සරලත්වයේ සංකේතය
පාත්‍රයේ ආදර්ශය
කැලණිය විශ්වවිද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
අංශාධිපති මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මුළුතැන්ගෙයි බඩු
තැබූ විට ආහාර ගැනීම සඳහා තිබෙන ඉඩ
ප්‍රමාණය ඇහිරී යනවා.
ලෝකයේම තිබෙන බඩු ගොඩ ගැසූ විට ගෙදර ඉඩ මදිවෙනවා.
මෙම බඩු ගෙන එන්නේ අවශ්‍යතා සඳහා නෙමෙයි. දකින දකින දේ රැගෙන එන්න
දක්වන ආශාව නිසයි. මෙම අනවශ්‍ය අසීමිත ආශාව විසින් මිනිසාගේ ජීවන රටාව
අවුල් සහගත
තත්ත්වයකට පත් කරලනු
ලබනවා
අප ජීවත්වන සමාජ පාරිභෝගික සමාජයක්. බහු භාණ්ඩ පරිභෝජනය කරන සංකීර්ණ
සමාජයක්. අද සමස්ත ලෝකයම පාලනය කිරීමේ බලය හිමිවෙලා තිබෙන්නේ නිෂ්පාදන
භාණ්ඩවලටයි. එවැනි නිෂ්පාදන භාණ්ඩ වටා සංස්කෘතියක් ද ගොඩනැඟෙනවා. එම
සංස්කෘතියත් සමඟ පරිභෝජන රටාවක් නිර්මාණය වෙනවා. එම පරිභෝජන රටාවට
අනුගතව දේශපාලනයක් ද නිර්මාණය වෙනවා. ඒ දේශපාලනයන් විසින් පරිපාලනය
කටයුතු සිදු කරනවා.
මේ ආකාරයට ලෝකය පාලනය කරන්නේ පරිපාලකයින් විසින් වුවද එහි බලය ගොනු
වන්නේ පරිභෝජන රටාවක් නිර්මාණය කළ ලෝකයේ විශාල බලයක් ඇති නිෂ්පාදකයින්
විසින් ලෝකයේ තිබෙන බහුජාතික සමාගම් සහ වෙනත් නිෂ්පාදන ආයතනවලට අවශ්‍ය
ආකාරයට තමයි මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් රටාවන් නිර්මාණය වෙන්නේ.
මෙහිදී මිනිසා මිලදී ගනු ලබන්නේ තමන්ට අවශ්‍ය දෙයට වඩා විවිධ බලපෑම් මත
ලබාදෙන දේවල්. අපට අවශ්‍ය වන සෙරෙප්පු ජෝඩුව සරලයි. එහෙත් අපට මිලදී
ගන්න වෙන්නේ අපට අවශ්‍ය දෙය නොවෙයි. අපට ලබාදෙන සංකීර්ණ වර්ගයයි. එසේ
එය තීන්දු කරන්නේ භාණ්ඩ අවශ්‍ය පුද්ගලයා නොවෙයි. එය නිෂ්පාදනය කරන
නිෂ්පාදකයායි. අප කවුරුත් ඉල්ලුවේ නැති සබන් වර්ග වෙළෙඳපොළේ තිබෙනවා.
ආකර්ෂණීය දැන්වීම්, වෙළඳ උපක්‍රම මඟින් එය ගැනීමට පාරිභෝගිකයාව පොලඹවනු
ලබනවා. මෙම පෙලඹවීම් මඟින් විශාල පාරිභෝගික පිරිසක් මෝහනය කර ගැනීමට
නිෂ්පාදකයින් සමත් වෙනවා. නිෂ්පාදකයින් උත්සාහ කරනු ලබන්නේ අලෙවියට
පහසු භාණ්ඩ නිර්මාණය කිරීමටයි.
එම විකිණීමට තිබෙන භාණ්ඩ නිර්මාණය වෙන්නේ ආකර්ෂණය මත මිස
අත්‍යවශ්‍යතාවය මත නොවෙයි. උත්තේජනයට පත් කළ මිනිස් හැඟීම් මතයි.
