UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර පසළොස්වක 2012 ජූලි 03 වැනිදා

යහපත් දිවියකට...

ඇසළ සඳ අහසේ උදාවන විට බෝසත් සිරිතේත්, අසිරිමත් බුදු සිරිතේත් ශ්‍රේෂ්ඨ හා ඓතිහාසික අනුස්මරණීය සිද්ධීන් රැසක් ගෞරවයෙන් සිහිපත් කළ යුතු පූජනීය දිනය වූ ඇසළ පුර පසළොස්වක පොහොය උදාවෙයි. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ මෙන්ම සිරිලක ශාසනවංශ කථාවේ ද ඓතිහාසික සිද්ධි රැසක් අනුස්මරණීය දිනයක් ලෙස ද මෙම ඇසළ පුර පසළොස්වක පොහොය සදා සිහිපත් කළ යුතු ඓතිහාසික දිනයකි.

දුකත්, දුකට හේතුවත්, නිවනත්, එය ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා බරණැස ඉසිපතනයේ මිගදායේ දී ලොවට දේශනා කළ දිනය ඇසළපුර පසළොස්වකදා පෝදා ය.

මේ අනුව බලන විට බොදුනුවා තුළ තෙරුවන් විෂයෙහි ශ්‍රද්ධාව, ගෞරවය තව තවත් වර්ධනය කරන බොදුනුවා, තෙරුවන් විෂයෙහි තව තවත් නැඹුරු කරවන විශේෂ ආගමික දිනයක් වේ.

බොදුනුවාගේ මූලික අපේක්‍ෂාව අරමුණ සසර දුකෙන් එතෙරව නිවන් සැපතට යොමු වීමය.

අපේ ගෞතම මහ බෝසත්තුමා සම්මා සම්බුද්ධත්වය පතා අසංඛ්‍යෙය හතරකුත් කල්ප ලක්‍ෂයක් පුරා සසර ගමනේ පෙරුම් දම් පුරන ලද්දේ දැඩි අධිෂ්ඨානයෙනි. ඒ අසිරිමත් බෝසත් සිරිත මෙනෙහි කරන විට පිරූ පාරමී දම් ගුණ බලය කෙතරම්දැයි වටහා ගැනීම අපහසු නොවනු ඇත.

එබැවින් බොදුනුවන් වන අප දැඩි උත්සාහයෙන්, වීර්යයෙන් සසර ගමනේ දුක පිළිබඳව අවබෝධ කරගත යුතු වේ. දුක මත පිහිටි ලෝකයෙහි සදා සැපය නම් වූ නිවන් සුවය සලසා ගැනීමට අපේක්‍ෂා කරන්නා ලොව පවතින යථා තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු වේ. එසේ කරන උත්සාහයය, සාර්ථකත්වය රඳා පවතින්නේ තමා තුළ ම ය.

ඉතා අපහසුවෙන් ලබා ගත් මිනිසත් භාවය සරුදේ සඳහා ම පමණක් ගත කළ යුතු වේ. නිසරු දේ අත්හළ යුත ªම ය.

ඇතැම් අයෙකුට ලබාගත් මිනිස් දිවියේ වටිනාකම තේරුම් ගැනීමට පවා අපහසු වී ඇති බව පෙනේ.

මිනිස් ලොව තාවකාලිකය. එසේ නම් මෙ ලොව ඉපදීම ගිමන් හැරීමට ගිමන් හලකට ගොඩවූවා වැනි ය. මිනිසකුව ඉපිද සුළු කලක් ජීවත් වී මෙ ලොවින් සමුගැනීම ස්වභාවය යි.

ජීවිතය අස්ථිර බව බොදුනුවාට අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම ආදී ජීවිතය පුරාම විඳින්නේ අපමණ දුකකි.

ඇතැමෙක් තම ජීවිතය දුකෙන් පිරි පවතින බව දැනගෙන ඒ දුකෙන් සැනසුම සොයන මාවතට පිවිසීමට උත්සුක වේ. ඒ ජීවිතය පිළිබඳ බුද්ධිමත්ව නුවණින් විමසා බලන තැනැත්තා ය. එහෙත් අවාසනාවකට මෙන් අස්ථිර ජීවිතයෙන් යහපත් යමක් ජීවිතයට එකතු කර ගැනීමට උත්සාහ නොකරන අය ද වෙසෙන බව පෙනේ. කෙසේ වුව ද ඕනෑම අයෙකුට තම ජීවිතයේ යම් තැනකදී තම ජීවිතය පිළිබඳව ආපසු හැරී බැලීමට සිදුවන බව සිතා කටයුතු කරන්නේ නම් එබදු ජීවිතය සාර්ථක වන බවට සැක නැත. විරූපී සිරුර සුරූපී කර ගැනීමට නිතර දෙවේලේ කැඩපත ඉදිරියේ පෙනී සිටින ඔබ අප කැඩපතෙන් සිරුර බලන්නාක් මෙන් ජීවිතය පිළිබඳ නැවත හැරී බැලීමට පුරුදු පුහුණු විය යුතු වේ.

එවිට ජීවිතයකින් සිදුවන අතපසුවීම් නො පමාව මඟහරවා ගැනීමට එය පහසුවක් වනු ඇත. එවිට කලාතුරෙකින් ලබාගත් මිනිසත් භවයෙන් සසර ගමනට ප්‍රයෝජනවත් යමක් ඒකරාශි කර ගත හැකි වේ.

එබැවින් අනෙකුත් හැම දිනයකටම වඩා පොහොය දිනය අර්ථාන්විතව මෙනෙහි කිරීමට පහසු දිනයක් වනු ඇත. ඒ උදාර දිනය තුළ තම සසර ගමනේ ඒකායන අපේක්‍ෂාව පිළිබඳව තව තවත් මෙනෙහි කිරීමට උනන්දු වන්න. එවිට ජීවිත ගමනේ සැනසීමට ළඟාවීමට එය යම් පමණ හෝ පහසුවක් වනු ඇත.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]