UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඛන්‍ධ පිරිත

සබ්බාසිවිසජාතිනං
දිබ්බමන්තාගදං විය
යං නාසෙසී විසං ඝොරං
සෙසං චාපි පරිස්ස යං
ආණක්ඛෙත්තමහි
සබ්බත්‍ථ සබ්බදා සබ්බපාණි නං
සබ්බසොපි විනාසෙති,
පරිත්තං තං භණාමහෙ

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන, සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දටෙඨා කාලකතො හොති. අථ ඛො සමබහුලා භික්ඛු. යෙන භගවා තෙනූපසංකමිංසු, උප සංකමිත්වා. භගවන්තං අභිවාදෙත්වා, එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචූං. ඉධ භන්තේ සාවත්ථි යං අඤ්ඤතරො භික්ඛු අහිනා දිට්ඨෙ කාලකතො. ති නහ නූන සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන එරී. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු චත්තාරී අභි රාජකුලානි මෙත්තේන චිත්තේන එරෙය්‍ය. න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨෙ කාලං කරෙය්‍ය - කතමානි, චත්තාරි අහිරාජකුලානි - විරුක්පක්ඛං අහිරාජකුලං - එරාපථං, අහිරාජකුලං ඡබ්බ්‍යාපුත්තං, අහිරාජකුලං- කණහාගොතමකං, අහිරාජකුලං - නහ නූන සො, භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තෙන එරි - සචෙහි සො භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජනකුලානි- මෙත්තේන චිත්තෙන එරෙය්‍ය, නහිසො භික්ඛවෙ භික්ඛූ - අහිනා දට්ඨෙ කාලංකරෙය්‍ය - අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි - මෙත්තේන චිත්තේන එරිතුං - අත්තගුත්තියා, අත්තරකඛාය අත්තපරිත්තයාති ඉදමමොච භගවා - ඉදං වත්වා සුගතො අථාපරං ඒතදවොච සත්‍ථා -

විරූපකේඛහි මෙ මෙත්තං , මෙත්තං එරාපථෙහි මෙ – ඡබ්බ්‍යාපුත්තේහි මෙ මෙත්තං, මෙත්තං කණහාගොතම කෙහි ච. අපාදකෙ හි මෙ මෙත්තං, මෙත්තං දිපාදකෙහි මෙ – චතුප්පදෙහි මෙ මෙත්ත මෙත්තං බහුප්පදෙහි මෙ – මා මං අපාදකො හිංසි, මා මං හිංසි දිපාදකො - මාමං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො - සබ්බෙ සත්තා, සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා - සබ්බේ භද්‍රානි පස්සන්තු මා කඤචි පාපමාගමා - අප්පමාණො බුද්ධෝ - අප්පමාණො ධම්මො - අප්පමාණො සංඝෝ පමාණවන්තාති සිරිංසපානි, අහි විචඡිකා සතපදි උණ්ණානාභි- සරබූ මූසිකා , කතා මෙ රක්ඛා, කතා මෙ පරිත්තා - පටික්කමන්තු භූතානි, සො හං නමො භගවතො, නමො සත්තාන්නං සම්මා සම්බුද්ධානන්ති

ඛන්‍ධ පරිත්ත සූත්‍ර භාව සන්නය

මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. හේ කෙසේද, එක් කාලයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් ලද අනේපිඬු මහසිටුන් ආරම්භි වැඩ වාසයක කරන සේක. එසමයෙහි දී සැවැත් නුවර එක්තරා භික්ෂූ කෙනෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය කළේ වේ.

එකල්හි බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැද එකත් පසෙක වැඩ උන්නාහුව එකත් පසෙකම උන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළාහුය. ඒ කෙසේද? ස්වාමින් වහන්ස, මේ සැවැත්නුවර එක් භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ඨ කරන ලදුව කලුරිය කළේය කියායි.

මහණෙනි, ඒ කලුරිය කළ මහණ තෙම මේ සිව් සර්ප කුලයත් මෙත් සිතත් නො පැතිර විය. මහණෙනි ඉදින් ඒ මහණතෙම සතර නාරදි කුලයත් මෙත් සිතින් පහළ වී නම් මහණෙනි ඒ මහණතෙම නාරදහු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය නො කරන්නේ ය. ඒ සිව්සස් රාජ කුලයෝ කවරහුද? යත් විරූපාක්ෂ නම් සර්පරාජ කුලය ඒරාවත නම් සර්පරාජ කුලය ඡභ්‍යා පුත්ත නම් සර්පරාජ කුලය කණ්හා ගෝතවක නම් සර්පරාජ කුලය යන මොහු ය.

මහණෙනි, ඒ මහණ තෙම ඒකාන්තයෙන් මේ සප්රජ කුලයත් මෙත් සිතින් නො පැතිර විය. මහණෙනි ඉදින්ඒ මහණතෙම මේ සිව් සර්ප රාජ කුලයන් මෙත්සිත් පැතිර වූයේය.

මහණෙනි ඒ මහණතෙම නාරද වියන් ඔතන ලද්දේ කලුරිය නො කරන්නේ ය. මහණෙනි තමහට ආවරණය පිණිසද තමනට ආරක්ෂා පිණිසද තමන්හට මෙත් පිරිත් පිණිසද මේ සජ් සර්ප රාජ කුලයත් මෙත් සිතින් මතුරුවන්නට අනුදමිනි හෙවත් නියම කරමි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක.

සුගත නම් ලද ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත මතු මත්තෙහි ‘විරූපක්ඛෙහි මේ මෙත්තං’ යනාදී මේ පරිත්‍රාණ ධර්මය දේශනා කර වදාළ සේක.

විරූපාක්ෂ නම් නාගකුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
එරාපත නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
ඡබ්‍යා පුත්ත නම් නාග කුලයට මාගේ මෛත්‍රිය වේවා.
කන්හාක ගෝතමක නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා

මෙසේ මේ සිව් නාග කුලයන් දක්වා සාමාන්‍යයෙන් මෛත්‍රි භාවනාව දක්වන්නහුට පා රහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, දෙපා සහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, සිව් පා සතුන් හා සමග මාගේ මෛත්‍රිය වේවා, බොහෝ පා ඇති සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා.

මෙසේ මෛත්‍රි භාවනාවෙහි ස්වරූපය දක්වා දැන් භාවනා වශයෙන් රක්ෂා විධිය දක්වන්නාහු, පා නැත්තා වූ සත්වයෙක් මා නොපොළවා- දෙපා සහිත වූ සත්ත්වයෙක් මා නොපොළාවා, සතරපාද ඇත්තා වූ සත්වයෙක් හෝ බොහෝ පා ඇත්තාවූද සත්වයෝ මා නො පොළාවා සියලු සත්වහුද, සියලු ප්‍රානීහුද සියලු භූතයෝ ද යන මේ සියල්ලෝ යහපත් කාරණයන් දකිත්වා, ඒ කිසි පුද්ගලයෙකුට දුකක් කරදරයක් නො පැමිණේවා, බුදු ගුණය ක්ලෙසාදිය නැති බැවින් පමණ නැත්තේ ය. දහම් ගුණය පමණ නැත්තේ ය.

සංඝ ගුණය පමණ නැත්තේ ය. දීඝ ජාති හුය සර්පයෝ ය. ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සිකනන්ලු ය, මීයෝ ය යන මොහු පමණ ඇත්තාහුය. මා විසින් ආරක්ෂා කරන ලද්දෝ ය. අභිත අදහස් ඇති සත්වයෝ පහ වෙත්වා ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. පෙර කාලයෙහි වූ විපස්සී ආදී සත් බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරමි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]