එනිසාම නිෂ්පාදනය තරගකාරී වෙනවා. නිෂ්පාදකයින් විසින් මෙම තරගයට
අවතීර්ණ වන්නට මුලා කරනු ලබනවා. භාණ්ඩවල මිල ගණන් අඩුවීමත් වැඩිවීමත්
පාරිභෝගික චර්යා රටාවට අනුව සිදුවෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ද්‍රව්‍ය පරිහරණය සහ මෙම පාරිභෝගිකයන්ගේ පාරිභෝගික
රටාව ඇති කර විෂමතාවය විමර්ශනය කරමින් බෞද්ධයන් වශයෙන් අපට විශාල
ආදර්ශයක් ගත හැකියි.
අවුරුදු 40 ක් යන විට ලෝකයේ බලශක්තිය අවසන් වෙන බව කියවෙනවා. ලෝකයාට
අවශ්‍ය වන බලශක්තිය සීමා සහිතයි. සීමාසහිත බලශක්තිය නිපදවන්නට විකල්ප
ක්‍රමෝපායක් සොයාගෙන නැහැ. ඛණිජ තෙල්, ගල් අඟුරු, ඉතා ඉක්මනින් අවසන්
වෙනවා. අධි පරිභෝජනය නිසා ලෝකයේ සමතුලිතභාවය බිඳ වැටෙනවා. විදුලි
උත්පාදනය නැතිවෙනවා. වර්තමානයේ මිනිසුන් බලශක්තිය පරිහරණය අර
පරිස්සමෙන් නොවෙයි සීමා සහිත දෙය අසීමිතව පරිහරණය කිරීම මිනිසා පෙලඹී
සිටිනවා. ඉතාමත්ම හොඳින් සිසිලස සහ සුළඟ පවතින ස්ථානයක වීදුරුවක් වහලා
කවුළුත් වහලා වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කරමින් දැවැන්ත බලශක්තියක් අද
දවසේ නාස්ති කරමින් අනාගතේ උපදින්න සිටින දරුවනගේ් අවශ්‍යතාවයන් ද
උදුරා ගන්නවා.
ලෝකයේ සමස්ත සම්පත් වලින් 1/3 ක් පරිභෝජනය කරන්නේ මුළු සමස්ත ලෝකයෙන්ම
1/10 ක ප්‍රමාණයක්. ලෝකයේ 2/3 කට පාවිච්චි කරන්න ඉතිරිවෙලා තියෙන්නේ
බොහොම ටිකයි. මෙම පාරිභෝගික අසමතුළිතාවය සමතුලිත කර යුතු වෙනවා. මේ
සඳහා බුදුරජාණන් වහන්සේගේ චර්යා රටාවෙන් අපමණ නිදර්ශන ගත හැකියි.
බුදුහාමුදුරුවන් පිඬුසිඟා වැඩීම සඳහා මහපොළොවට බැස්සේ අධික තර
පරිභෝජනවාදී සමාජයක ඉඳල. මෙම අභිනිෂ්ක්‍රමණය මාලිගයේ සිට වනාන්තරය
දක්වා යන ගමනක් වශයෙන් මතු පිටින් පෙනුනත් එය අධිපරිභෝජනයේ සිට සුඛ
පරිභෝජනය දක්වා යන ගමනකි. රම්‍ය, සුරම්‍ය, සුබ වැනි මාලිගා සිංහාසනය රජ
කිරුළ සිවුරඟ සේනාව යසෝධරාව, රාහුල පුතු, ආදිය අධි පාරිභෝජීය ජීවන රටාව
ලෙස සංකේතවත් කළ හැකියි. මේ සියල්ල අතහැර මහ ඝන වනාන්තරයට යන බෝසතාණන්
වහන්සේ පරිහරණයට ගනු ලබන දේ අනුව මන්දිරයේ දී පරිහරණය කරන දේ සහ
වනාන්තරයේදී පරිහරණය කරන දේ මොනවාද? යනුවෙන් විශ්ලේෂණය කිරීමේ දී
පැහැදිලි නිගමනයකට පැමිණිය හැකියි. හොඳම නිදර්ශනය පාත්‍රයයි. මෙම
