විශ්ව ශාන්ති බුද්ධ පූජාව
ලෝක සාමය තේමා කරගනිමින් ලෝකය පුරා රටවල් විශාල ගණනක වන්දනාවට භාජනය වන
විශ්ව ශාන්ති බුදුරුව ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට ජනාධිපති
කාර්යාලය හා එක්ව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කටයුතු යොදා ඇත.
ඉතිරිය»
සොබාදහමේ මිහිරියාවෙන් මතුවන
අවබෝධය
බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය
උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ.
සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ
සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්.
පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව
තේරුම් ගත යුතු වනවා.
ඉතිරිය»
ධර්ම දේශනාව:
වරද නිවරද කර ගැනීමෙන්
ජීවිතය බබළයි
යම් කෙනකු මුලදී වැරැදි අඩුපාඩු සහිතව ජීවත් වී
පසුව එම වැරැදි අඩුපාඩු සකස් කරගෙන නිවැරැදි
ජීවිතයක් ගත කිරීමට යොමු වන්නේ නම් ඔහුට
තම ජීවිතය වැඩදායක බවට පත් කරගත හැකිය. සමස්ත සමාජයම ආලෝකමත් කළ හැකිය.
අංගුලිමාල හිමි සහ ධර්මාශෝක මහරජතුමා වැනි
චරිතවලින් ද එය සනාථ වෙයි
ඉතිරිය»
දිවෙලේගොඩ පුරාණ විහාරයේ
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ
නිරාවරණය කිරීම ජනපති සුරතින් 12 දා
දකුණු සිරිලක බොදු සිත පුබුදු කරන අගනා
පින් බිමක් වශයෙන් ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය
හැඳීන්වීමට හැකිය. මූලගිරි සඟ පරපුරට උරුමකම් කියන මෙම
ඓතිහාසික පුණ්‍ය භූමිය මෑත කාලයේ ශීඝ්‍ර දියුණුවක් ලැබූ
අතර එහි තවත් අනගි ප්‍රතිඵලයක් වශයෙන් වත්මන් විහාරාධිපති
අක්ෂි වෛද්‍ය විශේෂඥ වරකාපිටියේ සද්ධානන්ද මාහිමිපාණන්ගේ
පැවිදි දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර ගනිමින් මිලියන
දහයකට අධික මුදලක් වැය කරමින් ඉදිකර ඇති සම්බුද්ධ ජයන්ති
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම මෙම මස 12 වන
දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අතිගරු
ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාණන්ගේ පින්බර
සුරතින් සිදු කිරීමට නියමිතව ඇත.
ඉතිරිය»
|