| 
			 
			  
			81 වන කොටස බණ්ඩාර මඩුගල්ලේ 
			346. 
			ඒතං දළ්හං බන්ධනමානු ධීරා 
			  
			ඕහාරිනං සිථිලං දුප්පමුඤ්චං 
			එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති  
			අනපෙක්ඛිනො කාම සුඛං පහාය 
			නැනැත්තෝ තණ්හාව, අපා මග සේ දකිති  
			ඉන් බැහැර වනු පිණිස පැවිද්දට නැඹුරු වෙති. 
			නැණැත්තෝ වරද දැනගත් වහා ඉන් බැහැර වනු පිණිස සුදුසු මඟකට හැරෙති. 
			347. 
			යෙ රාග රත්නානුපතන්ති සොතං  
			සයං කතං මක්කටකොව ජාලං 
			එතම්පි ඡෙත්වාන වඡන්ති ධීරා  
			අනපෙක්ඛිතෝ පබ්බ දුක්ඛං පහාය 
			තමාගේ දැලේ මැද, සිටින මකුළුවා මෙන්, මෝඩයා කාමයට, මැදිව කාලය ගෙවයි. 
			නැණැත්තා මේ කාම දැලේ හැටි සුබා දැන, ඉන් බැහැර වනු පිණිස නිවන් මග 
			වෙත හැරෙයි. 
			කාමයෙන් විපත් සිදු වන්නේ ය. ඒ නිසා මඳින් මඳ ඉන් බැහැර විය යුතු ය. 
			348. 
			මුඤ්ච පුරෙ මුඤ්ච පච්ඡතො  
			මජ්ෙක්‍ඩ් මුඤ්ච භවස්ස පාරගු 
			සබ්බත්ථ විමුත්ත මානසො  
			න පුන ජාති ජරං උපෙහිසී 
			නුවණ ඇස මෙහෙයවා තුන් කල්හි නොදැවටී, නැවත ඉපදෙන සසර බැමිවලින් 
			වෙන්වන්න. 
			ජීවිතය සරුසාර වන්නට නම් වුවමනා නැති දෙයින් ඉවත් විය යුත්තේ ය. 
			346  
			විතක්ක පමථිතස්ස ජන්තුනො 
			තිබ්බරාගස්ස සුභානුපස්සිනෝ 
			භිය්‍යො තණ්හා පවඩ්ඨති  
			එස ඛො දළ්හං කරොති බන්ධනං 
			ඇතැම් අය කාමයේ ගිලීගෙන දවසරිති අන්තිමේ ඔහු සසර දුක් වළක ගිලී යයි. 
			සැනසිල්ල, ලබාගනු කැමැති නම් කිසිවකට අසීමිත ලෙසින් ලැදි නොවිය යුතු. 
			 
			මතු සම්බන්ධයි, 
			 
			  
			 
			   |