සංවර ඉන්ද්‍රිය හිතවැඩ සලසයි
එස්. ඩබ්ලිව්. ගුණරත්න
ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)
අනාදිමත් කාලයක් තිස්සේ අප්‍රමාණ දුක් කන්දරාවක් විඳ දරා ගනිමින්, සසර
සැරිසරණ පෘථග්ජන මිනිසාට ඉන් මිදීමට ඇති එකම මග, ශ්‍රී සද්ධර්මයයි. එම
ධර්මය මනාව ඉගෙන අවංකව පිළිවෙත් පිළිපැද නිවන අවබෝධ කර ගැනීම
ශ්‍රද්ධාවන්තවූත්, ප්‍රඥාවන්තවූත් බෞද්ධයාගේ එකම අපේක්‍ෂාවයි. නිවන් මග
හා නිවන ගැන අසන්නටවත් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණි.
එබැවින් එවැනි බුද්ධෝත්පාද කාලයක මෙලොව ඉපිද ධර්මයෙන් ප්‍රයෝජන
නොගතහොත් දුකසේ ලබාගත් මනුෂ්‍යාත්මභාවය නිෂ්ඵල එකක් වනු ඇත.පෙර
බුද්ධෝත්පාද කාලයන්හි රැස් කළ කුසල කර්ම නොමේරූ ඒවා බැවින් එම
භවයන්හිදි නිවන අවබෝධ කර ගත නොහැකි වන්නට ඇත. නමුත් මතු භවයේදී නිවන
අවබෝධ කර ගැනීම උදෙසා ශ්‍රද්ධා සම්පන්නව දාන සීලාදී කුසල් පුරමින් සමථ
විදර්ශනාදී චිත්ත භාවනා වැඩීම අනිවාර්යෙන්ම කළ යුතුවේ.
මේ සඳහා ඉන්ද්‍රිය සංවරය අත්‍යාවශ්‍යවූත් අනිවාර්යවූත් අංගයකි. අවට
ලෝකය හා සම්බන්ධතා පවත්වා ගනු ලබන ඇස්, කන් , නාසය, දිව, කය හා සිත
පි‍්‍රයජනක අරමුණුවල ඇලී ගැලී ආස්වාදය ලැබීමට ඇති කැමැත්ත සාමාන්‍ය
ස්වභාවයයි.
ඇස පි‍්‍රයජනක දේ නරඹා සතුටුවීමට කැමතිය. කන මිහිරි ශබ්ද පි‍්‍රය කරයි.
නාසය විවිධ සුවඳ වර්ග ආඝ්‍රාණයද දිව මිහිරි රස ආස්වාදයටද කැමතියි.
සැපවත් ස්පර්ශය ලබමින් ආස්වාදය විඳීමට ඇති කැමැත්ත කයේ සාමාන්‍ය
ස්වභාවයයි. පි‍්‍රයජනක අරමුණුවලින් ආස්වාදය ලබමින් සතුටුවීම මනසේ
ස්වභාවයයි.
පෘථග්ජන මිනිසා පි‍්‍රයජනක අරමුණු කෙරෙහි දක්වන ඇලීම තුළින් අසීමිතව
ඉඳුරන් පිනවීමට වෙහෙසෙති. ඒ අන්දමට ඉන් විපතට පත්වන ආකාරය අවබෝධ කර
ගනිමින් ඉඳුරන් පිනවීම පාලනය කර ගැනීම ඉන්ද්‍රිය සංවරය යනුවෙන් බුදු
දහමේ දැක්වේ.
භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවන සමයේ මහා භාරතය පුරා සත්‍යය සොයා ගිය
ආගමික ශාස්තෘවරු විශාල ප්‍රමාණයක් වූ බව දැක්වේ. සත්‍යාවබෝධය පිණිස
ඉන්ද්‍රිය සංවරය අත්‍යාවශ්‍ය බව ඔව්හු අවබෝධ කර ගෙන සිටියහ.
ඒ සඳහා ඇතැම්හු ශරීරයට අපමණ දුක්වේදනා දෙමින්, අත්තකිලමථානුයෝගී
පිළිවෙත ඔස්සේ ඉන්ද්‍රිය සංවරයට වෙහෙසුනහ. තවත් පිරිසක් අසීමිතව
ඉන්ද්‍රිය පිනවමින් කාමසුඛල්ලිකානුයෝගීව ඉන්ද්‍රිය සංවරය අපේක්ෂා කළහ.
මේ මාර්ග දෙකම ප්‍රතික්ෂේප කළ භාග්‍යවතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙහි
පිහිටා සීලය මගින් ඉන්ද්‍රිය හික්මවා ගැනීමේ ක්‍රමවේදය පෙන්වා වදාළහ.
මේ පිළිබඳව නිවැරදි ක්‍රමය මජ්ඣිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රදේශනාව
තුළින් පහදාදුන් භාග්‍යවතුන් වහන්සේ අරමුණුවල යථා තත්ත්වය අවබෝධ කර
ගෙන, අන්තයට නොයා, මධ්‍යස්තව ක්‍රියාකිරීම මගින් ඉන්ද්‍රිය සංවරය කර ගත
හැකි අන්දම පහදා වදාළ සේක.
