දුකට සැපට මුල
සිතම ය
විශ්‍රාමික ගුරු උපදේශක
අතාවුද සෝමරත්න
ඇතැම් අය තම කය වෙහෙස වනවිට, කය ලෙඩ වනවිට, මානසිකව දුකට පත්වෙයි. එයට
හේතුව කය ගැන මනසින් අල්ලාගෙන සිටීමය. සංයුක්ත නිකායේ සල්ලසූත්‍රයේදී
මේ ගැන ඉතා හොඳට විස්තර කර ඇත. එහි එන ආකාරයට පෘථග්ජන පුද්ගලයා බාහිරව
එන ප්‍රශ්නවලට මුල්තැන දී තම සිතට දුක ඇති කර ගනී. කයට උලක් ඇනුනවිට
මානසිකවද දුක් වෙයි. කයට ඇණුන උල පළමු උලය. දෙවන උල මනසට ඇනගත් දුක්වීම
නමැති උලය.
එසේනම් තම සිතට වේදනා ඇතිකර ගන්නේ තමාමය
අසවලා මට බැන්නා. කියා සිතේ තබා ගතහොත් සිතට දුක ඇතිවෙයි. ප්‍රශංසා කළා
කියා සිතේ තබා ගත්විට සිතට සතුට ඇති වෙයි. මෙය සිතේ ස්වභාවයයි. සිතට
සතුට ඇතිවූ විට ලේ ධාතුව පිරිසුදු වෙයි. තරහක් ඇතිවූ විට ලේ ධාතුව
අපිරිසුදු වෙයි. ලේ ධාතු ප්‍රසන්න වූ විට මුහුණ ප්‍රසන්න වෙයි.
මෛත්‍රිය සිතේ ඇතිවූ විට
මුහුණ ප්‍රසන්න වෙයි
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අපගේ දෙලොව සැප සඳහාය. බුදු දහමට
අනුව ජීවිතය සකසා ගත්විට ලෝක විනාශයකදී වුවද අපට ආභස්සර බඹලොව ඉපදී
අපගේ ආරක්ෂාව සලසා ගත හැකිය. දුකට, සැපට මුල්වන්නේ සිතය. ඒ බව ධම්මපදයේ
යමකවග්ගයේ සඳහන් වෙයි.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචෙ පදුට්ඨෙන
භාසතිවා කරොතිවා
තතොනං දුක්ඛ මන්වෙති
චක්ඛංච වහතො පදං
සෑම දෙයකටම මූලික වන්නේ සිතය. සෑම දෙයක්ම උපදින්නේ සිත මුල් කරගෙනය.
දූෂිත වූ සිතින් යමක් කියයි ද කරයිද එය ඔහුගේ දෙලොව අයහපතට, දුකට හේතු
වෙයි. ගොනා පසුපස හඹා එන කරත්ත රෝදය සේය.
ධර්මයට විරුද්ධව ජීවත්වන අය පසුපස දුක පැමිණෙයි. එසේම, ධම්මපදයේ යමක
වග්ගයේ එන,
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසතිවා කරොතිවා
තතොනං සුඛමන්වෙති
ඡායාව අනපායිනී
යන මෙම ගාථාවෙන් පැවසෙන්නේ පැහැදුනු සිතින් යමක් කියයි ද, කරයිද, එය
ඔහුගේ දෙලොව යහපතට හේතු වෙයි. තමන්ගේ සෙවණැල්ල කිසිදු බරක් නැතිව තමා
පසු පස එන්නාක් මෙන් කරන ලද කුසල විපාක පැමිණ සැප ලබා දෙයි.