පාත්‍රය අද වන විට විවිධ අරමුණු සඳහා පාවිච්චි වන්නේ දානය වැළඳීමට
පමණයි. පාත්‍රය, වැළඳීමට එදා පාත්‍රය නාන්න, වළදන්න, මුහුණ දොවන්න,
වතුර ගෙන ඒම සඳහා ඇතැම් විට කැසිකිළි වැසිකිළි යාම සඳහා හා රෙදි සේදීම
සඳහාද, යමක් රත්කරගන්නත් පාවිච්චි කළා. එසේ විවිධ අරමුණු උදෙසා එක
පරිභෝජන භාණ්ඩයක් පාවිච්චි කළා. නමුත් අද අපි එක වැඩක් සඳහා විවිධ
භාණ්ඩ රාශියක් පරිහරණය කළත් එදා විවිධ වැඩ ගොඩකට එක දෙයක් පරිහරණය කරනු
ලැබුවා.එය කොතරම් නම් සරල ද ප්‍රායෝගිකද, පාත්තරය මැටි නිසා එහි විශාල
වටිනාකමක් නැහැ. බිඳුණොත් සමහර විට සාදාගන්නත් පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ මෙම චර්යා රටාවෙන් පාරිභෝගිකයකු සතු කර ගත යුතු
පාරිභෝජන සංකල්පය පැහැදිලි වෙනවා. වර්තමානයේ දී මුළුතැන්ගෙයි බඩු තැබූ
විට ආහාර ගැනීම සඳහා තිබෙන ඉඩ ප්‍රමාණය ඇහිරී යනවා. ලෝකයේම තිබෙන බඩු
ගොඩ ගැසූ විට ගෙදර ඉඩ මදිවෙනවා. මෙම බඩු ගෙන එන්නේ අවශ්‍යතා සඳහා
නෙමෙයි. දකින දකින දේ රැගෙන එන්න දක්වන ආශාව නිසයි. මෙම අනවශ්‍ය අසීමිත
ආශාව විසින් මිනිසාගේ ජීවන රටාව අවුල් සහගත තත්ත්වයකට පත් කරලනු ලබනවා.
පරිභෝජනවාදී ආර්ථික ක්‍රමය තුළ මුදල මූලික වෙන මුදල් නොමැතිව කිසිවක්
කිරීමට නොහැකි පසුබිමක වර්තමාන භික්‍ෂූන් වහන්සේලාටත් එම යථාර්ථයට
මුහුණදීමට සිදුවෙනවා. එහෙත් මෙවන් බලපෑම් හමුවේ වුවද අපගේ චර්යා රටාව
පමණ දැන සරල ආකාරයට සකසාගත යුතු වෙනවා. එවිට අපිට ඉන් මානසික සුවයක් ද
ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පාරිභෝජන සිද්ධාන්තය ආදර්ශයට ගෙන ගිහියා
ද මෙම සිද්ධාන්තය තමාට සරිලන සේ සකසා ගැනීමට උත්සුක විය යුතුයි. තමන්ගේ
ආර්ථිකය සමබර කර ගැනීමේ හැකියාව නැතිවෙන්නේම තමාගේ අධි පරිභෝජනය රටාවට
හුරුවීම නිසයි.
බුදුරජාණන් වහන්සේගේ චර්යා රටාවෙන් අපට ගත හැකි හොඳම නිදර්ශනය ලෙස
පාත්‍රය සඳහන් කළ හැකියි. එම උතුම් ආදර්ශයන් අපගේ ජීවිතයට උකහා ගත
යුතුයි. එවිට මෙම සංකීර්ණ බහු පාරිභෝගික තරගකාරී ආතතියෙන් පිරි ජීවන
ගමන් මගෙන් මිදී සරල සැහැල්ලු දිවි මඟකට අවතීර්ණ වී ඉතා යහපත් වූ දිවි
පැවැත්මක් සකසා ගැනීමට හැකියාව ලැබෙනවා.
සටහන
හේමමාලා රන්දුනු |