සත්‍ය මත පදනම් වූ
සම්බුදු දේශනා විලාශය
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි
බුදුරජාණන් වහන්සේ තම දර්ශනය ජනතාව අතරට ගෙනගියේ ජනතාවට රුචිකත්වයක්
දනවන ක්‍රමවේදයන් ඇසුරෙන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත්
කර තිබූ ක්‍රමවේදයන් හතරකි.
ඉන් පළමුවැන්න “අත්තස්ජාසය” ලෙසින් ද දෙවැන්න “පරජ්ජාසය “ ලෙසින්ද
තෙවැන්න “උච්ඡාවසිකය” ලෙසින්ද සිවුවැන්න “අට්ටුප්පත්තිකය” ලෙසින්ද
හැඳින්වෙනවා.
“අත්තස්ජාසය” නමින් හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම තේරුම් අරගෙන
දේශනා කිරීමයි.
“පරජ්ජාසය” නමින් හඳුන්වන්නේ ශ්‍රවණය කරන්නාගේ ස්වරූපය අනුව දේශනා
කිරීමයි. “උච්ඡාවසිකය” යනු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයා ඒ අනුව
දේශනා පැවැත්වීමය. “අට්ටුප්පත්තිකය” නම් එම අවස්ථාවේ එළඹෙන සිද්ධියට
අනුව දේශනා පැවැත්වීමය.
උදාහරණයක් ලෙස සලකා ගතහොත් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා පිණිස මණ්ඩපයට
වැඩම කරනු ලබන අවස්ථාවේදී ‘මා පැමිණීමට පෙර ඔබ සැම කතා කරමින් සිටියේ
කුමක් සම්බන්ධවදැ’යි විමසා ඒ අනුව දේශනා පවත්වනු ලැබූහ. එසේම
බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේදී ද ක්‍රම හතරක්
අනුගමනය කර ඇති බව පෙනේ.
ඉන් පළමු ක්‍රමය “ එකංස ව්‍යාකරණියා” නමින් හඳුන්වනවා. එහිදී ප්‍රශ්නය
අසනු ලබන තැනැත්තාට ඍජුවම කෙටියෙන් පිළිතුරු සපයනු ලබනවා. මෙහිදී කෙටි
දේශනයක් ඉදිරිපත් කළ අවස්ථාද තිබෙනවා.
දෙවැනි ක්‍රමය අසනු ලබන ප්‍රශ්නය කොටස් කර දීර්ඝ විස්තර සැපයීමය.
පංචස්කන්ධය රූප ආදි වශයෙන් වෙන්කර දැක්වීම මෙහිදී උදාහරණ ලෙසින් ගන්නට
පුළුවන්. එය “විභජ්ජ ව්‍යාකරණියා” ලෙසින් හඳුන්වනවා.
තෙවැනි ක්‍රමය අසනු ලබන ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු සැපයීමයි. එය
“පටිපුජ්ජාය” නමින් හැඳින්වෙනවා. ප්‍රශ්නය අසනු ලබන අවස්ථාවේම ඊට
පිළිතුරු නොදුන් අවස්ථා “ඨපනීය” ලෙසින් දක්වා තිබෙනවා. එම අවස්ථාවේ
පිළිතුරු නොදුන්නන් එම ප්‍රශ්නවලට පසුව පිළිතුරු සපයා තිබෙන බව අප
තේරුම් ගත යුතු වෙනවා.
අප මෙහිදී හොඳින් තේරුම් ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ තම දේශනය ජනතාව
අතරට යැවීමටත් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටත් විවිධ
ක්‍රමවේදයන් උපයෝගී කරගත් බවයි.
එක් ක්‍රමයක් භාවිතා නොකර ක්‍රම කිහිපයක් උපයෝගි කරගත්තේ ඇයි?
එක් එක් පුද්ගලයාගේ ඤාණ මාර්ගය අනුවත් කරුණු අවබෝධ කර ගැනීමේ ශක්තිය
අනුවත් මෙසේ විවිධාකාර ක්‍රමවේදයත් උපයෝගි කරගෙන තිබෙනවා.