ඇතැම් අය තම කය වෙහෙස වනවිට, කය ලෙඩ වනවිට, මානසිකව දුකට පත්වෙයි. එයට
හේතුව කය ගැන මනසින් අල්ලාගෙන සිටීමය. සංයුක්ත නිකායේ සල්ලසූත්‍රයේදී
මේ ගැන ඉතා හොඳට විස්තර කර ඇත. එහි එන ආකාරයට පෘථග්ජන පුද්ගලයා බාහිරව
එන ප්‍රශ්නවලට මුල්තැන දී තම සිතට දුක ඇති කර ගනී. කයට උලක් ඇනුනවිට
මානසිකවද දුක් වෙයි. කයට ඇණුන උල පළමු උලය. දෙවන උල මනසට ඇනගත් දුක්වීම
නමැති උලය. එසේනම් තම සිතට වේදනා ඇතිකර ගන්නේ තමාමය.
කය ගැන ඇති තද ඇලීම නිසා පරලොව ගියවිට අභව්‍ය තැනක උපදී. එවිට දෙලොවම
දුක්විඳීමට සිදුවේ. අජාසත්ත කුමාරයා තම පියාවන බිම්බිසාර රජුට දුන්
කායික වේදනා ගැන සිතමින් මානසිකව රජතුමා දුක් වුණේ නැත. එයට හේතුව,
රජතුමා බුදු දහම අනුව තම සිත හදාගෙන සසරේ ස්වභාවය දැනගෙන සිටි නිසා
දෙවන උල ඇන ගත්තේ නැත.
බුද්ධ කාලයේ සිටි භාගිනෙය්‍ය සංඝරක්ඛිත හිමියන්ට ලැබුණ සිවුරු දෙකෙන්
එකක් තම ගුරු හිමියන්ට පූජා කරන්නට සිතුණා. ගුරු හිමි ළඟට පැමිණි
භාගිනෙය්‍ය සංඝරක්ඛිත ශිෂ්‍ය භික්ෂුව “ස්වාමීනි! මට සිවුරු දෙකක්
ලැබුණා. එකක් ඔබ වහන්සේට පූජා කරන්නද?” ඇසූහ. එවිට, ගුරු හිමියන්” මට
සිවුරු තිබෙනව. ඔබට ලැබුණු සිවුරු මට එපා ඔබ තබා ගන්න” පැවසූහ. එවිට
ශිෂ්‍ය තෙරුන්ගේ සිතට මහත් දුකක් ඇති විය. තම ගුරු හිමි ළඟ සිටගෙන
දුකෙන් මනෝ ලෝකයට ගොස් මෙසේ සිතූහ.
“මම සිවුරු ඇරල ගෙදර යනව. එළුවන් හදල කිරි විකුණල මුදල් සොයා ගෙන ඉඩමක්
ගන්නව. ගෙයක් හදනව. රූමත් බිරියක් ගන්නව. දරුවකු ලැබුණවිට කරත්තයකුත්
අරගෙන බිරියත් දරුවන් රැගෙන ගුරු හිමියන් බලන්න එනව. බිරියගේ
නොසැලකිල්ල නිසා දරුව බිම වැටුණා. කරත්ත රෝදයට දරුව අසුවුණා. එවිට මට
තරහ ආවා බිරිය කළ වරදට අතේ තිබුණ කෝටුවෙන් මෙසේ පහර දෙනව කියල සිතාගෙන
වටා පොත තිබුණ අත වේගයෙන් පහතට හෙලුවා. එම පහර ගුරු හිමියන්ගේ හිසට ඉතා
තදින් වැදුණා. එවිට ධ්‍යානලාභී ගුරු හිමියන් තම ශිෂ්‍ය භික්ෂුවගේ
මනෝලෝකය ගැන තම නුවණින් දැක එතුමාට සියල්ල විස්තර කර දුන්හ. එවිට
මහත්සේ ලජ්ජා සිතුණ ශිෂ්‍ය භික්ෂුව සිවුරු ඇරල යනව කියා දුවන්න පටන්
ගත්තා. එම විහාරස්ථානයේ සිටිය අනෙක් තෙරුන් වහන්සේලා මොහු අල්ලා ගෙන
බුදුරජාණන් වහන්සේ වෙත ගෙන ගියහ.
