UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගැටබරු ඇසළ පූජෝත්සවය

දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ මහානුභාව සම්පන්න ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ ගැටබරු රජ්ජුරු බණ්ඩාර දේවාලයේ වාර්ෂික පූජෝත්සවය සැප්තැම්බර් 25 දින සිට ඔක්තෝම්බර් 01 දින දක්වා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

මෙහෙණි සස්නේ ආරම්භය වූ බිනර පොහොය

බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි. රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී දුර්වර්ණ විය. මෙසේ යොදුන් පනස් දෙකක්ම අපමණ වෙහෙසෙමින් පා ගමනින් පැමිණි මෙම බිසෝවරු හඬමින් වැළපෙමින් බුදු සසුනෙහි උත්තරීතර පැවිදි බව ඉල්ලමින් බැගෑපත් වූහ

ඉතිරිය»

ධර්ම දේශනාව:

අප්‍රමාදය ආලෝකයෙන් බබළයි

මිනිසාගේ ජීවිතය ඉතා වටිනා එකකි. එහි වටිනාකම රඳා පවතින්නේ අප්‍රමාදය මත ය. පමාවීම මළමිණියක් හා සමානය. දිනක් සැවැත්නුවර ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “ස්වාමීනී මොලොවටත් පරලොවටත් පිහිට වන එකම ධර්මයක් තිබේද” ? කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ “අප්පමාදො ඛො බ්‍රාහ්මණ” ආදී වශයෙන් මිනිසාගේ දෙ ලොව යහපත ට එක ම ධර්මය අප්‍රමාදය බව පැහැදිලි කළ අයුරු අංගුත්තර නිකායේ අප්පමාද සූත්‍රයේ දක්නට ලැබේ.

ඉතිරිය»

සේරුවිල මංගල මහා සෑය පිවිතුරු සියපතක් සේය

ඓතිහාසික මෙන්ම ශාසනික වටිනාකමකින් අනූන සේරුවිල පින් බිම පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ය. ත්‍රිකුණාමලයේ සිට මහ සයුරෙන් කි.මී. 14.4 ක් පමණ යාත්‍රා කිරීමෙන් පසුව මුතූර් වලට ගොඩ බැසිය හැකි ය. එතැන් සිට සේරුවිලට කි.මී. 16 කි. ගොඩබිමෙන් පැමිණෙන්නේ නම් කන්තලේ සිට කි.මී. 48 ක දුරක් ගමන් කළ යුතු වෙයි. ත්‍රිකුණාමල මඩකළපු මාර්ගයේ කින්නියාතොට, උප්පුආරු තොට හරහා කි.මී. 41.6 ක දුරක් ගමන් කිරීමෙන් ද සේරුවිල පුද බිම වෙත ලඟා විය හැකි ය.

ඉතිරිය»

මෙහෙණ සසුන් දොර මෙසේ විවර විය සිතුවම සරත් නන්ද කුමාර

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]