බුදුරජාණන් වහන්සේට තම සම්මා සම්බුද්ධ මහිමය අනුව ඕනෑම අයෙක් දමනය කළ
හැකියි. එමෙන්ම ඕනෑම අයකු තමන්ට අවනත කර ගත හැකියි. එසේම යමක් කරවීමටත්
හැකියි.
එසේ වුවත් මෙම විවිධාකාර ක්‍රම අනුගමනය කෙළේ ඕනෑම තැනැත්තකුට තම
සිතින්ම කරුණු අවබෝධ කර ගැනීම වැදගත් වන නිසායි.
බුදුරජාණන් වහන්සේ සැමවිටම මහජන මතයට ගරු කරමින් සත්‍යාවබෝධය ලබා දීමට
කටයුතු කළ බව අප අමතක නොකළ යුතුයි.
ඒ සඳහා උන්වහන්සේ මෙසේ විවිධාකාර ක්‍රමෝපායයන් අනුගමනය කළා. මේ
සම්බන්ධව බුද්ධ චරිතයේ ඕනෑතරම් උදාහරණ ගත හැකිවෙනවා.
බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරන හෙයින් උන්වහන්සේ දැකීමට යාම
ප්‍රතික්ෂේප කළ ඛේමා බිසව උණ පඳුරක් අස්සේ සිට උන්වහන්සේ දහම් දෙසන
අයුරු බලා සිටියා.
බුදුරජාණන් වහන්සේ ඇයට දකින්නට සැලැස්වූවේ කුමක්ද? යෞවන වයසේ පසුවන
තරුණියන් බුදුුරජාණන් වහන්සේට පවන් සලන අයුරු ඇයට දකින්නට සැලැස්වුවා. ඒ
තරුණියන් ක්‍රමයෙන් වියපත්ව යන අයුරු ඛේමාව අවබෝධ කර ගත්තා. ඇත්ත ඇති
සැටියෙන් ගෙන හැර දැක්වීමට යොදා ගත් මේ රූපමය මාධ්‍යය, දැන්වීම කෙතරම්
අගනේද?
මේ අයුරින් මාධ්‍යයන් ඔස්සේ විවිධ දැන්වීම් (දැනුම් දීම්) සිදු කරනවා.
ඊට අදාළ කතාව, චරිත අප සමාජයේ සංස්කෘතියට , යහපතට කොතරම් ගැලපේද යන්න
අප සොයා බැලුවාද? එදා බුදුරජාණන් වහන්සේ විසින් ඛේමාවට දකින්නට
සැලැස්වූ දැන්වීම ඛේමාවට සත්‍ය අවබෝධ කර දුන්නා.
බටහිර ලෝකයේ බොහෝ දෙනාගේ සිතිවිල්ල වනුයේ දැන්වීම් කලාව නැතිනම්
දැන්වීම් මාධ්‍යය ඔවුන්ට හිමි දෙයක් ලෙසයි. එහෙත් දැන්වීම් කලාව
පළමුවෙන්ම ගෙන හැර දක්වා ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින්. අද දැන්වීම්
කලාව ප්‍රධානම වාණිජ අංශයක් බවට පත්වෙලා. එහි සාරධර්ම, කරුණාව,
මෛත්‍රිය සත්‍යය අවබෝධය දක්නට නැති තරම්. අද අප මැනවින් සිතා බැලිය
යුත්තේ එයයි. විශේෂයෙන්ම තරුණ තරුණියන් දැන්වීම් පසුපස හඹා යෑම වැඩි වී
තිබෙන බව පෙනෙනවා. එමෙන්ම දැන්වීම් අනුකරණ සහ දැන්වීම් සඳහා පෙනී
සිටීමටත් ඔවුන් කටයුතු කරනවා.
