UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මිකාරාමයේ පින්කම් මාලාව 20 දක්වා

අඩසියවසක් සපුරන රත්මලාන ධම්මිකාරාමයේ මාර්තු 4 සිට මැයි මස 20 වැනි දින දක්වා උත්සව හා පින්කම් මාලාවක් පැවැත්වේ. මේ අනුව සංවිධානය කොට ඇති ආගමික වැඩසටහන් මාලවේ මූලික අරමුණු වනුයේ

ධම්මිකාරාම විහාරස්ථානයේ ආදිකර්තෘ අපවත්වී වදාළ හබරාදුවේ ධම්මරංසි නා හිමිගේ 13 වන ගුණානුස්මරණ පුණ්‍යෙීත්සවය (මැය 16 වන දී) පැවැත්වීම.

වසර 50 ක් සපුරන ධම්මිකාරාමයේ මූලාරම්භයේ සිට මේ දක්වා ආගමික ශාසනික සේවාවන්හිදී අනුසාසනා සහ උපකාර වූ අසල්වාසි විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලාටත් එහි උන්නතිය වෙනුවෙන් දායක වූ සියලුම දායක දායිකාවන්ටත් වර්තමාන දායක දායිකාවන්ට පුණ්‍යානුමෝදන් කිරීම ඇතුළු ආශිර්වාද පැතීම 2600 සම්බුද්ධත්ව ජයන්තිය වර්ෂ පූර්ණ මහෝත්සවය දිනය සැමරීමද වේ.

මැයි මස 12 වන දින පස්වරු 3.30 ට 50 වැනි සැමරුම් සමාරම්භක උත්සවය. විහාරාධිපතින් වහන්සේගේ අනුශාසනාව මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතාගේ දේශනය විහාරස්ථානය පිළිබඳ ශ්‍රව්‍ය වාර්තා වැඩසටහනක්. මැයි 13 වන දින පැවැත්වෙන අපවත්වී වදාළ හබරාදුවේ ධම්මරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ ධර්ම දේශනාව (පස්වරු 5.00). දේශකයාණන් වහන්සේ දිවියාගහ යසස්සි නා හිමි. මැයි මස 19 වැනි දින පස්වරු 7.00 ට පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජාව. එදිනම රාත්‍රී 9.00 ආරම්භ වන සර්ව රාත්‍රික පිරිත් දේශනාව. මැයි මස 20 වන දින පැවැත්වෙන 50 නමක් විෂයෙහි පැවැත්වෙන සංඝගත දක්‍ෂිණාව සහ පුණ්‍යානුමෝදන් පිංකම සිදු කැරේ.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]