දුක යනු කුමක් ද ?
කොල්ලුපිටිය වාලුකාරාමවාසී
ගෞරව ශාස්ත්‍රවේදී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
සමාජ ජීවිතයේදී පුද්ගලයාට විඳීමට සිදුවන සියල්ල අවසාන අර්ථයෙන් දුක්ගෙන
දෙන්නකි. ඉපදීම, ලෙඩවීම, මරණය, ශෝකය, ආදි වශයෙනි.
ලොව වසන සෑම කෙනෙකුම
අඩු වැඩි වශයෙන්
දුක් විදිති. දැනුදු දුක් විදියි.
අනාගතයේදීත් එසේමය
බුද්ධ දේශනාවෙහි ආර්ය සත්‍ය හතරකි. එය චතුරාර්ය සත්‍ය නම් වේ.නිර්වාණය
හෙවත් බුදුදහමේ පරම නිෂ්ඨාව සාක්ෂාත් කිරීම සඳහා දැනගත යුතු අවබෝධ කළ
යුතු පරම සත්‍ය ය මෙයයි. දම්සක්පැවතුම් සූත්‍රයේදී බුදු පියාණෝ මෙය
අවධාරණය කළහ.
මහණෙනි, යම් අවස්ථාවක මට චතුරාර්ය සත්‍යය මෙසේ පරිවර්තන තුනක් හා ආකාර
දොළොසකින් යුත් යථාභූතඤණ දර්ශනය පහළ වූයේද එයට පසු දෙවියන්, මරුන්,
බඹුන් මහණ බමුණන් හා දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහි උතුම් වූ සම්මා
සම්බෝධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා කෙළෙමි”
මෙයින් පැහැදිලි වන්නේ තමන් වහන්සේ ගේ බුදු බව ස්ථිරවම ලෝකයාට පැවසූයේ
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් පසුව බවය.
මෙහි පළමු ආර්ය සත්‍යය දුක්ඛ සත්‍යයයි. එනම් බුදුරදුන් මෙයින් අවධාරණය
කරනුයේ ලෝකයේ පවතින සැබෑ තත්වයයි. සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන්
ලෝකයෙහි සැපයැයි ගත යුතු දෙයක් නැත. “ලෝකය පිහිටා ඇත්තේ දුක මතය” මෙය
පරම සත්‍යයකි. බුදුදහම ශුභවාදයක් හෝ අශුභවාදයක් නොවේ. එය යථාර්ථවාදීය.
හේතුඵල ධර්මතාව මත පදනම් වූ ඉගැන්වීමකි. මෙම තත්වය මත සිට දුක “පිළිබඳ
තේරුම් ගත යුතුය.
මජ්ජිම නිකායේ සච්චවිභංග සූත්‍රයේදී මේ පිළිබඳ පැහැදිලි විවරණයක් දැකිය
හැකිය. ජාති, ජරා, මරණ, සෝක ,පරිදේව ආදි සියල්ලම දුකට හේතුන්ය.
“කතමාචාවුසො දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා, ජරාපි, දුක්ඛා මරණම්පි
දුක්ඛං සෝකපරිදේව දුක්ඛ දෝමනස්සු පායා සාපි දුක්ඛා යම්පිච්ඡං න ලබති
තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපදාන ක්ඛන්ධා දුක්ඛා “
(ම.නි. – 3 සච්චවිභංග සූත්‍රය 514 පිට)
සමාජ ජීවිතයේදී පුද්ගලයාට විඳීමට සිදුවන සියල්ල අවසාන අර්ථයෙන් දුක්ගෙන
දෙන්නකි. ඉපදීම, ලෙඩවීම, මරණය, ශෝකය, ආදි වශයෙනි.
ලොව වසන සෑම කෙනෙකුම අඩුවැඩි වශයෙන් දුක් විදිති. දැනුදු දුක් විදියි.
අනාගතයේදීත් එසේමය. මෙසේ සියල්ලෝම විඳීන දුක්ගොඩ දම්සක් පැවතුම්
සූත්‍රයේදී අට ආකාරයකින්ද, සම්මාදිට්ඨි සූත්‍රයෙහි එකොළොස් (11)
ආකාරයකින්ද, සච්ච විභංග සූත්‍රයේදි දස (10) ආකාරයකින්ද චූල දුක්ඛක්ඛන්ධ
හා මහා දුක්ඛක්ඛන්ද සූත්‍රයන්හි විවිධාකාරයෙන්ද මහා තහාසංඛය සූත්‍රයේදී
පංචස්කණ්ධයම දුකක් ලෙස විවරණය වේ. සමස්ත ධර්මයට අනුව ප්‍රධාන බෙදීම ලෙස
මෙම දුක ආකර 03 කි. එසේම එය ඇතිවීම සදහා අනිත්‍යාතාව හේතුවේ (යද නිච්චං
තං දුක්ඛං) යමක් අනිත්‍යවේද එය දුකකි.