බුදු හිමියෝ එම තෙරුන්ගේ සිතේ ඇතිවු දුක දුකට හේතුව එය නැති කර ගැනීම
ආදී සියලු කරුණු සමඟ සිතේ ස්වභාවය පැහැදිලි කර දුන්නා. එවිට එම
භික්ෂූන් වහන්සේ ජීවිතයේ යථාර්තය වටහා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කර
ගත්හ. උන්වහන්සේගේ දෙලොව සැපවත් විය. එමනිසා සිතේ ස්වභාවය අපි මනාව
තේරුම් ගනිමු. සිත, කය වගේ නොව සිතට ශරීරයක් නැත. හිතුණු හිතුණු පැත්තට
ඉතා වේගයෙන් සිත ගමන් කරයි. එම සිත භාවනා වඩල යමෙක් සංවර කර ගනීද ඔහු
මාරයාගේ බැම්මෙන් නිදහස් වෙයි.
නිවනින් සැනසෙයි. ඒ බව ධම්මපදයේ චිත්ත වග්ගයට අයත්,
දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යෙචිත්තං සංය මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා
යන ගාථාවෙන් පැහැදිලි වෙයි. මෙම සිත හැදී ඇත්තේ නාම, රූප දෙක නිසාය.
ඇසින් රූපයක් දුටුවිට සිත ඇති වෙයි. ඇසත්, රූපයත් ඤාණයත් නිසා සිතිවිලි
පහළ වෙයි. මෙම තුනෙහි එකතුව නිසා ස්පර්ෂය දැනේ. කය යනු හැඩය නිසා කියන
සම්මුති නමකි. එමෙන් ස්කන්ධ පහ එකතු වුණ නිසා පස්කඳ නමින් හඳුන්වයි.
මෙම නාම රූප දෙකේ එකතුව නිසා සිත හැදෙයි. නාම රූප වෙනස්වනවිට සිත ද
වෙනස් වෙයි. අවලස්සන දෙයක් දුටුවිට සිතට දුක ඇති වෙයි. මේ අනුව සිතේ
වෙනස්වීම සිදුවන බව තේරුම් ගනිමු. අසවලා මට බැන්නා. කියා සිතේ තබා
ගතහොත් සිතට දුක ඇතිවෙයි. ප්‍රශංසා කළා කියා සිතේ තබා ගත්විට සිතට සතුට
ඇති වෙයි. මෙය සිතේ ස්වභාවයයි. සිතට සතුට ඇතිවූ විට ලේ ධාතුව පිරිසුදු
වෙයි. තරහක් ඇතිවූ විට ලේ ධාතුව අපිරිසුදු වෙයි. ලේ ධාතු ප්‍රසන්න වූ
විට මුහුණ ප්‍රසන්න වෙයි. මෛත්‍රිය සිතේ ඇතිවූ විට මුහුණ ප්‍රසන්න
වෙයි. ඒ බව මෛත්‍රී භාවනාවේ ආනිසංස දක්වා ඇති තැන “මුඛ
වණ්ණොවිප්පසීදති” යනුවෙන් පැහැදිලි වෙයි. සිනාසීම සඳහා මස් පිඬු
දාහතරක් අවශ්‍ය වෙයි. රවන්න, ඔරොවන්න මස් පිඬු හැත්තෑහතරක් අවශ්‍ය
වෙයි. එමනිසා සෑම දෙනා සමඟම සිනාමුසු මුහුණින් ජීවත්වන්න පුරුදු වෙමු.
එවිට අපගේ සිත ප්‍රසන්න වෙයි. ලේ පිරිසුදු වෙයි. කායික හා මානසික
නිරෝගි භාවය ඇතිවෙයි. අකුසල් සිදු නොවේ. කුසල් සිදුවේ. එමනිසා දුකට මුල
සිත වැරැදි පැත්තට හැරුණොත් බව වටහා ගන්න. දෙලොවම සැපවත් කර ගන්නට නම්
සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් සිත සංවර කර ගතයුතු බව සිතට
ගන්න.
|