දිවි මඟ එළිය කර ගනිමු
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි
අප
සෞන්දර්යාත්මක රසය
විඳගත යුත්තේ
අන්‍යයන්ටද තමන්ට රුචි පරිදි එම කාලවකවානුව
ගත කිරීමට ඉඩ සලස්වා දෙමිනි. එසේ නොවුවහොත් අනෙක්
තැනැත්තන්ට තම
කර්තව්‍යයන් ඉටු කර ගැනීමට තිබෙන කාලය අප
විනාශ කර දැමීමෙන්
අප සිදු කරන්නේ
කුමක්ද? මඳක්
සිතා බලන්න
බුදුරජාණන් වහන්සේ වදාළ සතර සංග්‍රහ වස්තු අතර සමානාත්මතාවට හිමිවන්නේ
විශේෂිත ස්ථානයක්. සියලු දෙනා සමානත්වයෙහි ලා සැලකීම මඟින් අන්‍යෝන්‍ය
සුහදතාව, සමඟිය රැකෙන අතර ගැටුම් ඇතිවීමද වැළකෙනවා.
සමාජයේ කායික ක්‍රියාකාරකම් හා වාචසික ක්‍රියාකාරකම් ඉස්මතුව කැපී
පෙනණත් මනෝමය ක්‍රියාකාරකම් ඉස්මතුව පෙනෙන්නේ නැහැ. එහෙත් කායික හා
වාචසික ක්‍රියාකාරකම් සඳහා මුල් වන්නේ මනෝමය ක්‍රියාකාරකම්.
මේ නිසා අන්‍යයන්ට කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයට තම ක්‍රියාකාරකම්
පවත්වා ගැනීම කෙරෙහි අප අවධානය යොමු කළයුතු වෙනවා.
ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු
කළ යුත්තේ අන් අයට කරදරයක් හිරිහැරයක් නොවන ලෙස බව සිහි තබා ගත යුතුයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ සැමවිටම අන්‍යයන්ට කිසිඳු ආකාරයක
කරදරයක් බාධාවක් නොවන ලෙස ජීවත් විය යුතු බවයි. බුදුරජාණන් වහන්සේ
ඇතැම් අවස්ථාවල අන්‍ය තීර්ථකයන්ගේ වාසස්ථානවලට වැඩම කළා. මහ හඬින් ශබ්ද
කරමින් සිටින එම තීර්ථක පිරිස් බුදුරජාණන් වහන්සේ වැඩම කරනු දුටු
අවස්ථාවල “ගෞතම බුදු රජාණන් වහන්සේ මෙහි වැඩම කරනවා. උන්වහන්සේ
නිශ්ශබ්දතාව අගයන ශාස්තෘන්වහන්සේ නමක්. එම නිසා නිශ්ශබ්දවන්න.”
තීර්ථකයෝ නිහඬ වෙති. අන්‍යයන්ට හිරිහැර කරදර වන අයුරින් ශබ්ද කිරීම පවා
නුසුදුසු බව බුදුරජාණන් වහ්නසේගේ ජීවමාන කාලයෙන්ම ලබා දෙන්නේ මහඟු
ආදර්ශයක්.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ සෑම දෙනාගේ හිත සුව පිණිස කටයුතු
කළයුතු බවයි.
චරිත භික්ඛවේ චාරිකං
බහුජන හිතාය බහුජන සුඛාය
අත්ථාය හිතාය සුදෙව මනුස්සානං
අන්‍යයන් උදෙසා ඇප කැපවී කටයුතු කළ යුතුයි. එමෙන්ම එය කිසිවකුටවත්
කරදරයක් නොවන ලෙසින් සිදුවිය යුතුයි.
පැවිදි ගිහි සියලු දෙනාම කටයුතු කළ යුත්තේ එලෙසයි. දායකයාගෙන් භික්ෂුන්
වහන්සේ දානය ලබා ගත යුත්තේ ද එලෙසයි.
අප සැමවිටම වචනයකින් පවා අන්‍යයන්ට හිංසාවක් පීඩාවක් නොවන ලෙස කටයුතු
කළයුතුයි.