මෙම අනිත්‍යතාව පුද්ගලයා තේරුම් නොගැනීම මත දුකෙන් පීඩාවට පත්වෙති.
බුදුරදුන් වූ කලී යථාර්ථවාදි ශාස්තෘවරයෙකි. කම්සැප විඳීම ගිහි ඇත්තන්ට
තහනම් කර නැත. එසේ වුවත් විදීමේදි දතයුතු කාරණා 03 ක් දක්වා ඇත. මෙය
නොදන්නා බැවින් පුද්ගලයා දුකෙන් දුකට පත්වේ. එනම්
1. ආස්වාද – රසවිදීම
2. ආදීනව - එයින් සිදුවන යහපත අයහපත
3. නිස්සාරණ – එයින් මිදීම
මහා සංඝරත්නය අමතා බුදුරදුන් වරක දේශනා කරනු ලබන්නේ මොහොතක්වත් භවය
වර්ණනා නොකරන බවත්, හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවීමට පෙර චතුරාර්ය සත්‍ය
අවබෝධයෙන් නිවන ලබන්නේ නම් එය යහපත් බවයි.
දුක්ඛ සූත්‍රයට අනුව පෙර සඳහන් කල පරිදි දුක ආකාර 03 කි. එය මෙසේය.
දුක්ඛ දුක්ඛ. විපරිණාම දුක්ඛ, සංඛාරදුක්ඛ “ (ස.නි. 4 දුක්ඛ සූත්‍රය 485
පිට)
1. දුක්ඛ දුක්ඛ - සාමාන්‍ය දුක
2. විපරිණාම දුක්ඛ - වෙනස්වීම පිළිබඳ දුක
3. සංඛාර දුක්ඛ – සංස්කාර පිළිබඳ දුක
මෙහිදී දුක්ඛ දුක්ඛ ලෙස විවරණය වන්නේ සාමාන්‍ය ජීවිතයේ විඳීමට සිදුවන
දුක්ගැහැට සමූහයයි එනම් ඉපදීම, ලෙඩවීම, මරණයට පත්වීම, අපි‍්‍රයයන් හා
එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ප්‍රාර්ථනා කරන දෙය ඒ අයුරින් ඉටු නොවීම
වශයෙනි. මෙලෙස ඇතිවන කායික මානසික වේදනාව හෙවත් පෙළීම දුකය.
සැප හෝ දුක සදාකාලික නොවේ. සියල්ල මොහොතක් පාසා වෙනස්වේ.
ක්‍ෂණභංගුරවාදයේදි බුදුරදුන් දේශනා කළේ සියල්ල මොහොතක් පාසා වෙනස්වන
බවය. එය පියවි ඇසට නොපෙනේ. යමක් අස්ථීරනම් එය වෙනස් වන විට දැනෙන දුක
විපරිණාම දුකය.
දුක සම්බන්ධයෙන් වඩා දාර්ශනික අර්ථය ගැබ්ව ඇත්තේ සංඛාර දුක්ඛ ලෙස පවසන
තැනදීය. සෑම සූත්‍ර දේශනාවකම පාහේ දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කළේ නම් බව
බුදුරදුන් නිරන්තරව වදාළේය. දුක නම් අනෙකක් නොව පංචස්කන්ධයම බවයි.
දුක කවරේද එය පඤ්ච උපාධානස්කන්ධ මය (ස.නි. –3 දුක්ඛ සූත්‍රය 275 පිටුව
මහණෙනි, රූපය දුක්ය වේදනාව දුක්ය, සංඥාව දුක්ය, සංස්කාර දුක්ය.විඤ්ඤාණය
දුක්ය, (ස.නි – 3 දුක්ඛ සූත්‍රය 38 පිටුව) “චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච
උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණ තිණ්ණං සංඝති.....
