Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අලුත්වැව සෝරත නා හිමි ජන්ම සමරුවට පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති, ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා අප්‍රේල් 5 වැනි දා කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරයේ දී පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබිණි.

5 වැනි දා උදෑසන කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු විහාරස්ථානවල නාහිමිවරුන්ගේ සහභාගීත්වයෙන් කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී කිරි ආහාර පූජාවක් ද දවල් අර්ධ ශතාධික සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද සවස අෂ්ඨඵල බෝධීන් වහන්සේ උදෙසා බෝධිපූජාවක් ද පැවැත්වේ. එදින දවස පුරා බැතිමතුන් සඳහා බත් දන්සැලක් ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.