අලුත්වැව සෝරත නා හිමි 
			ජන්ම සමරුවට පින්කම්
			
			 
			කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති, ඌව විශ්වවිද්‍යාලයේ කුලපති 
			ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන් 
			උන්වහන්සේට දිගාසිරි පතා අප්‍රේල් 5 වැනි දා කතරගම කිරිවෙහෙර රාජ මහා 
			විහාරයේ දී පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබිණි. 
			5 වැනි දා උදෑසන කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු විහාරස්ථානවල 
			නාහිමිවරුන්ගේ සහභාගීත්වයෙන් කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී කිරි 
			ආහාර පූජාවක් ද දවල් අර්ධ ශතාධික සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් 
			ද සවස අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා බෝධිපූජාවක් ද පැවැත්වේ. එදින දවස 
			පුරා බැතිමතුන් සඳහා බත් දන්සැලක් ද පැවැත්වේ.  |