එහෙත් අපේ සාරධර්ම සංස්කෘතිය ඇතැම් දැන්වීම් නිසා විනාශ වී යන බව අපේ
දූ පුතුන් දන්නේ නැහැ. මෙය සැබැවින්ම කනගාටුදායකයි.
දැන්වීමකින් සිදුවිය යුත්තේ සත්‍යාවබෝධය ලබා දීමට මඟ හදා දීමයි. ඒ සඳහා
අත්වැලක් සැපයීමයි. එහෙත් අද තම නිෂ්පාදන කුමන හෝ ක්‍රමයකින් අලෙවි කර
ගැනීමට අවශ්‍ය මාධ්‍යය ලෙස දැන්වීම් මුල් බැස ගෙන තිබෙනවා. බුදුරජාණන්
වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට ලබාදුන් අවවාදය සලකා බලන්න.
‘රජෝ හරණං රජෝ හරණං ‘ සුදු වස්ත්‍රය අතින් පිරිමදිමින් එසේ කියු විට එය
කිළිටි වුණා. සත්‍යාවබෝධය ලබා ගන්නට චුල්ල පන්ථක තෙරුන්ට ඉවහල් වූයේ
එයයි.
කිසාගෝතමියට කිසිවකු නොමළ නිවසකින් අබ සොයා ගෙන එන ලෙස දැන්වූයේ ඇයි?
ඇයට එයින්ම සත්‍ය අවබෝධ වන නිසයි.
පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරනු ලබන අප ජීවත්විය යුත්තේ ඊට අනුගතවයි.
එහෙයින් වගකීමක් දැරිය හැකි කමිටුවක් මඟින් හෝ මේ දැන්වීම් අධීක්ෂණය කළ
යුතුවේ. මව, පියා හා දරුවන් එක්ව නැරැඹීමට නොහැකි දැන්වීම් අද දැක
ගැනීමට තිබේ. අද සාරධර්ම අගයන මව්පියන්ට සලකනු ලබන සමාජයක් ගොඩ නගන්නේ
කෙසේද?
දරුවන්ට සදාචාර ලෙසින් ආහාර ගන්නා ලෙස පුරුදු කළ හැකිද?
මව්පියන්ට වැඩිහිටියන්ට සැලකීමට පුරුදු කළ හැකි ද?
පංචශීලයට තරුණ පරපුර අනුගත කළ හැකිද?
මේ සියල්ල අප සිතා බැලිය යුතුය.
අපේ ඇතැම් නම ගිය පුද්ගලයන් මේ දැන්වීම් කලාව හමුවේ වාණිජකරණය වී තිබීම
සැබැවින්ම කනගාටුදායකයි.
දැන්වීමකින් නිවැරැදි පණිවුඩයක් ලබාදීමක් විනා සමාජයට අහිතකර කිසිවක්
ලබා නොදිය යුතුය.
දැන්වීම් සඳහා තම දූ දරුවන් ඉදිරිපත් කරනු ලබන මව්වරුන් මෙන්ම ඒ සඳහා
ඉදිරිපත් වන තරුණ දූ දරුවන්ද තම චරිතය ගැන සිතා බැලිය යුතුය. සියල්ල
මුදලට කළ හැකිය යන වැරැදි ආකල්පයෙන් මිථ්‍යා දෘෂ්ටියෙන් අප ඉවත් විය
යුතුය.
යහපත් සමාජයක් ගොඩ නැංවීමට නම් සැමවිටම සමාජය වෙත සත්‍ය පණිවුඩයම යා
යුතුය. එසේ නොමැතිව භාණ්ඩ අලෙවියට පමණක්ම දැන්වීම් කලාව යොදාගතහොත්
අපගේ තරුණ පරපුර ඕනෑම මුසාවාදයක් මගින් තම අවශ්‍යතා ඉටු කරගැනීමට
උත්සුක වනු ඇත. එය සම්බුද්ධත්ව ජයන්තිය සමරන බෞද්ධ රටකට සුදුසු දැයි අප
කල්පනා කළ යුතුය.
සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර |