දුකසේ විඳින කර්ම විපාක- 20
රථකාර
පේ‍්‍රත වස්තුව
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කොට රාජ මාලිගයේ දී දන් වළදා
පුන්‍යානුමෝදනාව ලෙස පේ‍්‍රත වස්තුව දේශනා කොට වදාළා. එකල පැවැති
මළවුන්ට පින් දීමේ චිරාගත චාරිත්‍රය නැවැත්වීමටත්, මියගිය අයට කළ හැකි
එකම උපකාරය නම් අප විසින් පිනක් දහමක් කොට ඒ පින් අනුමෝදන් කරවීම බව
කියා දීමට උන්වහන්සේ පේ‍්‍රත වස්තුවෙන් දහම් දෙසුවා.
මේ පේ‍්‍රත වස්තුවේ පේ‍්‍රතයන්ට අමතරව තවත් වර්ගයක් තිබෙනවා. ඒ විමාන
පේ‍්‍රතයෝ යි. ඔවුන් බොහෝ පින්කම් කොට තිබිය දී කරන ලද අකුසල කර්මයක්
හෝ ලෝභා දී චේතනාවක් ආසන්න කර්මය වශයෙන් මරණයේ දී සිහිවුණොත් නම් එවැනි
පුද්ගලයෝ විමාන පේ‍්‍රතයන් ලෙස ඉපදෙන බව කියයි.
අද අප කථාකරන්නේ එවැනි සියලු සැප සම්පත් විඳින විමාන පේ‍්‍රතියක්
සම්බන්ධවයි.
මේ දේශනාව තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන කාලයේ දී එක්
පේ‍්‍රතියක් උදෙසා වදාළා.
පෙර කාලයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ් කාලයේ එක් ස්ත්‍රියක් සිල්වත්
වෙලා, ඉතාමත් ආචාර සම්පන්නව කාලය ගත කළා. බුද්ධ ශාසනය ගැන ප්‍රසාදයට
පත් වුණා. ඇය තම යෙහෙළියන් සමග මැනවින් විසිතුරු හා මනාව සකසන ලද
ඉතාමත් අලංකාර දැකුම්කළු එක් සොල්දර තට්ටුවක ආවාසයක් තනවා එහි භික්ෂූන්
වහන්සේලා පදිංචි කරවා ප්‍රණීත වූ ආහාරපාන සකසා සංඝයා වහන්සේ උදෙසා
දානයක් ද පූජා කරගෙන එම ආවාස කුටිය සඟසතු කළා.
ඇය ඊට ටික කලකට පසු මිය ගියා. නමුත් ඇය සිදුකරගත් වෙනත් පාප කර්ම
හේතුවෙන් හිමාල පර්වතය සමීපයේ “රථකාර” විල අසල විමාන පේ‍්‍රතියක් වී
ඕපපාතිකව උපන්නා. සංඝයාට ආවාස පූජාකළ පුන්‍ය කර්මය හේතුවෙන් සියලු සැප
සම්පත් ලැබුණා. අතිශයින් ප්‍රසාදය ඇතිකරවන මනහර වූ රමණීය වූ සිත්කළු වූ
පොකුණු සහිත වූ “නන්දන වනය” හා සමානව බබළන්නා වූ විමානයක් ඇයට පහළ
වුණා.
ඕ රන්වන් පැහැ ඇති සිත් ගන්නා රුව ඇතිව දැකුම්කළු වූ දුටු දුටුවන්
පහදවන්නියක් වූවා. පුරුෂයන්ගෙන් තොර දිව්‍ය සැප විඳින ඇය තුළ යම්
කලකිරීමක් නො ඇල්ලමක් තිබුණා.
ඕ තොමෝ උකටලී බවෙන් කල් ගෙවද්දී දිනක් එක් උපායක් කල්පනා කළා. ඒ සඳහා
ඇය තම විමානයේ පහළ වී ඇති අඹ ගසක දිව්‍යමය රස ඇති එක් අඹ ගෙඩියක්
විමානය අසලින් ගලා බසිනා ගඟේ පා කර හැරියා. යම් පුරුෂයෙක් මේ අඹ ගෙඩිය
කෑවොත් තව අඹ සොයා එන බව ඈ දැන සිටියා.
බරණැස් නුවර විසූ එක් තරුණයෙක් ගංගාවේ පා වී ආ අඹ ගෙඩියක් දැක ඒ
අඹගෙඩිය කා ඉතා රසවත් බවින් යුතු හෙයින් ඒ නදිය දිගේ් අඹ සොයා ගෙන
ගියා. මග දී හමු වූ තාපසයකුගෙන් මඟ අසා ඔහු ගඟ දිගේ දිගටම ගියා. බොහෝ
දුරක් ගියවිට අඹ වනය දකින්නට ලැබුණා. විමාන පේ‍්‍රත ස්ත්‍රිය පෙරට
ගිහින් ඔහු කැඳවාගෙන ඇවිත් මනාකොට නහවා දිවසළු හැඳ පළදවා මල් ගඳ
විලවුන්වලින් මැනවින් සරසා විමානයට කැඳවාගෙන ගොස් නොයෙක් නොයෙක් මිහිරි
රස දිය බොජුන් පිළිගන්වා ඔහුට කැමැති පරිදි සියලු දේ ලබා දුන්නා. ඇය
වෙසෙන තැන දැක අර පුරුෂයා ඒ පිළිබඳ තොරතුරු මෙසේ විමසා සිටියා.
මහ නුභාව ඇති පින්වත් දෙව්දුනි! ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මානික්‍ය
වලින් කරපු ලස්සන කැටයම් තිබෙනවා. හරිම සිත්කළුයි. ප්‍රභාස්වරයි. ඒ
විමානයට නැඟගත් ඔබ බබලන්නේ් පොහොය දවසට ආකාසයේ දිලෙන පුන්සඳ වගෙයි.
ඔබේ ශරීරයෙහි පැහැය රත්රන් පාටයි. ගිනියම් වුණු රනක් වගේ ඔබ අතිශයින්ම
දර්ශනීය යි. පලක් අතුරපු ආසනයක ඔබ වාඩිවෙලා ඉන්නේ. ඔබ හුදෙකලාව ඉන්නේ.
ඔබට ස්වාමියෙක් නැහැ.
ඔබේ මේ පොකුණු වටේට බොහෝ මල් තිබෙනවා. සුදු නෙලුම් පිපිලා තිබෙනවා.
හැමැ තැන ම තියෙන්නේ රන්වන් වැලි. මඩ දිය සෙවල වාගේ් දේවල් දැක ගන්නට
නැහැ.
මෙහෙ ඉන්න හංසයොත් හරිම දැකුම්කළුයි. සුන්දරයි. ඔවුන් හැම තිස්සේ ම
ජලයේ පීන පීනා ඉන්නවා. ඒ ඔක්කොම හංසයන් ගිගිරි සලමින් නාද කරනවිට
ඇහෙන්නේ මිහිරි හඬින් මිහිඟු බෙර වාදනයක් කරනවා වගේ. යසස් ඇති
තැනැත්තිය ඔය යසසින් බැබලි බැබලි ඔබ නැවේ සිටින්නේ. ඔබට දික්වූ ඇහිබැම
තිබෙනවා. සිනහ නැගුණ මුහුණක් තිබෙනවා. පි‍්‍රය වචනයෙන් කතා කරනවා.
සුන්දර වූ සියලු අඟ පසඟ තිබෙනවා. ඔබ අතිශයින්ම ලස්සනයි.
මේ දිව්‍ය විමානයේ දූවිලි නැහැ. සමව පිහිටා තිබෙන්නේ. අලාමක දර්ශන ඇති
පින්වතිය, අප ඔබ සමග මේ “නන්දන උයනෙ”හි සතුටින් ඉන්නට කැමැතියි.
එවිට විමාන පේ‍්‍රතිය අර පුරුෂයාට පවසා සිටින්නේ
එහෙනම් ඔබට කරන්නට තිබෙන්නේ මේ දිව්‍ය විමානයෙහි සැප විඳීම ඇති කරල දෙන
විදියේ පින් දහම් කරන එකයි. ඔබේ හිතත් මේ දිව්‍ය විමානයෙහි පිහිටුවා
ගෙන ඉන්න. එතකොට ඔබට මේ දිව්‍ය විමානයෙහි සැප විඳීම ඇති කරල දෙන විදියේ
පින්දහම් කරල මාත් සමඟ සතුටින් ඉන්න පුළුවන්.
ඒ මානවකයා හොඳයි කියලා ඇයට පිළිතුරු දුන්නා. ඒ දිව්‍ය විමානයෙහි සැප
විඳීමේ ඇති කරල දෙන විදියේ පින්දහම් කළා. ඒ දිව්‍ය විමාන සැප විඳීම ඇති
කරලා දෙන පින්කරල ඔහු ඒ දෙවඟනත් සමඟ ජීවත් වෙන්නට එහි උපන්නා.
ඔවුන් දෙදෙනා මෙසේ බොහෝ කාලයක් දිව්‍ය සම්පත් අනුභව කළා. පුරුෂයාගේ
කර්මය ක්ෂය වීමෙන් ඔහු කලුරිය කළා .ස්ත්‍රිය ඇයගේ් කුසල කර්මය බලවත්
බැවින් තවත් ඒ සම්පත් භුක්ති විදිමින් ජීවත් වුණා.
අපගේ ගෞතම තථාගතයන් වහන්සේ ලොව පහළ වී ධර්මය දේශනා කරන කාලයේ මහමුගලන්
රහතන් වහන්සේ එක් දවසක් පර්වත චාරිකාවේ යෙදෙන කාලයේ එකී විමානය දැක
පේ‍්‍රතිය ද දැක විස්තර විමසූ විට මේ පේ‍්‍රතිය ඇයගේ කතාව
සම්පූර්ණයෙන්ම කියා සිටියා. උන්වහන්සේ සැවැත් නුවරට වැඩ භාග්‍යවතුන්
වහන්සේට මේ ප්‍රවෘත්තිය කියා සිටියා. උන්වහන්සේ එය උපයෝගි කොටගෙන දහම්
දෙසුවා. ඒ දහම ඇසූ බොහෝ පිරිස් දන් දීමටත් ධර්මයේ හැසිරීමටත් උත්සහා
කළා.
සාකච්ඡා කළේ
නයනා නිල්මිණි
දුකසේ විඳින කර්ම විපාක 19 - සානුවාසික පේ‍්‍රත වස්තුව
|