UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර අටවක 2012.03.30

සැබෑ සතුටේ මිල කීය ද?

කෙනෙකු ලද දෙයින් සතුටු විය හැකි ජීවිතයක් ගත කරන්නේ නම් ඒ ජීවිතය හරිම සැහැල්ලු ය. එසේ නොවුනු කල මහත් වූ ගැටලු රාශියකට මුහුණ පාන්නට සිදුවන්නේ ය. සතුට මිල මුදලට ම තක්සේරු කිරීමට හැකි නොවේ. එමෙන්ම සතුට මිල මුදලට ගත හැකි දෙයක් ද නොවේ.

සීමා රහිත අසීමිත අපේක්‍ෂාවන් මුදුන් පත් කර ගැනීමට මනුෂ්‍යයා විවිධාකාරයෙන් උත්සාහ කරනු බව පෙනේ. එහෙත් තම බලාපොරොත්තු, අපේක්‍ෂා, අරමුණු ඉටු කර ගැනීමේ දී එය සාධාරණ හා යුක්ති සහගත ලෙසම ඉටු කර ගැනීමට වග බලා ගත යුතු වේ.

සාධාරණ වු ජීවිතයක් පවත්වා ගෙන යාමට නම් අධර්මයෙන් ඈත් විය යුතු ය. මෙ ලොවට බිහි වන මනුෂ්‍යයා ජීවත්වීමට පි‍්‍රයතාවයක් දක්වනු ලැබේ. අප කිසිවකු අකාලයේ මියැදෙන්නට අපේක්‍ෂා නොකරනුයේ ජීවත්වීමට ඇති කැමැත්ත නිසා ය.

එහෙත් අවාසනාවනකට මෙන් කෙනකු තවත් කෙනකුට ජීවත්වීමට තිබෙන අයිතිය පැහැර ගන්නේ නම්, අහිමි කරන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැක.

අසීමිත ආශාවන් පසු පස හඹායන මිනිසා සාධාරණත්වයෙන් තොර වූ අයථා ක්‍රම මගින් මුදල් ඉපයීමට ද පෙළඹේ.

එසේ මුදල් ඉපයීමේ දී කෙනකුට ජීවත්වීමට තිබෙන අයිතිය පවා උදුරා ගෙන තම අපේක්‍ෂා මුදුන් පත් කර ගැනීමට උත්සාහ කරන්නේ නම් එය ශිෂ්ට සම්පන්න සමාජය අනුමත නොකරන්නකි.

බෞද්ධයන් වූ ගිහි අපගේ නිති සිල් පන්සිල් ය. ඒ නිත්‍ය ශීලය ආරක්‍ෂා කිරීම බෞද්ධ සමාජයට පමණක් නොව ලෝකයේ කවර රටක කවර තරාතිරමක සමාජයකට වුවද උදාකර දෙනුයේ ඉතා යහපත් වූ ප්‍රතිඵල සමුදායකි.

ප්‍රාණඝාතයෙන් ඈත් වී කෙනකුට ජීවත්විය හැකි නම් ඒ තැනැත්තාට මෙන්ම සමාජයට බියක් සැකයක් ඇති නොවේ. එපමණක් නොව ප්‍රාණ ඝාතයට යොමු වන තැනැත්තා ජීවත් වූවත් එසේ ජීවත් වන්නේ මොහොතක් පාසා මැරි මැරී ඉපදීමෙනි. ඔහු මෙලොව වශයෙන් කවර අවස්ථාවක දී හෝ රටේ පවතින නීතියේ රැහැනට හසු වේදෝ යි යන බිය සැක නිසා ඔහු තම චිත්ත සන්තානයෙන් හැම විට පසු තැවිල්ලට පත්ව මහත් අසහනයෙන් පෙළෙයි.

ලද දෙයින් සතුටු විය හැකි ජීවිතයක් ගත කිරීමට පුරුදු නොවීමෙන් අනුන් සතු දේ සොර සිතින් ගැනීමට, වංචාවෙන් ගැනීමට දරනුයේ මහත් උත්සාහයකි. ඒ පන්සිල් හි දැක්වෙන දෙවන සිල් පදය ආරක්‍ෂා නොකිරීමකි.

අනුන් සතු දේ පැහැර ගැනීමෙන් හෝ සොරකම් කිරීමෙන් තමාට ධනවතකු විය හැකි ද? එමෙන්ම හිතේ සතුටෙන් ජීවිතය ගත කළ හැකි ද?

එසේ සිතා සොරකම් කරන පුද්ගලයා රටේ පවතින නීතියේ රැහැණට හසු වී සිර ගෙවල්වල දුක් විඳීමටත්, එමෙන්ම ඔහු සොරෙකු යැයි රටේ අපකීර්තියක් ලැබීමෙන් පිළිගත් සමාජ සම්මතයෙන් බැහැර කරන්නකු බවට ද පත් වේ. සොරකම් කරන තැනැත්තාට මෙන්ම ඕනෑම අපරාධයක් කරන තැනැත්තාට පවතින තීනියේ රැහැනෙන් මිදී ජීවත්වීමට අවස්ථාව නොලැබේ.

පසුගිය කාලයේ රටේ විවිධ පළාත්වල සිදු වූ මිනීමැරුම්, මංකොල්ලකෑම් වාර්තාවීමේ දී එම මිනීමැරුම්, මංකොල්ලකෑම් කළ සැකකරුවන්ට නීතියේ රැහැනින් මිදී ජීවත්වීමට නොහැකි වූයේ එබඳු අපරාධ පරීක්‍ෂා කිරීමෙන් නිසි අපරාධකරුවන් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බැවිනි.

ඉතා දක්‍ෂ නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පොලීසියට අපගේ ප්‍රණාමය හිමිවිය යුත්තේ දිවි පරදුවට තබමින් සමාජයේ යහපැවැත්මට බාධක වන අපරාධ වලට සම්බන්ධ සැක කරුවන් ලුහුබැඳ ඔවුන් නීතියේ රැහැනට කොටු කර ගන්නා බැවිනි.

ඉකුත් දා කෝට්ටේ රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඝාතනය කළ සැකකරුවන් ද ඉතා කඩිනමින් අත් අඩංගුවට පත් විය.

මෙසේ බලන විට අපරාධයත්, මංකොල්ලකෑමත්, මිනීමැරීමත් ආදී කවර හෝ සමාජ අසාධාරණයක් අයහපතක් කිරීමේ දී එය කිරීමට පෙළඹෙන අපරාධකරුවන් කරන අපරාධය නිසා නීතියේ රැහැනෙන් මිදී සිටීමට නොහැකි බව මොහොතකට හෝ මෙනෙහි කරන්නේ නම් කවරදාකවත් එවන් අපරාධයකට නොපෙළඹෙනු ඇත.

සාදතනික වූ සත්‍යය මත පිහිටා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් බුදු දහම අනුව තම ජීවිත පැවැත්ම සකසා ගන්නේ නම් සියලු සතත්ත්වයන්ට සමාදානයෙන් සැනසිල්ලෙන් සතුටෙන් ජීවිත ගත කළ හැක. එවන් වූ ආදර්ශවත් ගුණ ගරුක දිවි මඟට පිවිසීමට අපි සැම අධිෂ්ඨාන කර ගනිමු.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]