අපට ගී සින්දු ශ්‍රවණය කිරීම මෙන්ම ගායනා කිරීමේ අයිතිය තිබෙනවා. එහෙත්
එය අනෙක් අයට බාධා නොවන ලෙස සිදු කරන්නේ සමාජයේ පිරිස කොපමණ ද ?
නිවසේ බිත්ති පුපුරා යන ලෙසින් මෙන්ම මහා සංගීතය ආරම්භයක් මෙන් පාරේ
ධාවනය වන ත්‍රී රෝද රථ දකින අසන අපට දැනෙන්නේ කුමක්ද ? නිවසේ අධික
ශබ්දයෙන් කැසට් යන්ත්‍ර දැමූ විට මහ හඬින් පිටි කොටන්නාක් මෙන් දැනෙන
ගොරහැඬි ශබ්ද ඇසීමට කැමැති අය සිටින්නේ නම් එවැනි අයුරින්ම අනුන්ට
කරදරකාරීවන අයුරින් අසරණ පිරිසක් විය යුතුය.
මේ සංගීතය නිවසට සීමා කර ගැන්මට නොහැකි ඇයි?
තමන්ට අධික ශබ්දයෙන් ක්‍රියා කරවිය හැකි කැසට් යන්ත්‍ර තිබෙන බව
අසල්වාසීන්ට ලෝකයාට පෙන්වීමට ද ? එසේත් නැත්නම් ශ්‍රවණාබාධයක් ද ?
අප සෞන්දර්යාත්මක රසය විඳගත යුත්තේ අන්‍යයන්ටද තමන්ට රුචි පරිදි එම
කාලවකවානුව ගත කිරීමට ඉඩ සලස්වා දෙමිනි. එසේ නොවුවහොත් අනෙක්
තැනැත්තන්ට තම කර්තව්‍යයන් ඉටු කර ගැනීමට තිබෙන කාලය අප විනාශ කර
දැමීමෙන් අප සිදු කරන්නේ කුමක්ද ? මඳක් සිතා බලන්න.
සංගීතය පමණක් නොව ජංගම දුරකතන භාවිතා කරන ඇතැමුන්ගේ කතා විලාසය දෙස
බලන්න. බස් රථයක දුම්රියක යන අවස්ථාවක අන් අයට ඉමහත් හිසරදයක් වන
අයුරින් දුරකතන සංවාද පවත්වනු පෙනේ.
බුද්ධ දේශනාවේ සඳහන් ‘බහුජන හිතාය – බහුජන සුඛාය’ යන බොහෝ දෙනාගේ හිත
පිණිස, සුව පිණිස යන්න මෙහිදී සිදු නොවන අතර සිදුවන්නේ බොහෝ දෙනාගේ හිත
පිණිස නොවන හා සුව පිණිස නොවන තත්ත්වයක්ය.
එමෙන්ම ඇතැම් දුරකතන සංවාද තමන්ටද හිත පිණිස හෝ සුව පිණිස හෝ නොවන්නට
පුළුවන.
ප්‍රසිද්ධ ස්ථානයක දුරකතන සංවාද යෙදීමෙදී තමන් නිවසින් බැහැර සිටින බව
හෝ මුදල් රැගෙන එන බව හෝ දුරකතනයෙන් පවසද්දී එම පණිවුඩය ඇසෙන හොරුන්ට
එය මහත් පිටිවහලකි. එමෙන්ම ඇතැම් තරුණියන් තම දුරකථන අංකය ශබ්ද නඟා
පැවසීමෙන් හෝ තම ලිපිනය පැවසීමෙන් තම ආරක්‍ෂාව අනාරක්ෂාවක් බවට පත් කර
ගනී. මේ බව මොහොතක් සිතා බැලීමට උත්සුක වන්නේ අල්ප පිරිසක් බව වර්තමානය
මාධ්‍ය මඟින් වාර්තාවන අපරාධ දෙස බැලීමෙන් පෙනී යයි. එසේම පිරිත ධර්ම
දේශනා අඩු තක්සේරුවකට නොදැමීමට පැවිදි ගිහි දෙපක්ෂයම තරයේ සිතට ගත
යුතුය. විහාරස්ථානයේ පිරිත් හෝ ධර්ම දේශනා පවත්වන විට ශබ්ද විකාශන
යන්ත්‍රයෙන් කිලෝමීටරයක් දෙකක් ඔබ්බට ඇසෙන්නට සලස්වන අවස්ථා අපට දක්නට
ඇත.