දුක් හට ගැනීම නැතිවීම දේශනා කරමි ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය
උපදි මේ දහම් තුනේ එක්වීම ස්පර්ෂයයි. ස්පර්ෂය හේතුවෙන් වේදනාව වේ
.වේදනාව හේතුවෙන් තෘෂ්ණාව වේ මේ දුක් හටගැනීමයි “ (ස.නි. – 2 දුක්ඛ
සූත්‍රය 112 පිටුව)
මෙය ඉහත කරුණ සාධනය කිරීමෙහිලා උදාහරණ කිහිපයක් පමණි. පංච උපාදාන
ස්කන්ධයම දුක්ඛ ලෙස බුදුපියාණෝ දැක්වූහ. (සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා
දුක්ඛා) ආහාරගනු ලබන්නේ බඩගින්නට නම්, සුවඳ විලවුන් තවරන්නේ ගඳ
නැතිවීමට නම් බෙහෙත් බොන්නේ රෝග සුවවීමට නම් මේ කිසිවක සැප යැයි පැවසිය
නොහැක. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර , විඤාණ යන මේ සියල්ල දුක්ය.මේ සියල්ල
එක්වූ විට සම්මුතික වශයෙන් පුද්ගලයෙකු ලෙස නම් කෙරේ එහෙත් පරමාර්ථ
වශයෙන් පුද්ගලයෙකු නැත. තමන් තුළ මමය යන හැඟීම ඇතිවුවත් තමාට අවශ්‍ය
ලෙස මෙය හැසිරවිය නොහැක.
“ස්ථාහි අංග සම්භාරං .....” ආදී ලෙස දක්වන්නේ මේ ස්වභාවයයි. අවයව සමූහය
ක එක්වීම රිය යන නාමයෙන් හැදින්වෙන්නා සේ පඤ්ච උපාදානස්කන්ධ සමූහයකට
පුද්ගලයා යන ව්‍යවහාර එයි. මේ සියල්ලම සැලකිල්ලට ගනිමින් මහා සංඝයා
අමතා බුදුරදුන් දේශනා කරනුයේ “සබ්බේ භික්ඛවේ දුක්ඛං”
(ස.නි. 4 දුක්ඛ සූත්‍රය 63 පිටුව)
මේ ලෝකයෙහි සියල්ල දුක් සහිත බවයි. එහෙයින් සංයුක්ත නිකායේ පඨම, දුතිය
හා තතිය දුක්ඛ සූත්‍රයන්හිදි අවධාරණය කරනු යේ
“යංහි භික්ඛවේ දුක්ඛං තත්‍ර වො චෙÁද්‍ර පහා තබ්බො “
ස.නි. 3 දුක්ඛ සූත්‍රය 317 පිටුව) යමක් දුක නම් එහිලා ඡන්දය (කැමැත්ත)
පහකළ යුතුය. රූපය දුක නම් එහිලා රූපය පිළිබඳ ඡන්දය පහකරන්න. ධම්මපදයේදී
මෙය දේශනා කරනුයේ. “ලෝකයෙහි දුකම හටගනියි. දුකම පවතී.
දුක හැර දුකින් පිට කිසිවක් නැත” මේ සදහා විසැඳුම ලෙස එහිම දක්වනුයේ
මෙසේය. “ සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි යම් කලෙක නුවණින් දකීද එකල්හි
දුකෙහි කළ කිරෙයි මෙය නිවනට මඟයි” දෙව්ලොවත්, බ්‍රහ්මලොවත් තුළ දුක
ඇත.විශේෂයෙන් තිරිසන්, පේ‍්‍රත ,අසුර, නරක යන සතර අපායන් දුක් බහුල
තැන්ය. උපත ජීවත්වීම හා මරණය යන අවස්ථා 03 නම් දුක් බහුලය. බුදුරදුන්
මෙම සත්‍ය ධර්මය මනාව පහදා සිව්වනක් පිරිසටම මෙසේ අවවාද කළහ .
පංචඋපාදානස්ඛන්ධයම දුකකි එය නැති කිරීමට තෘෂ්ණාඡන්දය දුරු කළ යුතුය.
(ස.නි. 3 දුක්ඛ සූත්‍රය 133 පිටුව ) නිවන යනු මේ සියල්ල අවබෝධ කර ගෙන
භවය තුළ සැරිසරන හේතුව වන තෘෂ්ණාව (තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං)
නැතිකිරීමයි. එවිට ඉපදීම නිසාම ඇති වන සියලු දුක් නැති කළ හැකිය. |