“බුදු හිමියන් වඩින සැටි මම සියැසින් දුටුවෙමි”
සු.මු. දයාවතී මැණිකේ
තිලොවට තිලොක වූ, මටද මෑණි වූ, මටද පියාණන් වූ, බුදු හිමියෙනි, ඔබ
වහන්සේ මෙලොව උපත ලැබුවේ සිදුහත් යන නාමයෙනි. ඔබ වහන්සේ මෙලොව බිහිවූ
වේලාවේ දස දහසක් දෙව් බඹුහු හා තුන්ලෝකවාසීහු ඔබ වහන්සේට නමස්කාර කළහ.
මිහිකත ගුගුරා සැලෙද්දී මහා මල්වැසි මධ්‍යයේ දෙවියන්, බඹුන් සාධු නාද
දෙද්දී සත් පියුම් මත පෙළහර පෑ ඔබ වහන්සේ... “මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි,
ශ්‍රේෂ්ඨ වෙමි, අග්‍ර වෙමි, මාගේ නැවත ඉපදීමක් නැතැයි” අභීත සිහ නද
පතුරවමින් ලොවට හඬ ගෑ සේක.
සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ ඔබ වහන්සේ සක්විති රජකිරුළු
අතහැර, අප වෙනුවෙන් පරි්‍යාගශීලී වූ සේක.
කපිලවස්තු පුර ඉපදී අනන්ත පෙරුම් පුරා බුදු බව ලැබූ ඔබවහන්සේ ලක්දිවට
තෙවරක්ම ජීවමානව වැඩම කළ සේක. ඒ බව බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන්ව ඇත. ඒ හා
සමාන වූ බුද්ධාලම්භන පී‍්‍රතියකින් මා සිත සැනසී ගියේ පසුගිය මාසයේ ය.
1978 වර්ෂයේ ලක්දිවට වැඩම කළ කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේ නැවත
වරක් පසුගියදා වැඩම කරවීම අපගේ මහඟු වූ භාග්‍යයකි. ගම් නියන්ගම් වෙත
වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේ ජීවමාන බුදුරුව මෙන් මට හැඟී ගියාය.
ඒ පින්බර දිනයේ දී මාගේ ගෙවත්තේ ද කඩුපුල් මල් පොකුරු වලින් අසිරිමත්
වූ බව මටම අදහා ගත නොහැකි විය. පශ්චිම කාලයේ මා නෙළා ගත් කඩුපුල් මල්
රැගෙන ඔබ වහන්සේ වෙත විදුම් දුන්නේ උතුරා යන ශ්‍රද්ධාවෙනි.
සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් මා දෙසවන් පිරී ගියේ දෙව්ලොවින් ආ සාධුකාර
සේ ය.
ඔබ වහන්සේ නැවත වතාවක් අපේ ගම්මානයට වැඩම කර සැරි සරා අපට අනුකම්පා කළ
සේක. හිමියනි, ගම්වාසී සැවොම බැතිවර වී බුද්ධාලම්බන පී‍්‍රතියකින්
පසුවෙති. පුදබිම වෙත සපැමිණි බැතිමතුන් වෙනදාට වඩා වැඩි බව මට හැඟිණ.
‘මා දෙසූ දහම යම් දිනක පවතින්නේ ඉතා කුඩා දූපතක බව ඔබ වහන්සේ වදාරා ඇත.
එසේ නම් ඒ කුඩා දූපත මේ ක්ෂේම භූමිය වූ ලක්දිවම වනු ඇත.’
දුර්ගේෂ්වරි කඳුශිඛර සිරස සේ සුන්දර වූ අම්බුළුවා කඳු සිරස ඔබවහන්සේට
නමස්කාර කළා සේ ය. නේරංජනා ගංගාවේ සිසිලස ඔබ වහන්සේගේ සිරුරේ විඩාව
සිංසිඳුවා සේ අපේ ගම හරහා ගලා බසින අති රමණීය මහවැලි නදියේ සිසිලසින්
ඔබ වහන්සේගේ විඩාව සිඳුවන්නට ඇතැ’ යි මම සිතමි. බෝ මළුව වටා ඇති
නිල්වන් කෙත්යාය නැමි නැමී ඔබ වහන්සේට නමස්කාර කළා සේ මට හැඟුණි.
රම්‍ය, සුරම්‍ය, සුබ යන අනේකවිධ සැප ඇති මාලිගා අතහැර සක්විති රජ සැපත
අතහැර මනරම් රජ මැඳුරු, සුරූපී යශෝධරා දේවිය, සුරතල් රාහුල පුතු හා
මාපියන් අතහැර එකදා උපන් චන්න ඇමැති සමඟින් කන්තක අසු මතින් ඔබ වහන්සේ
අභිෂ්ක්‍රමණය කළ සේක. මෙම දසුනින් ශෝකී වූ කන්තක අසු අනෝමා ගංතෙර දී ළය
පැලී මිය ගියේ ය.
ඔබ වහන්සේට සතුරු වූ දෙව්දත් තෙර, නාලාගිරි ඇතා, තණ්හා, රතී, රඟා,
චිංචි මානවිකා යන සියල්ලටම කරුණා බුදු නෙත යොමු කළ බව මම අසා ඇත්තෙමි.
ඔබ වහන්සේ බුදු බව ලබා තම උපන් ගමට වැඩම කරන දසුන දුටු යශෝදරා දේවිය,
තම පුතු රහල් කුමරුට ඔබවහන්සේ පෙන්නුවාය. කේසර සිංහ රජකු විලසින්
තේජාන්විතව සන්සුන් ගමනින් පිඬු සිඟා වඩින්නේ ඔබගේ පියාණන් ය. ‘පුත
යන්න ගොස් දායාද ඉල්ලන්න’
‘ආසියා ආලෝකය’ නමැති බුද්ධ චරිතය කාව්‍යමය ස්වරූපයෙන් රචනා කරමින්
එඩ්වින් අනෝල්ඩ් නමැති ප්‍රසිද්ධ කවියා ඔබ වහන්සේ ගැන වර්ණනා කළේ මෙසේ
ය.
බුදුරජාණන් වහන්සේ අපේ මානව කල්ප වෘක්‍ෂයේ පිපුන පුෂ්පිත වූ සුවඳවත්
පුෂ්පයයි. එවන් මලක් පිපෙන්නේ කල්පාන්තයකට පසුවයි. එයින් වහනය වන
ප්‍රඥා සුගන්ධයෙන් හා ඇද හැලෙන දයාව නමැති මකරන්දයෙන් ලොවම සුවඳවත්
වේවි. සාධු.... සාධු.... සාධු..... |