට පරමාර්ථ ධර්මයට අනුව අවස්ථාවක් නැත. නේතං මම, නේසෝ හමස්මිං,
නමෙසො අත්තා” (මගේ නොවේ’ මමනොවෙමි, ස්ථීර වූ ආත්මයක් හෝ පැවැත්මක්
නොවේ) යනුවෙන් පැහැදිලි කළේ එයයි. මම, මගේ නොවේ නම්, ඔබ මගේ වෙන්නේ
කෙසේද?, ඔබත් ඔබට අයිති නැතිනම් ඔබද තවත් අයෙකුට අයිතිවිය නොහැකිය.
සියලු සත්වයෝම, සියලු අවිඤ්ඤාණ වස්තුහුද “හේතුපටිච්ච සම්භූතං හේතුභංගා
නිරුජ්ඣති,” නම් වූ හේතු ප්‍රත්‍යයන් නිසා හටගෙන, හේතු ප්‍රත්‍ය නැසී
යනවිට විනාශයට යාමට සිදුවනු ඇත. එනම් හේතු වලින් හටගන්නා දේවල් එම හේතු
නැතිවන විටම නැතිවන බවය.
සසර ගමනෙහි හමුවන අය බොහෝය. එසේ හමුවන අය මිනිස් ලොවෙහිදී, මව, පිය
,සොහොයුරා, සොහොයුරිය, ස්වාමියා, බිරිඳ, දුව, පුතා ආදි විවිධ
ඥාතීත්වයෙන් හමුවනු ඇත. හමුවූ සේම, හේතු ප්‍රත්‍යයන් ගේ බිඳීයාමෙන්
වෙන්ව හෝ නික්ම යනු ඇත. “වෙන්වීම” අනිවාර්ය හෝ ස්ථීර වස්තුකෙරේ, ඒ බව
අමතක කර බැඳෙන්නේ හො සිතන්නේ ඇයිද? “සබ්බේහි මෙ පියේහි මනාපේහි
නානාභාවෝ විනාභාවෝති” “සියලු පි‍්‍රය මනාප වස්තූන්ගෙන් වෙන්වීම,
වෙනස්වීම, කෙදිනක හෝ සිදුවේමය.
එය අද හෝ හෙට විය හැකිය. ඉක්මනින් හෝ පසුවී හෝ විය හැකිය. එනමුත්
සිදුවේමය. එසේ නම් එන්නත් දැක අමුතු වූ සතුටකටවත් යන්නන් දැක බලවත් වූ
ශෝකයටත් හේතුවක් තිබිය නොහැකිය. චතුසච්ච දහම් අවබෝධය පිණිසම වේවා! |