පිරිත් ශ්‍රවණය කරන ධර්ම ශ්‍රවණය කරන පිරිස් විහාරස්ථානයට පැමිණ ඊට
සහභාගි වනු ඇත. විහාරස්ථාන සීමාවට ඇසෙන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර
යෙදීම ඊට ප්‍රමාණවත් වනවා. පිරිත එක්තරා ශ්‍රාවක පිරිසකට සීමා විය යුතු
යැයි අදහස් කරන්නේ නැහැ.
පිරිත් ශ්‍රවණයට, ධර්ම ශ්‍රවණයට විහාරස්ථානයට හෝ නිවසකට පැමිණෙන පිරිස්
දෙස බලන්න. ඔවුන් පිරිසුදුවී සුදුවතින් සැරසෙන්නේ තැනට උචිත ලෙසය.
පෞද්ගලික බස් රථවල කැසට් සංගීතයත් මේ අයුරින්ම මිනිසාට පීඩාකාරී නොවේද?
බුදු දහම අපට ආගමකට වඩා ජීවන රටාව ගොඩ නගන මාවත පෙන්වා දෙන පාඩමක්.
බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කර වදාළේ ‘ තමන්ගේ සිතට
ගැළපෙන්නේ නම් පමණක් එය පිළිගන්නා’ ලෙසයි.
මාර්ගයේ දකුණේ නොගියහොත්, දුම්රිය හෝ බස් රථයේ පා පුවරුවේ ගියහොත්,
පොදු දේපල විනාශ කළහොත් පෞද්ගලිකව එය තමන්ටම කරගනු ලබන විනාශයක් නොවේද?
නීති මඟින් පාලනය කළ හැක්කේ සීමාසහිත සීමාවක් පමණයි. එමෙන්ම නීතියේ අඩු
ලුහුඬුකම් ඇති තැන්වලින් බේරී යන්නට අද බොහෝ දෙනා සූක්ෂමව කටයුතු
කරනවා. අප සමාජයේ ජීවත්වීමේදී නීතියට වඩා සාර ධර්ම රැක ගැනීමටත්
යුතුකම් සහ වගකීම් අනුව කටයුතු කළ යුතුය.
අප පංචශීලය ආරක්ෂා කරන්නේ නම් කිසිවකුට බියෙන් සැකයෙන් ජීවත්වීමට
අවශ්‍ය නැහැ.
තමාට හෝ තමා උපයා ගත් දේට කිසිවකුගෙන් හානි නොවන කල සමාජ සුරක්‍ෂිතතාව
තහවුරු වේ. එමඟින් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් සමාජයක් ගොඩ නැඟෙන අතර
ජනතාවගේ මානසික පීඩනය ද අඩුවේ.
සෑමවිටම අන්‍යයන් ගැන සිතමින් කටයුතු කරන පිරිස් සිටින නිසා පොදු
පහසුකම් පොදු දේපළ ද සංවර්ධනය වේ. එවිට ඒ සමාජයෙහි අපරාධ අඩුවී ගුණ නැණ
බලයෙන් පිරිපුන් පිරිසකගෙන් සමන්විත වනු ඇත.
එවන් සමාජ පසුබිමක බුද්ධිමත් අනාගත දරු පරපුරක් බිහිවන අතර ඊර්ෂ්‍යාව,
ක්‍රෝධය, වෛරය වැනි අවිද්‍යාවන් දුරලා දීර්ඝායුෂ ලබන පිරිසක් බිහිවනු
නොඅනුමානය.
සාකච්ඡා කළේ:
තාරක වික්‍රමසේකර |