පෘථග්ජන මිනිසා ස්වකීය ඉන්ද්‍රියයන්ට පි‍්‍රයජනක අරමුණු ලද විට ඒ
පිළිබඳ ආශාවෙන් ඇලී ගැලී වාසයටත්, අපි‍්‍රයජනක අරමුණු එළඹුනවිට දුක,
දොම්නස, උපදවා ගෙන ගැටුම් ඇතිකර ගැනීමටත් යොමුවීම, ස්වභාවිකය. ඉන්
මිනිසා විපතට පත්කරවන කල කෝලාහල, සාහසික මිනීමැරුම්, සියදිවි නසා
ගැනීම් ආදිය ඇතිවන අවස්ථා පවා අද්‍යතන සමාජයේ දක්නට ලැබේ.
තමා මෙලොවට බිහිකොට කවා පොවා ඇති දැඩි කල ආදරණීය මව්පියන් මරා දමන
තත්ත්වයට පත්ව ඇත. නමුත් සිතට ඇතිවන අරමුණු ගැන ඇලීමෙන් හා දොම්නසින්
තොරව උපේක්ෂාවෙන් සිතීමට තරම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවීනම් එම
දුර්දාන්ත විපත්ති පහසුවෙන් වළක්වා ගත හැකි වනු ඇත.
මේ අනුව බලන කල මනාව පැහැදිලි වන්නේ මිනිසා සතු ඉන්ද්‍රිය ඔහුට ස්වකීය
හිතවැඩ පිණිස මෙන්ම අහිත පිණිස යොදා ගත හැකි බවය. සංවර ඉන්ද්‍රිය
හිතවැඩ සලසයි. අසංවර ඉන්ද්‍රිය අහිත අවැඩ පිණිස යෙදෙයි.
මෙලොව පරලොව සැපත උදාකර ගැනීම උදෙසා අතිශය වැදගත් වූ ඉන්ද්‍රිය සංවරය
ගැන බුදු දහමේ ගැඹුරින් සාකච්ඡා කෙරේ. ඒ ධම්මපදයේ සඳහන්ව ඇත්තේ
මෙලෙසිනි.
චක්ඛුනා සංවරෝ සාධු
සාධූ සෝතෙන සංවරො
ඝාණෙන සංවරෝ සාධු
සාධු ජිව්හාය සංවරො
කායෙන සංවරො සාධු
සාධූ වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවරො
(ඇසින් සංවරවීම යහපත්ය. කනෙන් සංවරවීම, යහපත්ය. නාසයෙන් සංවරවීම
යහපත්ය. දිවෙන් සංවරවීම යහපත්ය. කයෙන් සංවරවීම යහපත්ය. වචනයෙන් සංවරවීම
යහපත්ය. සිතෙන් සංවරවීම යහපත්ය. මෙහැම සංවරවීම යහපත්ය.
සංවරවූවෝ දුකෙන් මිදෙති.)
ඉන්ද්‍රිය සංවරය සමාජ ජීවිතයේදි අත්‍යවශ්‍යය. ඉන්ද්‍රිය සංවරය නැති
නොහික්මුණු තැනැත්තා සමාජයේ පිළිකුලට භාජනය වේ.
අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ හික්මුනු මිනිසකු ගොඩනැගීමයි. (විද්‍යා
දදාති විනයං) සංවර මිනිසුන්ගෙන් පිරි සමාජය මොනතරම් සිත් ගන්නා සුලු
තැනක් වේද? ඉන්ද්‍රිය සංවරවූවෝ අර්ථවත්වූත්, සමාජ හිතකාමීවූත් දෙයක්ම
සඳහා තම ඉන්ද්‍රියයන් යොදවති. එසේ ඉන්ද්‍රිය සංවරයෙන් යුත් පුද්ගලයාට
සමාජයේ කවුරුත් කැමැති වෙති.
එවැනි පුද්ගලයන්ගේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කරනු ලැබ ඇත්තේ මෙලෙසිනි.
(දැමුණාවූ අශ්වතරයෝත්, ආජානීය අශ්වයෝත්, සෛන්ධවරයෝත් මහා ඇත්තුන්
උතුම්ය. එහෙත් ඒ සියල්ලන්ටම වඩා ආත්මය දමනය කර ගත් සංවර පුද්ගලයා උතුම්
වේ)
වර්තමානයේ සමාජ වටපිටාව ඇතැම් විට සැකසී ඇත්තේ ඉන්ද්‍රිය අසංවරයට දිරි
දෙන, මෙන්ම ඊට පොළඹවන අන්දමිනි.
ඒ මැනවින් තේරුම් ගෙන ක්‍රියාකිරීමට ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් පුද්ගලයා
සමත්වෙයි. සමාජයේ අසංවර බව දුරු කොට, ඉන්ද්‍රිය සංවරයෙන් යුතු මිනිසුන්
පිරිසක් බිහිකිරීමට ,සෑම වීර්යයක්ම ගනියි. එවැනි, බෞද්ධාගමික
සංවරශීලිත්වයෙන් අපේක්ෂා කරනුයේ මිනිසා අක්‍රීයභාවයට පත්කිරීම නොව,
මෙලොව පරලොව අභිවෘද්ධියට හේතුවන සක්‍රීයභාවයක් ඇති කිරීමයි. නිවැරදි
ජීවන දර්ශනයක් ගොඩනගා ගැනීමයි.
ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමත් මිනිසා ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ආදර්ශමත්ව
ක්‍රියා කරයි. ජීවිතය අර්ථවත්ව ගත කරමින් මෙලොව පරලොව යහපත උදාකර
ගනියි. |