ඇහැලියගොඩ
			ශ්‍රී නාගරුක්ඛාරාම
			මහා විහාරය 
			සටහන සහ සේයා රූ 
			නිමල් විජයතුංග 
			(ඇහැලියගොඩ විශේෂ)  
			 
				
					| 
					 
					  
			විහාරස්ථානයේ දසුනක්  | 
				 
			 
			
			සබරගමු පළාතේ බොදු බැතිය, දෙව් බැතිය ඔප් නංවන සමනොළ හිමඅරණේ සිරිපා 
			පියුම, රුවන්පුර මහ සමන් දෙවොල මෙන්ම කරන්ගොඩ පොත්ගුල් විහාරය වැනි 
			පුදබිම් අතර පළාතේ විශාලතම චෛත්‍යයට උරුමකම් කියන ඇහැලියගොඩ විලේගොඩ 
			ශ්‍රී නාගරුක්ඛාරාම මහා විහාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොදු දන මන 
			නෙත පිනවන රමණීය වූ පුද බිමකි. 
				
					
						| 
						 
						  
			තායිලන්තයෙන් 
			වැඩම කරවන ලද 
			රන් ආලේපිත 
			බුද්ධ ප්‍රතිමාව  | 
					 
				 
			 
			
			ඇහැලියගොඩ නගරයේ සිට කිලෝ මීටර් දෙකක් තරම් නුදුරින් පිහිටි විලේගොඩ 
			ග්‍රාමයේ අක්කර භාගයක පමණ බිම් කඩක් වසා පැතිර ගත් විහාරස්ථානය 
			සැබැවින්ම නෙතට රසඳුනක් නිසාදෝ වෙසක්, පොසොන් මෙන්ම වෙනත් පොහෝ 
			දිනයන්හි දී ද මෙහි පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව සුළුපටු නොවේ. 
			ප්‍රදේශයේ නම දිනූ පරිත්‍යාගශීලි බෞද්ධ යුවළක් වන අභාවප්‍රාප්ත විලේගොඩ 
			මැණික් වෙළඳ ව්‍යාපාරික පී.එස්. විජේනායක මහාතගේ සහ ලීලාවති විජේනායක 
			මහත්මියගේ ධන පරිත්‍යාගයන් මත ඉදි වූ මෙම විහාර ස්ථානය වරක් නැරඹූ 
			කෙනෙකුට යළි යළිත් නැරඹීමේ සිතක් පහළවීම ස්වාභාවික ය. 
			ඉන්දීය සම්ප්‍රදාය අනුව ඉදි කැරුණු තොරණ , නුබ කුස සිප ගන්නා චෛත්‍ය 
			රාජයා ඇති විසිතුරු මූර්ති සහ චිත්‍ර කර්මාන්තයක් සහිත විහාර මන්දිරය , 
			සුවිසල් ධර්ම ශාලාව මෙන්ම අභිනවයෙන් ඉදි කැරුණු චිත්තාකර්ශණීය පොහොය 
			ගෙයකින් ද මෙම විහාර ස්ථානය සමන්විත වේ. 
				
					| 
					 
					  
			විහාරාධිපති
			මාරපන හේමානන්ද හිමි  | 
				 
			 
			
			මෙම ප්‍රදේශයේ දරුවනට දහම කියා දෙන ක්‍රියාශීලි දහම් පාසලක් ද කුලඟන 
			සමිතිය ද වෙනත් පොදු සමිති සමාගම් ද ක්‍රියාත්මක වේ. 
			ඉකුත් දා මැලේසියාවට වැඩම කළ ඇහැලියගොඩ ශ්‍රී නාගරුක්ඛාරාම මහා 
			විහාරාධිපති මාරපන හේමානන්ද හිමිපාණන් වෙත එරට දෑහිතකාමී බොදුනුවකු 
			විසින් පරිත්‍යාග කරන ලද ටොන් තුන හමාරක් බරැති ,අඩි පහක් පමණ උසැති 
			කිරි ගරුඬ පාෂාණයෙන් නිමවන ලද හිඳි බුදුපිළිම වහන්සේ එරටින් පැමිණි 
			බෞද්ධ පිරිසක් විසින් ඉකුත්දා ඇහැලියගොඩ නාගරුක්ඛාරාම මහා විහාරයේ දී 
			විහාරාධිපති හිමියන් වෙත භාර දීම සිදු විණ. 
  
				
					
						
						  
			චෛත්‍ය රාජයාණන් වහන්සේ | 
						
						  
			අභිනවයෙන් ඉදිකළ පොහොය ගෙය | 
					 
				 
			 
			
			මෙම විහාරස්ථානය උඩරට නැටුම් ශිල්පීන්ට “වෙසබැඳීම “ මංගල්‍යය පැවැත්වෙන 
			ආකර්ෂණීය ස්ථානයක් බවට ද පත් වී තිබේ. 
			 
			 
			  
			 
			  
			 
			 
			 
			  
			 
			   |